Date: 08/09/2014 Name: පාරිසුද්ධ චිත්ත

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැන්දා.

වැඳලා ඉවර වෙලා මට ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියන එක මං කල්පනා කළා. මේ යම් ආකාර වූ කුඩා වූ දෝස සහගත සිතක් හෝ ඒ පැවතීමක් ගැන කියන එක මං හිතුවා. එහෙම කල්පනා කරලා ඊට පස්සේ මං කෙළින් ම මේ, මට හිතුණා මං ථීනමිද්ධයෙන් මේ භාවනාව පටන් ගන්නවා කියලා. එතකොට අර ථීනමිද්ධයේ අපි දන්නවා නේ අර A, B කියලා දෙකක් පෙන්නුවා නේ. අර මිද්ධ සහගත ඒ සඤ්ඤාවකින් තමයි අපිට චේතනාවට යන්නේ. ඊට පස්සේ ඒ චේතනාවට ගිහිල්ලා එතනින් අපි ථීනය කියන එක ඇති වෙනවා. එතකොට ඉතින් අපි, පටන් ගන්නකොට තියෙන්නේ අපේ අර මිද්ධ ස්වභාවයක්. ඒ අවසන් වෙනකොට මේ චිත්තයේ තියෙන්නේ ථීන ස්වභාවය. එතකොට ථීනමිද්ධ පරියුට්ඨිතා කියලා නේ කිව්වේ. ඒ කියන්නේ මේකේ ගැළපීමක් නැහැයි කියන එක මට ආවා.

ඉතින් දැන් මං මේ අවස්ථාව කල්පනා කළා, ථීනමිද්ධය කියන එක මේ අට වෙනි රවුමෙන් පස්සෙ නේ මෙතන ඇති වෙන්නේ. එතකොට නම වෙනි රවුම කියන එක මං බැලුවා මොකක් හරි ඒ පුද්ගලයෙක් දකිනකොට හරි කොහොම හරි ඇති වෙන්නා වූ අර ස්පර්ශය කියන එක, පළවෙනි එක. ඉතින් ඒකෙදි අර analysis එක මං බැලුවා අතන සඤ්ඤාව, ඒ චේතනාව, ඒ පරාමාසය triangle එකත් එක්ක. එතකොට දැන් මේ සඤ්ඤාවේ තිබිච්ච අගය, රහතන් වහන්සේ පෙන්නුවා නේ මෙතන මේ සඤ්ඤාව කියන එක, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීමක් තියෙනවා ද අභිජ්ඣාව. ඒ කියන්නේ පළවෙනි රවුම ඇතුළත ම අභිජ්ඣාව කියන එක තියෙනවා. එතකොට හටගත්තාට පස්සේ ඉතින් එහෙනම් අභිජ්ඣාව කියන එක තියෙනවා කියන එක එතන ආවා. ඊට පස්සේ මේක push කරනවා නේ අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සයෙන්. එතකොට මේක push කරාට පස්සේ අපි කිව්වා අර කාමේසු තිබ්‌බසාරාගො කියන එක ඔය කෑල්ල බැලුවා.

ඕක බැලුවාට පස්සේ මම කල්පනා කළා දැන් මේ, මේක මොකක් හරි එකක් මෙයා ගත්තා නම් මේ මනුස්සයාට තියෙන්නේ, දැන් ඊළඟට උද්ධච්ච ස්වභාවය ම යි ඉතින් ඇති වෙන්නේ. ඇයි මේක රෝගී කතාවක් තියෙන්නේ, එතකොට මේක, අර සංස්කාර දෙක සමථයකට පත් වෙන්නේ නෑ නේ, මොකක් හරි එකක් ගත්තා නම් ඒ මනුස්සයාගේ. එතකොට මෙතන උද්ධච්චයට මෙතන්ට ආවායින් පස්සේ මම කල්පනා කළා මේ මළ බැඳිච්ච යකඩ ඇණයක්, මලකඩ කාපු යකඩ ඇණයක් කවදාවත් පවත්වන්න පුළුවන්කමක් තියෙනවා ද? ඒක දිරනවා ඇරෙන්න වෙන දෙයක් ඇත්තේ නෑ නේ. එතකොට අර ජරාවට යනවා කියන එක මලකඩ ඇණෙන් ම තමයි මම භාවනාව කළේ. තනිකර මලකඩ කාපු ඇණේ කියන එක. මේක කවදාවත් කොච්චර කරත් සුද්ද කරලා අපි අන්තිමට, ගාල ගාලා සුද්ද කරලා මේවා කරලා ගත්තත් අරකෙ මලකඩ පාට හරි තියෙනවා මේකේ. ඉවරයක් වෙන්නේ නෑ. ඒක තව දිරනවා මිසක් ඕක කවදාවත් මේවා වෙන්නේ නෑ.

අන්න ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතේ, මොකක් හරි, මනුස්ස ජීවිතේ වේවා ඕනෙ ම භවයක් කියන එක ගත්තා නම් රූපය අල්ලගෙන කරා වූ දේ, මේක පවතින්නේ නැතෙයි කියන එක මේක එනවා. බොහෝ ම සැරට මේක එනවා සමාධිය අධික උග්‍රයි ඒ අවස්ථාව වෙනකොට.

එතන ඒ තත්වෙට ඇවිල්ලා දැන් මං උද්ධච්චය කියන එකත් ඔය විදිහට ම වගේ එතන කෙරිලා තියෙනවා. මේක නිසා මේ කිසීම එකක් ගැන ඕනෙ නැතෙයි කියන එක එනවා. ඒ කියන්නේ අර Saturn බලපු psychic power එකේ තියෙන්නා වූ ස්වභාවයවත් මොනවක්වත් ඕන්නෑ මේ මලකඩ කාපු එක මේක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. මේක මලකඩ කාලා නම් මේකෙන් ඇති වැඩක් නැහැයි කියන එක. ඒ පාර මං ඔන්න විචිකිච්ඡාවට ගියා.

ඉතින් විචිකිච්ඡාවෙදි අර කඞ්ඛී විචිකිච්ඡති කිව්වා නේ ඉතින් uncertainty කියන එක මං එතන බැලුවා. ඒ කියන්නේ අර පරිදේව වෙච්චි සංස්කාරය නැවත හදන්න පුළුවන් ද? මේ ජීවිතේ පවතී ද? කියන කතාව නේ තියෙන්නේ. එතකොට සෝක නොවන්නේ ද? ඕක තදින් එතන ඒ කතාව ආවා. ඉතින් ඊළඟට ආපහු කල්පනා කරන්න ගත්තා මේකේ අනිත් පැත්ත මේ විචිකිච්ඡාව කියන එක මොකද්ද කියන එක. විචිකිච්ඡාව කියන එක මම ඒ පැත්තට කල්පනා කරන්න හදනකොට අර, රහතන් වහන්සේ පෙන්නපු වචනය ම තමයි, ඉතින් ඕක බලන්න තියෙන්නේ පිටිපස්සට. නමුත් එතන මොකක්වත් සිතුවිල්ලක් එන්නේ නෑ. ඒ කියන්නේ සිත නතර වෙලා. හොඳට තේරෙනවා සිත නතර වෙලා දැන් මොකක්වත් දුවන්නේ නැතෙයි කියන එක, ඒක තදින් ම එනවා.

ඉතින් එතන අර විචිකිච්ඡාවේ අපි බැලුවේ මොකද්ද අර සාදන ලද විඤ්ඤාණය නැවත මිය නොයන්නේ ද? ඒ පරිදේව නොවන්නේ ද? කියන එකයි අපි ඒ බැලුවේ. එතකොට දැන් මේ සිත නතර වුණා කියන එක මං හොඳට තේරුණා. ඒ තත්වෙට හුඟක් පත්වෙලා තියෙනකොට ඉතින් ඒ, මට කල්පනා වුණේ අර ඊයේ අපි සාකච්ඡා කරපු ටික, අර කඞ්ඛී කිව්වහම ජීවත් වන්නේ ද කියලා කියන, ඒ කියන්නේ මලකඩ කාපු ඇණය ඉතින් පවතින්නේ ද කියන කතාව එතන ඒක තියෙනවා නේ ද කියන එකයි. එතකොට මේ, ඒ තත්වෙට මනස පත් වුණායින් පස්සේ ඉතින් ඔය diamond එක හොඳට මේවා වෙලා, ඉතින් රහතන් වහන්සේ කිව්වා “ඔබගේ සිත පාරිශුද්ධයි” කියලා ඒ අවස්ථාවේ දී, ඒ මනස පැවතිලා තිබෙන්නා වූ ස්වභාවය. ඉතින් එතනින් ඒ භාවනාව නැවැත්තුවා, ඇති කිව්වහම.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-03.jpg