ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ ය කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊට පස්සේ මම පංචනීවරණයන් යටපත් කරමි කියන තැනින් මං, එතනින් පටන් ගන්නෙයි කියලා අදහසක් දුන්නා. එතකොට ඒ පංචනීවරණයන් කියන ඒවා අපි දන්නවා ඒ කාමච්ඡන්දය කියන එක අපි දන්නවා අර area 1 කියන එක. ඉතින් ඒක නිසා area 6 ඇති වෙනවා කියන එක තියෙනවා නේ. ඒකත් එක්ක ම මට කෙළින් ම ආවේ මේ පංචනීවරණයන් නිසා ඇති වෙන්නේ තනිකර අවිද්‍යාව කියන එක.
එතකොට අවිද්‍යාව කියන එක ඇති වෙනවා කියන එක ඒක මං බැලුවා මෙතන මේ දුප්පඤ්ඤභාවය කියන එක මේ සූත්‍රයේ අවසානයට තියෙනවා, භයභෙරව සූත්‍රයේ. එතකොට ඒ දුප්පඤ්ඤභාවය කියන එකේදි අපි ඉඩ දෙනවා යම්කිසි දෙයක් ඉදංසච්චයට ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්න ඉඩ දෙනවා කියන එක තියෙනවා. එතකොට ඉදංසච්චයට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ මොනවද? දැන් මට තේරෙනවා ඉතින් අවිද්‍යාවයි දුප්පඤ්ඤභාවයයි අතර වෙනසකුත් තියෙනවා කියන එක. ඒක පාරවල් වශයෙන් ගත්තහම දෙපැත්තක තියෙන්නේ, ඉතින් එතනින් පේනවා මෙතන මේ දුප්පඤ්ඤභාවයේදි ඉඩ දීමක් තියෙනවා යම්කිසි දෙයක් ඇතුල් වෙන්න. මොනවද මේ ඇතුල් වෙන්නේ? මේ ඇතුල් වෙන්නේ අර, නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තියෙනවා නේ. අන්න ඒකට තමයි ඉඩ දෙන්නේ. දැන් අපි දන්නවා ඉතින් ථීනමිද්ධ සහගත ඒ සඤ්ඤාව ඉඩ දෙනවා කියන එකත් තියෙනවා. ඒකත් ඇතුල් වෙනවා එතෙන්ට. එතකොට මේක නාමකායේ පටිඝසම්‌ඵස්‌සයට තමයි මේ ඉඩ දීම කියන එක තියෙන්නේ එයා එනවායි කියන එක.
ඒ පාර එතෙන්දි මං කල්පනා කළා ඉතින් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය නොවෙන්න නම්, එහෙනම් අපි ස්පර්ශයක් වෙන්න දෙන්නේ නැතුව ඉන්න ඕනෙ. ස්පර්ශයක් වෙන්න දෙන්නැතුව ඉන්නවා නම් මේක කරගන්න පුළුවන් කියන එක. එතකොට දැන් අපි ඊයේ පෙරේදා භාවනාවලදි බලපු අර සඤ්ඤාව මගේ නොවෙන කතාව තියෙනවා භයභෙරව සූත්‍රයේ, අනිත් අතට දැන් රූපය ස්පර්ශ නොවෙන්න ඉඩ දෙන්න ඕනෙයි කියන එක තියෙනවා. ඉතින් හොඳ සමාධියක් සහිතව මං ඔතන හිටියා, මට ඔය buildings එහෙම දකින්න පටන් ගත්තා මං ඔය වෙලාවේ.
ඊට පස්සේ මම කල්පනා කළා මේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තියෙන තැනයි, දැන් ඔන්න අර ස්පර්ශය වෙන තැනයි. එතකොට මේකේ උඩින් එකක් තියෙනවා ස්පර්ශය, සඤ්ඤාව, නාමරූප. යටින් එකක් තියෙනවා ස්පර්ශය, වේදනාව, නාමරූප. එතකොට ඔන්න ඔය උඩ triangle එකයි යට triangle එකයි, උඩ එක කර්මය, යට එක තණ්හාව නේ ද කියන එක මම මේවා කළා. ඉතින් රහතන් වහන්සේගෙන් ඇහුවහම “ඒක එහෙම ම යි කියලා කියන්නේ නැතෙයි” කියන එක කිව්වා. ඉතින් නමුත් මට තේරෙනවා මේකේ එහෙම එකක් තියෙනවා කියන එක. ඒ පාර මං තව ටිකක් විමසලා බැලුවහම කර්මය තාම වෙලා නෑ මේ චේතනාවට පෙරයි මේක තියෙන්නේ. එතකොට මට තේරෙනවා එහෙනම් මේක උඩ කෑල්ල පෙර කර්මය, යට එක පෙර තණ්හාව කියලා. අන්න ඒ පාර මම එහෙම කියලා බලලා රහතන් වහන්සේගෙන් ඇහුවා ම කිව්වා “ඒක හරියි” කියලා. ඒ උඩ කෑල්ල පෙර කර්මය.
එතකොට දැන් මං කල්පනා කළා මේක කොහොම ද නැති වෙන්නේ? මේක නැති වෙන්නේ කොහොම ද, දැන් අලුතෙන් මං යමක් හදන්නේ නැත්තන්. දැන් ඒ කියන්නේ, ඔය කියන්නේ අර statement එකක් තියෙනවා නේ having gone down the present feeling, we are going down the former feeling කියලා, කියලා කතාවක් තියෙනවා. එතකොට මේ දැන් මේ මොහොතේ දී තිබෙන්නා වූ දේවල් ගැන මේ මොකක්වත් කරන්නේ නැති වෙන්න ඕනෙ.
එතකොට මට තේරුණා එහෙම වෙනවා නම් අර ඊයේ භාවනාවත් එක්ක, අර මලකඩ කාපු ඇණේ. මලකඩ කාපු ඇණේකට මොනවා හරි, ඒකෙන් හයි කරලා තියෙන දෙයක් තියෙනවා ද, ඒකට clips දාලා මේවා කරලා තියෙනවා ද, මේක මලකඩ කාලා හින්දා මේවායේ ගැලවිලා යනවා මේකත් එක්ක පවතින්නේ නැති ගතිය තියෙනවා නේ. ඒක පවතින්නේ නැතුව වගේ ම අර අලුතෙන් එකතු කරන්නෙ නැත්තන්, ඔය මලකඩ කාපු ඇණේට මම සාත්තු සප්පායම් කරන්නෙ නැත්තන් තව ඇණ ගහන්නෙ නැත්නම්, මේක ගැලවිලා යනවා කියන එක, ඒක ආවා.
ඉතින් ඒක ආවායින් පස්සේ එකපාරට ම ඉතින්, මම ඒක සිතට ආවා, එකපාරට ම මාව දැන් යනවා. Blank වෙලා යනවා මොකක්වත් නැතුව මට තේරුණා මොකක්වත් නැති අවස්ථාවක දී මං ඒක පත් වුණා කියලා. නිරෝධයක් වාගේ දෙයක් වුණා කියලා. මං කල්පනා කළා කොහොම ද ඒක වුණේ කියලා, මේක ගැන මෙහෙම මේවා වෙනකොට. ඉතින් අර මෙච්චර වෙලාත් අර හිත හිතා ඉඳලා තියෙන්නේ අර රහතන් වහන්සේලාගේ අර උදව්වෙන් තමයි අර රහතන් වහන්සේලා ඒ කරන දේ අත හැරපු ගමන් අර මගේ ස්වභාවය තත්වය කියන එක ඒකට ආවා. ඒක ඒකෙන් තමයි කියන එක මට තේරුණා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.