ඒ උතුම් බුදුපියවරු සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට මේ තුන් නම, හත් නම, දාහතර නම ම සිහි කරලා වැන්දා.
ඊට පස්සේ මම භාවනාවට පටන් ගන්න ඉස්සෙල්ලා ම මට කිව්වා මේ අර නිත්‍ය කියලා වෙන්නේ කොහොම ද කියන එක, භයභෙරව එකේ 4 වෙනි slide එක, ඒක බලන්නෙයි කියන එක. එතකොට ඒ අපි දන්නවා මේ පැත්තෙන් අර කලින් අගයයි දැන් නාමරූපයේ අගයයි compare කරලා තමයි විඤ්ඤාණයේ ඔතන flow වීම කියන එක සිද්ධ වෙන්නේ. Flow වෙනවා නම් නිත්‍යයි කියලා එනවා කියන එක තියෙනවා.
එතකොට දැන් මං මේක කල්පනා කළා මේක මේ flow වෙන්නැති අවස්ථාවන් කියන ඒවා තුනක් තියෙනවා කියන එක භාවනාවේ මං කෙළින් ම ගත්තා. පළවෙනි වශයෙන් මම ගත්තේ මොකද්ද, අසුභය අසුභය වශයෙන් දන්නා වූ සද්ධන්තයා. ඒ කියන්නේ ඒ දැවැන්තයා මෙතනින් එහා පැත්තට යන්නේ නෑ. මේක ඥානයක් වශයෙන් මෙයා දන්නවා, ඒක නිසා ඒකේ දුවන්නේ නෑ. ඒ කියන්නේ අනාශ්‍රව සහිතව ඉන්න පුද්ගලයා කියන එක තියෙනවා. ඒක හොඳට ඒක කල්පනා කළා, ඒක එකයි. දෙවනි එක මට ආවා මේක මේ නිරෝධසමාපත්තියේ, මේ මමයි කියන්නේ, නිරෝධසමාපත්තියේ ඉන්න පුද්ගලයා මේක නෑ. ඒ කියන්නේ එයාට සඤ්ඤාවක් වේදනාවක් මොකක්වත් නෑ, එහෙම නම් එයාගේ විඤ්ඤාණයේ ධාරාවක් දිවිල්ලක් මොකුත් නෑ කියන එක තියෙනවා. තුන් වෙනි එක්කෙනාත් එනවා. තුන් වෙනි එක්කෙනා තමයි අසංඛෙය්‍ය සත්වයා. අසංඛෙය්‍ය සත්වයාගේ, පුද්ගලයාගේ ගත්තහම එයා දන්නවා මෙන්න මේ ස්පර්ශය කියන එක දන්නවා. එයා නාමරූපය කියන එක දන්නවා. ස්පර්ශයයි නාමරූපයයි දැනගෙන මේ දෙකට ම අගයක් දෙන්නේ නෑ එයා. දෙක ම දුකයි කියලා එයා දන්නවා.
එතකොට, මේක හරි අමුතුයි මේ experience එක. ඒ කියන්නේ මේ කය විතරක් පවතිනවා සිතක් දුවන්නේ නෑ. ධර්මයක් දැනගන්න ඕනෙකමක් නෑ. ධර්මයකට දිවිල්ලක් නෑ. මොකක්වත් දැනගන්න ඕන්නෑ. විඤ්ඤාණයේ යමක් දැනගන්න ඕනෙකමක් ඇත්තේ නෑ. එතකොට දැන් අපි දන්නවා මේ ස්පර්ශය නිසා තමයි නාමරූපයන් ඇති වෙන්නේ. නාමරූපය නිසා තමයි ස්පර්ශය, “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” දෙපැත්තට යනවා.
මෙන්න මේ කෙළවර දෙක හරියට දන්නවා නම් ඒ පුද්ගලයාගේ මෙතන මොකක්වත් දුවන්නෑ, මොකද මේ දෙක ම දුකයි, මට මොකක්වත් දැනගන්න ඕන්නෑ. කය විතරයි. බැලුවහම පේනවා මේ කෙනෙක් මේකට ඇලෙන්නත් පුළුවන්. ඒ තලය රහතන් වහන්සේ මට පෙන්නුවා. මට දැන් ආයෙත් ඒක හිතෙනවා ඒකට මං තුන් පාරක් හතර පාරක් ඒකට ගියා. ඒකේ මේ මොකක්වත් හිතන්න ඕන්නෑ නේ. කල්පනා කරන්න ඕන්නෑ. දැනගන්න ඕනෙ නෑ. කය පවතිනවා. එච්චරයි.
ඒ අය ඉන්නවා ලක්ෂ ගානක් ඒ තලයට ගිහිල්ලා ඉන්න අය. ඉතින් ඒක තමයි මම කරපු භාවනාව.
මේක හරියට නිකන් මේ log එකක් වගේ. දර කොටයක්, log එකක් කියන එක තියෙනවා. හැබැයි දර කොටේ මං මොනවක්වත් කරනවා කියන කතාව නෑ. අර පොල් ගස තාල වර්ගයේ ගසකි කතාව කියලා කතාවක් කිව්වේ. ඒවා මොනවක්වත් නෑ. ඒක log එක log එක විතරයි කියන අර්ථය තියෙනවා. ඉතින් එතකොට අර පෙර තණ්හාවයි පෙර කර්මයයි කියන කතාව, ඒකේ ඒ අවබෝධයත් තියෙන්න ඕනෙ මෙතන. මේක පෙර එකක් විතරයි කියන එක. මං මෙතනින් එහා පැත්තට මොකක්වත් කරන්න යන්නේ නැහැයි කියන එක.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්