භයභෙරව සූත්‍ර දෙවනි part එක මම කරන්නේ. ඉතින් උතුම් බුදුපියවරු දාහතර නම ආදර ගෞරවයෙන් යුතුව සිහි කළා, වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව මම නැවතත් කළා. ඉතින් බොහෝ ම හොඳයි සමාධිය එතකොට. ඊට පස්සේ මේ ථීනමිද්ධය සහ පරියුට්ඨිතා කියන එක සිහි කළා. එතකොට මේ ථීනමිද්ධය කියන එක, දැන් අපි දන්නවා මිද්ධය කියන එක අර චේතනාවට පෙර තැනක. ථීනය කියන එක හරියට ම වැටෙනවා අර චේතනාවෙන් අර උඩ කතිරය තියෙනවා නේ. චේතනා, ඉදංසච්ච, පරාමාස, විඤ්ඤාණය, කැපෙන තැන හරියට ම ථීනය කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන අපි හිතන්න ඕනෙ මෙන්න මේ අපි මිද්ධයේ ඉඳන් චේතනාවට යන එක A කියලා කිව්වොත්, චේතනාවේ ඉඳන් ථීනයට යන එක B කියලා කිව්වොතින්, එතකොට විඤ්ඤාණය සෑදීමට පෙර මිද්ධ ස්වභාවයක් තියෙනවා. මේක මේ චෛතසිකවල මිද්ධ ස්වභාවය කියන එක තමයි අපි මේ කියන්නේ. සඤ්ඤාව මිද්ධයි. විඤ්ඤාණය හැදුවාට පස්සේ චිත්තයේ යම් අලසභාවයක් වෙනවා ද මේක ථීනය කියලා කියනවා. Sloth කියලා කියන්නේ ඒකයි. එතකොට මේක A සහ B වශයෙන් මේක සිතන්න. අන්න ඒක තමයි ථීනමිද්ධ පරියුට්ඨිතා කියලා කියන එක සිහි කරන්න ඕනෙ මේ විදිහට.
ඊළඟට උද්ධච්ච අවූපසන්තචිත්තා කියන එක මෙනෙහි කළා. උද්ධච්ච අවූපසන්තචිත්තා කියලා කිව්වහම අපි දන්නවා ඔය චේතනාවේ ඉඳන් ඉදංසච්චයට, විඤ්ඤාණයේ ඉඳන් පරාමාසයට, එතන කතිරය තියෙනවා. ඒ කතිරය කියන තැනට අපි කියන්නේ සංස්කාර කියලා නේ. එතකොට ඒක කියනවා පෙර උද්ධච්චය කියලා එතෙන්ට. ඊට පස්සේ පරාමාසයේ ඉඳන් මෝහ අගතියට, ඉදංසච්චයේ ඉඳන් භය අගතියට කතිරය කැපෙන තැන අපි, අර පරිදේව වූ සංස්කාර කියලා කිව්වේ. ආන්න ඒකට කියනවා පසුව ඇති වෙන්නේ අවූපසන්තචිත්තය කියන එක. එතකොට දැන් මෙතන උද්ධච්ච වූයේ කෙසේ ද? රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීම නිසා, මේ නිසා මේ පෙර සංස්කාර වූයේ ය. අවූපසන්තචිත්තය වූයේ කෙසේ ද? හදන ලද සංස්කාරය පෙර හා සමානව නොපවතියි. “රූපය ස්පර්ශ කරන ලද්දා වූ චිත්තයක, ජරාව නිසා ඇති වූ ව්‍යාධි ස්වභාවය ඇත.” අන්න ඒක තමයි අවූපසන්තචිත්තය කියලා කිව්වහම ඒ කියන්නේ unpeaceful in mind කියලා කියනවා. Unpeaceful in mind. එතකොට මේක චිත්තයේ peace එකක් නෑ. උද්ධච්චය කිව්වහම restlessness දැන් අපි දන්නවා නේ ඒක.
ඊළඟට කඞ්ඛී විචිකිච්ඡති. එතකොට කඞ්ඛී කියලා කිව්වහම uncertain කියලා කියනවා. විචිකිච්ඡති කිව්වහම doubt කියලා කියනවා. එතකොට දැන් අපි දන්නවා මේ භය අගතියේ ඉඳන් අර පරිදේවය තියෙන තැන. භය අගතිය ඉඳන් සෝකය කියන තැන අපි දන්නවා. එතකොට ඔන්න ඒ කඞ්ඛී කියන එක තියෙන්නේ ඔය භය අගතියේ ඉඳන් සෝකයට යන එකේ. විචිකිච්ඡාව කියන එක අපි දන්නවා මේ පරිදේවයයි භය අගතියයි අතරයි තියෙන්නේ කියන එක. එතකොට විඤ්ඤාණයේ ධාරාව පැවතීම සඳහා අපි අර h1, h2 කියලා මේවා කළේ. ඒක ඉතින් මෙතන විස්තර කරන්න ඕනේ ඒ භාවනාව සම්පූර්ණයෙන් ඒක කොහොම ද, මොන අවස්ථාවේ ද, හැම අවස්ථාවේ දී ම මේක ථීනමිද්ධ අවස්ථාවේ දී මේක flow වෙනවා කියන එක විස්තර කරන්න ඕනෙ.
කඞ්ඛී වූයේ කුමක් නිසා ද? පරිදේව වූ සංස්කාරය නැවත සෑදිය හැකි ද? සෝක නොවන්නේ ද? කියන ප්‍රශ්නය තියෙනවා. විචිකිච්ඡා වූයේ කුමක් නිසා ද? සාදන ලද විඤ්ඤාණය නැවත මිය නොයන්නේ ද? එය පරිදේව නොවන්නේ ද? කියන එකයි. ඒ කියන්නේ දැන් මෙතෙන්දි බලනකොට ධර්මය බලන්න ඕනෙ මෙතනින් උඩට ගිහිල්ලා අර මුළු රවුම ම හැදිලා එන එක. මේ මුළු, diamond එක නේ මේ කතා කරන්නේ. එතකොට මේ සෝකයේ ඉඳන් ගිහිල්ලා උඩින් හැදිලා එන එක ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ඒ විදිහට ඒක යන්න ඕනෙ කියන එක තියෙනවා. එතකොට දැන් අපි ඒ කෑල්ල ඉගෙන ගත්තා.
ඊළඟට තියෙන්නේ අත්තුක්කංසකො පරවම්භී කියන එක තියෙනවා. අත්තුක්කංසකො පරවම්භී කියලා කිව්වහම, අත්තුක්කංසකො කියලා කිව්වහම තමන්ව උසස් කරනවා නේ. අත්තුක්කංසකො කියන එක අපි ඉගෙන ගත්තා. පරවම්භී කියලා කියන්නේ අනිත් අයව ගරහනවා කියන එක. එතකොට අපි දන්නවා මේ භය අගතියේ ඉඳන් දැන් තියෙනවා පොඩි triangle එකක්. අහංනුයි මමංනුයි හැංගිලා ඉන්න තැන. භය අගතිය, වම් අත පැත්තේ සෝකය, පරාමාසය, පරාමාසයේ ඉඳන් මෙතන්ට එනවා පරිදේවයට කියන එක. එතකොට මෙන්න මේ triangle එකේ සෝකයේ ඉඳන් පරාමාසයට යන එක අත්තුක්කංසකො. එතකොට ඒක දික් කරෝතින් අර විඤ්ඤාණයට තමයි යන්නේ. පරවම්භී කියලා කිව්වහම එතන ඇවිල්ලා මේ මේ පැත්තට යන්නා වූ කෑල්ල. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් අර පරිදේව වූ කතාවට යන්නා වූ තියන තැන තමයි ඒක තියෙන්නේ. කොහොම ද අත්තුක්කංස කියන්නේ? මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදනවා, සංස්කාර නොබිඳේ කියලා එයා කියනවා, මං හදන එක. පරවම්භී කියලා කියන්නේ ඔබ හදන විඤ්ඤාණය නැවතත් සඤ්ඤාව භාවිතා කර සෑදිය යුතුයි, යනුවෙන් මෝහ වන්නේ ය. ආන්න ඒක තමයි පරවම්භී කියලා කියන්නේ.
ඡම්භී, භීරුකජාතිකා. එතකොට ඡම්භී කියලා කිව්වහම panic කියලා කියනවා. භීරුකජාතිකා කියලා කිව්වහම terror. Panic and terror. දැන් අපි හිතමු terrorist කෙනෙක් ඇවිල්ලා මොකක් හරි කරන්න හදනකොට මිනිස්සු panic වෙනවා. ඊට පස්සේ ඉතින් මරාවි කියලා මේවා එක තියෙනවා. ඒක එන්නේ අර අහංනුයි මමංනුයි හැංගිලා ඉන්නා වූ මේක තියෙනවා නේ. දැන් අපි diamond එකක් ගන්නවා නේ පොඩි diamond එක. භය අගතිය, සෝකය, පරාමාසය, පරිදේවය. ඒකේ උඩ කෑල්ල. සෝකය පරාමාසය පරිදේවය කියන උඩ කෑල්ල ඡම්භී. මේ යට කෑල්ල භීරුකජාතිකා. ඒ කියන්නේ පරිදේවය, භය අගතිය, සෝකය කියන එක. ඡම්භී වූයේ ඇයි? අහං සහ මමං එකට සිටී ද? අහං විසින් හදන ලද ඇස මම නිවැරදිව භාවිතා කරන්නේ ද? කියන එකයි. භීරුකජාතිකා වූයේ ඇයි? සැක ඇත්තා වූ මම, බිය ඇත්තා වූ මම, කඞ්ඛී ඇත්තා වූ මම, නැවතත් ජීවිතයක් ලබාවි ද? ලැබුණත් පවතී ද?
ආන්න ඒක තමයි ඒ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්