ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් ඉතින් මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අර ලෝභය නැති කරමි කියන අවස්ථාවේ දී මං බැලුවා මේ, එක වෙලාවකට පේනවා අර කොඩිය විදිහට බැලුවහම, ඊයේ බලපු පෙර තණ්හාවයි පෙර කර්මයයි කියන එක ඒ ලෝභ කියන area එකට කොඩිය කෑල්ලට වැටෙනවා. එතකොට ඒ කියන්නේ අර චේතනාවේ ඉඳන් වේදනාවට එනවා, අනිත් පැත්තෙන් යනවා නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා ඒ පැත්තට. එතකොට ඒ කෑල්ලට වැටෙනවා කියන එක තියෙනවා. ආයෙත් බැලුවහම මේ ස්පර්ශ ආහාර පැත්තෙන් ගත්තහම ඔය ටික වැටෙනවා ඔක්කොම අර ද්වේෂ කියන කොටසට. ඇයි වෙදනූපගං විඤ්ඤාණං තිට්ඨති කියලා ඒ විදිහට වෙනවා. ඉතින් ඒ අනුව ගත්තහම අපිට පේනවා ඒක ද්වේෂයට වැටෙනවා කියලා.
එතකොට ඊළඟට කල්පනා වෙනවා මේක මෝහයටත් වෙනවා, මොකද ථීනමිද්ධය කියන එක අපි මතක් කරන්නේ අතන ස්පර්ශයේ ඉඳන් වේදනාවට එන කෑල්ලෙදි, ඒක නිසා අර මෝහය කියන එක කැරකිලා එනවා. එතකොට එහෙම නම් මේක එකකට විතරක් කියන්න බෑ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි තුන ම තමයි කියන එක මේකට, පෙර කර්මයටයි පෙර තණ්හාවටයි හේතු වුණේ කියන එක කල්පනාවට ආවා.
එතකොට දැන් අද ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා කිව්වහම එතකොට මේක ඔක්කෝම නැති වෙනවා කියන එක ඒක එනවා. කොහොම ද මේක සිද්ධ වෙන්නේ කියන එක ආයෙත් බැලුවා. එතෙන්දි බැලුවා දැන් අපි අමුතුවෙන් මොකක් හරි එකක් හදන්නේ නැත්තන්, අපි හිතමු රේල් පාරක් වාගේ එකක් තියෙනවා කියලා. ඒ රේල් පාර, රේල් පාරේ උඩ මොකක්වත් දුවන්නේ නැත්තන්, කෝච්චි දුවන්නේ නැත්තන් මොකද වෙන්නේ කාලයක් යනකොට ඕකේ ලී කෑලි ගැලවිලා යනවා, ඔය යකඩ කෑලි ඉතින් ගමේ මිනිස්සු හරි ගලවගෙන යනවා, ඔහොම ගිහිල්ලා උඩින් තණකොළ වැවිලා ගස් වැවිලා ඊට පස්සේ ඔහොම කාලයක් ගියා ම ඕක හොයා ගන්නවත් බැරි වෙනවා. මේ අපේ වැලකට සම්බන්ධ වෙලා එකකින් එකකට මේ චිත්තය ගමන් කිරිල්ලක් නේ තියෙන්නේ, ඒ පෙර ඒවා අල්ලගෙන. එතකොට මේ විදිහට පේනවා, මෙහෙම කරන්නෙ නැත්තන් මේ ඔක්කොම ටික නැති වෙලා යනවා කියලා.
ඉතින් මේ වෙලාව වෙනකොට මට ඔය, මේ ගේ ඇතුළේ එහෙම හැමතැන ම දේවල් එහෙම පේනවා හොඳට. එතකොට මෙතෙන්දි දකිනවා නේ ඉතින් එක එක දේවල් ය කියලා. එතකොට හඳුනා ගැනීමක් කියන එක තියෙනවා. එතකොට දැන් මේ මොකක් හරි එකක් අල්ලගෙන අපි යනවා නම්, නැවතත් සිතුවිල්ලක් එනවා නම් ඒ කියන්නේ අපි දුවවනවා. එතකොට මේක දුවවන්නේ නැත්තන්, ලෝභය ද්වේෂය මෝහය තුන ම නැති කරගෙන තියෙනවා නම් මේක උඩ ආපහු වෙන්නේ නැතෙයි කියන එක තියෙනවා.
එතකොට දැන් මං present moment එකේදි මොකක් හරි ගන්නේ නැත්තන්, එහෙම නම් එතකොට අනාගතයට එකක් නෑ. එතකොට අනාගතයේ කතාවක් එහෙනම් අපි හිතන්න ඕන්නෑ. එහෙනම් දැන් හැබැයි අපි කලින් ගත්ත ඒවා ටික තියෙනවා. පෙර කරා වූ කර්මයෝ, පෙර කරා වූ තණ්හාවෝ කියන එක අපි දන්නවා. පෙර කර්මය තියෙනවා ඉතින් මේ කය තියෙනකන් අපි දන්නවා මං පුරුෂයා කියලා කාන්තාව දෙස බලනවා කියලා කියන්නේ.
එතකොට අර maintenance කියන එක අර පැත්තෙන් සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙම නම් ඒ පෙර අවස්ථාවේ දීත් මේක මම දුවවන්නේ නැත්තන්, පෙර එක ගැන මේවා කරලා මම දුවවන් නැත්තන් අර ලෝභය නැති කරමි ද්වේෂය නැති කරමි මෝහය නැති කරමි කියන කතාවේ ඉන්නවා නම් මම, එහෙම නම් මට මොකක්වත් සිද්ධ වෙන්නේ නෑ. එහෙම නම් පෙර එක නිසා මේක දුවවන්නේ කොහොම ද, අර සංස්කාර තියෙනවා, ඒ සංස්කාර නිසා ඉතින් අපි දන්නවා අර කඞ්ඛී කියන එක, විචිකිච්ඡති එනවා නේ.
එතකොට කඞ්ඛී කියලා කිව්වහම අපි කිව්වේ මෙතන අර පරිදේව වූ සංස්කාරය නැවත සෑදිය හැකි ද? සෝක නොවන්නේ ද? කියන එක. එතකොට එහෙම නම් කඞ්ඛී කියන කතාවේ තියෙනවා සංස්කාරයයි සෝකයයි කියන line එක අහුවෙනවා.
එතකොට ඊළඟට ආපහු විචිකිච්ඡති කියලා කිව්වහම අපි කතා කරනවා විඤ්ඤාණයයි, පරිදේවයයි කියන එක. Reverse L shape එකට මේක සම්බන්ධ වෙනවා. එහෙම නේ තියෙන්නේ මේක. උඩ විඤ්ඤාණය සකස් වුණා නිකන් L එක වාගේ, පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නේ, වාගේ සම්බන්ධ වෙනවා. එතකොට මේක වෙන්නේ නැත්තන් මේක වෙන්නේ නැතෙයි කියන එක එනවා. දැන් ඉතින් ඔය සිත නතර වෙනවා. ඉතින් මට රහතන් වහන්සේ “Excellent” කියලත් ඒ වෙලාවේ කියනවා ඇහුණා. ඉතින් මේ විදිහට තමයි මේකේ අවසානයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ කියන එක තියෙනවා.
ඉතින් ඒක තමයි කරපු භාවනාව.