Date: 07/09/2014 Name: Bhayabharava sutta part3

ඒ භයභෙරව සූත්‍ර තුන් වෙනි කොටස. ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, දාහතර නම.

ඊයේ භාවනාවේ අවසාන කොටස් දෙක මම නැවතත් මෙනෙහි කළා. ඉතින් ඒ දෙක මෙනෙහි කළහම, ඒ කියන්නේ අර අත්තුක්කංසකො, පරවම්භී, ඡම්භී, භීරුකජාතිකා කියන කොටස් දෙක මෙනෙහි කළා. ඊට පස්සේ ඉතින් ඒකේ සමාධිය බොහොම උග්‍ර වුණා.

දැන් මෙතෙන්දි කල්පනා කරන්න ගත්තා ලාභ සත්කාර සිලොකං කියන එක. ඒ කියන්නේ අර ලාභය, සත්කාර, කීර්තිය ඒවාට තියෙනවා නේ. ඊළඟට නිකාමයමානා කියන එක. නිකාමයමානා කියලා කිව්වහම ඒ කියන්නේ තණ්හාව වීමට ඇති කැමැත්ත කියන එක එතන තියෙන්නේ. දැන් මට මෙතෙන්දි පේනවා මේ භය අගතියේ ඉඳන් මේ, මෙතන කූඤ්ඤේ තියෙන තැන ඉඳන් දෙපැත්තට මේක දික් කළහම වෙන එක තමයි මේ පෙන්නන්නේ ඊළඟට. ඒ කියන්නේ මේ පැත්තට දික් කළොතින්, භය අගතියේ ඉඳන් අපි අර සෝකය හරහා දික් කළොතින් වේදනාවෙන් අපි යනවා නේ රූපය කළහම ගමන් කරනවා නේ. එතකොට අන්න ඒක රූපයට එක පැත්තකින් යනවා කියලා. අනෙක් පැත්තෙන් යනවා ඉදංසච්චයට යනවා කියන එක, එතකොට දැන් මේ ලාභ සත්කාර කතාවේදි තියෙන්නේ අර, මෙතන පේනවා area 1 එකයි අපි දන්නවා නේ area 3 එකයි කියන එක. ඒ කියන්නේ 1 එක නිසා 3 ඇති වෙන එක තියෙනවා. ලාභ සත්කාර කියන එක area 1 එක කියලා ගන්නවා. අර නිකාමයමානා කියන එක area 3 කියලා ගන්නවා. දැන් area 3 වල තියෙනවා වේදනා, චේතනා, පරාමාස. වේදනාවේ ඉඳන් චේතනාවට යනවා, චේතනාවෙන් පරාමාසයට යනවා කියන එක තියෙනවා. අන්න ඒක කොටස හැටියට ගන්නවා තණ්හාව. අපි දන්නවා නේ වේදනාවත් එක්ක තණ්හාව ලකුණු කරලා තියෙන්නේ. ඊළඟට වේදනාවේ ඉඳන් පරාමාසයට ඇදෙනවා කියන එක පෙන්නනවා තණ්හා වීමට ඇති කැමැත්ත, කියන එක හිතන්න ඕනෙයි කියන එක.

එතකොට ඊට පස්සේ දැන් කුසීත කියන එක, ඒක අපි භාවිතා කරනවා අර කොසජ්ජය හැටියට. කුසීතය කියන එක indolence කියලා තියෙන්නේ, ලකුණු කරලා තියෙන්නේ. හීන විරිය කියන එක විරිය අඩුකම කියන එක සිදු කරනවා, එතකොට ඒ විරිය නැතිකම කියන එක තියෙන්නේ අර කබලිංකාර ආහාරයයි වේදනාවයි අතර අපි දන්නවා නේ විරිය ලකුණු කරලා තියෙනවා කියලා. අන්න එතන අනෙක් පැත්තට යනවා විරිය නැතිකම ය කියන එක. එතකොට මෙතන මේ සඤ්ඤාව මගේ යැයි කියලා ගැනීමෙන් තමයි අපිට කොසජ්ජය කියන එක ඇති වෙන්නේ කියලා අපි දන්නවා ඒක. එතකොට මෙතෙන්දි අපි දන්නවා ඔය සඤ්ඤාව මුට්‌ඨස්‌සති, සඤ්ඤාව කියන එක ඒ line එක දිගට දික් කළොතින් අපි, රතු පාටට ඇඳලා තියෙන්නේ. ඒකේ අපි දන්නවා එතන sickness එක කියන තැනට තමයි ඒක එන්නේ කියලා. එතකොට ඒකයි අර මිද්ධයයි point එකයි යා කළහම අර කොසජ්ජය හරියට ම එතෙන්ට එනවා නේ. ඒ අපි දන්නවා නේ ඒ කොසජ්ජයයි, මිද්ධයයි, sickness එකයි එක ම line එකකට තියෙනවා කියන එක. එතකොට, රෝගී සඤ්ඤාව සහ මිද්ධය අතර කොසජ්ජය ඇති කියන බව අපි දන්නවා. කොසජ්ජය නැති කිරීම සඳහා සඤ්ඤාව මගේ යැයි නොගත යුතු ය කියන එක තියෙනවා.

එතකොට මුට්ඨස්සතිය කියන එක අපි දන්නවා ලකුණු කරලා තියෙන්නේ කොහෙද කියන එක. ඒ line එකේ ම යි මුට්ඨස්සතිය කියන එක ලකුණු කරලා තියෙන්නේ. සඤ්ඤාවේ ඉඳන් ඒ රෝගීභාවයට තියන එක තියෙන තැන. එතකොට මුට්ඨස්සතිය නිසා අපිට මේ වේදනා චේතනා සහ වේදනා පරාමාස වීමට ඉඩ කියන එක ලබා දෙනවා. වේදනාවෙන් චේතනාව, චේතනාවෙන් පරාමාසෙට අර area 3 එකේ අර උඩට ගිහිල්ලා එන්නා වූ කතාව. ඒ කියන්නේ ඒ තණ්හාව කියන එක ඇති වෙන කතාවට ඉඩ දෙනවා මුට්ඨස්සතිය කියන එක. අසම්පජානකාරී බව නිසා තණ්හාව නිසා දුක ඇති වන බව නොදනී. මේක නිසා මේක වෙනවා කියන එක එයා දන් නැතිකම කියන එක තියෙනවා. එතකොට ඒකත් අපි දන්නවා නේ අසම්පජානකාරීත්වය කියන එක ලකුණු කරලා තියෙනවා නේ කලින්. එතකොට අසමාහිතා කියලා කිව්වහම අර උද්ධච්චය නිසා ඇති වන ප්‍රතිඵලය අපි ඊයේ බැලුවා නේ දෙපැත්තෙන් ඇති වෙන කෑලි දෙක, ඒක බලන්න ඕනෙකම තියෙනවා.

එතකොට අර විභන්ත චිත්තා කිව්වහම ඕකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා scatterbrained කියලා. ඒ කියන්නේ වෙනස් වන රූපය නිසා මේක සිදු වන බව නොදන්නවා කියන එක තමයි ඒ විභන්ත චිත්තා කියන එකේ තියෙන්නේ. මෙතන මේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා සමාහිත බවක් නැති, මෙතන පේනවා අර උඩ කිව්ව එක නොදන්නා බව කියන එක. විභන්ත චිත්තා කියන.

දුප්පඤ්ඤා, එළමූගා කියලා දෙකක් තියෙනවා. දුප්පඤ්ඤා කිව්වහම අර ප්‍රඥාව නැතිකම කියන එක. එළමූගා කියලා කිව්වහම ඔය, නිකන් ඔය සම්පප්‍රලාප වාගේ දේවල් මනුස්සයෝ කියව කියව ඉන්නේ. කිසි තේරුමක් නැති වචන තමයි එතන එයා කතා කරන්නේ. අගයක් නැති දේවල් කියන ඒවා. එතකොට අපි දන්නවා මේ දුප්පඤ්ඤය කියන එක අපි මෙතනදි ඉගෙන ගන්නවා මේ චේතනාවයි ඉදංසච්චයයි අතර තියෙන පාර තියෙන්නේ, ථීනමිද්ධය එහෙම ලකුණු කරලා තියෙන පාර. ඒ ථීනය කියන එක ලකුණු කරලා තියෙන පාරේ තමයි ඒ දුප්පඤ්ඤය කියන එක උඩින් ලකුණු වෙන්න ඕනෙ. එතකොට දුප්පඤ්ඤය ඉදංසච්චයට යමක් ඇතුල් වන්නේ ද එය වැළැක්වීම කියන එක නොකරනවා. දුප්පඤ්ඤභාවය කියන එක. එතකොට මඟ හරිනවා, neglect කරනවා කියන එක තියෙනවා. එළමූගා කියලා කිව්වහම සම්පප්‍රලාප වීම නොවළකයි, එයට ඉඩ ලබා දෙයි කියලා කියනවා. එය ඉදංසච්චයට ඇතුල් වීමට ඉඩ හරිනවා කියන එක තියෙනවා.

ඉතින් මේක තමයි කරපු භාවනාව. ඉතින් මේක කළහම මහා, ඔළුව හරි විශාල බවට පත් වුණා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-12.jpg


S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-13.jpg


S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-14.jpg