Date: 12/09/2014 Name: Kaamasava

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා.

භාවනාවට ඉස්සෙල්ලා ම මට කිව්වා මේ, ඔය ආශ්‍රව, කාම ආශ්‍රව කියන එක බලන්නෙයි කියලා. ඒ කාම ආශ්‍රව කියන එක බලනකොට අපි දන්නවා කාම ආශ්‍රව කියන එක මේ හතර වෙනි රවුමේ හතර කියන එක. ඒකෙන්, එතකොට එතනින් පස්සේ තමයි කාම ආශ්‍රව කියන එක ඇති වෙන්නේ කියලා දන්නවා. ඒ කියන්නේ හතර වෙනි එකේ හතර කියන්නේ අර පරාමාස වෙන්න ඕනෙ කියන එක. එතකොට ඔය, එතකොට මට එකපාරට ම කල්පනා වුණා ඔය ව්‍යාපන්න චිත්තයයි, පදුට්ඨමනසඞ්කප්පයයි කියන එක එතන ඔය අවස්ථාවක්. එතකොට එහෙම නම් මේ කාම ආශ්‍රව කියන එක වෙනකොට අපිට ව්‍යාපන්න චිත්තයක් තමයි, මේක චිත්තයට සිතට ඇතුල් වෙලා නැති වුණාට ඒක හට අරගෙන තියෙන්නේ. එතකොට අපේ තියෙන්නෙ පදුට්ඨමනසඞ්කප්පය කිව්වහම අර නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වීමක් කියන එක තියෙනවා. මෙන්න මේ කාරණා දෙක තියෙනවා.

එතකොට මං බැලුවා භාවනාවේදි එහෙම නම් මේ කාම ආශ්‍රවයේ ලක්ෂණය හැටියට පෙන්නනවා අජ්ඣත්තාය අල්ලීනාය කියලා. අල්ලීනාය කියලා කිව්වහම අර සුඛය කියන එක ගත්තා. අරගෙන තමා එතන ඇලිලා ඉන්නවා කියන එක තියෙන්නේ. එතකොට අජ්ඣත්තාය කියන එක මට එතකොට කල්පනා වෙනවා එහෙම නම් අර පදුට්ඨමනසඞ්කප්පය අර නිත්‍යයි කියලා මේ පැත්තට එන එක. එතකොට රහතන් වහන්සේගෙන් ඇහුවා ම කිව්වා “ඒකේ ඒ අර්ථය තියෙනවා” කියලා. රහතන් වහන්සේ එහෙම කිව්වා නම් ඒ කියන්නේ ඊට වඩා වැඩි දෙයක් ඕකේ තියෙනවා.

ඒ පාර දැන් මම මේක තව ටිකක් ඒ රහතන් වහන්සේගෙන් විමසුවා ම මට පෙන්නනවා අර උඩ නාමරූප පැත්තෙන් නාමරූප, චේතනා, අර සංස්කාර කියන කෑල්ලට එනවා කියන අර්ථය තියෙනවා. එතකොට අර නිත්‍ය කතාවත්, ඇතුල් වීමකුත් යම් ප්‍රමාණයකට තියෙනවා. එතකොට මේක දැන් මං දිගට බලාගෙන යනවා. ඒ කියන්නේ මේකෙදි රහතන් වහන්සේ දැන් මට මේක හරියි කියලා “Excellent” කියලා කියන්නේ නැති නිසා දැන් මේක නිසා මට පේනවා මේ මුළු රවුම ම මේක ඇති වෙනවා කියන එක. මොකද මම රහතන් වහන්සේගේ උදව්වකුත් ඉල්ලුවහම කිව්වා “ඔබට කවුරු හරි ගැහුවොත් මොකද කරන්නේ?” කියලා.

එතකොට මම කල්පනා කළා ධර්මයේ හැටියට ඉන්න එක්කෙනෙක් හැටියට කල්පනා කළොතින් ඒ පුද්ගලයා කල්පනා කරනවා මම මොකුත් කරන්න යන්නේ නෑ. ඊට පස්සේ ඊළඟට තවත් කෙනෙක් කල්පනා කරනවා defend කරනවා කියලා. ඒ කියන්නේ භයෙන් අගතියට ගිහිල්ලා, ඒ කියන්නේ අත්තා, අහංනුයි මමංනුයි බිඳෙයි කියලා, එතකොට එහෙනම් පල්ලෙහා එක දක්වා ම යනවා. එතකොට ඒ වෙලාවෙදි මට පේනවා මුළු diamond එක ම දැන් එහෙනම් ඉතින් එතකොට හැදෙනවා. ඒ කියන්නේ දැන්, ඒ කියන්නේ වේදනා, චේතනා, ඉදංසච්ච, භය අගති, ආපහු වේදනා කියන එක දක්වා ම එනවා කියන එක තියෙනවා.

දැන් එතකොට එහෙම නම් දැන් මොකද්ද මේ අජ්ඣත්තාය කියලා කියන්නේ? එතකොට මට පේනවා මේ අජ්ඣත්තාය කියන එක කියන්නේ එහෙම නම් මේ පුද්ගලයෙක් ඒ තමා යැයි කියලා define කරන විදිහ අනුව. තමාව කවුද කියලා, මොන ආකාරය ද කියලා define කරනවා මෙන්න මේ වේදනාව නිසා තමා කියලා කෙනෙක් ගන්නවා. එතකොට මං මුලින් ගත්තේ මුළු සක්කාය දිට්ඨිය ම ද වෙන්නේ කියන එක. එතකොට මුළු සක්කාය දිට්ඨිය ද වෙන්නේ කිව්වහම මට, ඒ පාර මං හිතන්නේ එක්කො සිතට අදහසක් දුන්නා, එතකොට කවුරු හරි කෙනෙක් මේ අවිද්‍යාව කියන එක තියෙනවා නම්, අවිද්‍යා ආශ්‍රවය තියෙනවා නම් එතකොට කාම ආශ්‍රවයයි දෙක ම එකයි ද? ඒක එහෙම නෙවෙයි නේ. අවිද්‍යා ආශ්‍රවය වෙනයි කාම ආශ්‍රව වෙනයි. හැබැයි ඉතින් කාම ආශ්‍රවය තුළ අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණය තියෙනවා. දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණයත් කාම ආශ්‍රව තුළ තියෙනවා.

එහෙම නම් මට එනවා මෙතෙන්දි ගන්න ඕනේ මේ තමා යැයි කියලා කවුරු හරි කෙනෙක් තමන් define කරන විදිහ අනුවයි මේක තියෙන්නේ. ඉතින් මනස මහා විශාලයි, ප්‍රීති සුඛයනුත් ඇති වෙලා මහා විශාල තත්වයට ඒක ඒ තත්වයට පත් වුණා. අන්න ඒ වෙලාවේදි ඉතින් ඔන්න ඔය මට “Excellent” කියනවා වගේ ඇහුණා. සාධු කියනවා හරි, “Excellent” කියනවා වගේ කියන දෙකෙන් එකක් ඇහුණා මට. එතකොට අන්න ඒ තත්වෙට ආවායින් පස්සේ මගේ මනස හරි විශාලයි, රහතන් වහන්සේ ඇහුවා ඒ වෙලාවේ දැන් “මෙතන කාම ආශ්‍රවයක් තියෙනවා ද?” කියලා. මං කිව්වා මේ නෑ. මොකද මේ මම යැයි කියලා එකක් define කරන්න බෑ.

ඕක අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධයි. මොකද මට මේ වෙනකොට ආවා, අර කෙනෙක් කල්පනා කරනවා විඤ්ඤාණය එපා කියලා ඔන්න රූපය විතරක් පවත්වාගෙන ඉන්නවා. කය විතරක් පවතින්නා වූ විඤ්ඤාණය නැති. තවත් එක්කෙනෙක් කල්පනා කරනවා මට කය එපා. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා එයා ඒ අන්ත දෙකට ම ගිහිල්ලා තියෙනවා.

එතකොට මේ විදිහට ගත්තහම මේ පුද්ගලයෙකුට පේනවා. මේ සම්පූර්ණයෙන් ගත්තහම මේ නොදන්නාකම අනුව තමයි මේ පුද්ගලයා මේ මමයි කියලා මේක define කරන්නේ. අර එක්කෙනෙක් රූපයත් එක්ක ගත්තා, තව එක්කෙනෙක් රූපය නැතුව ගත්තා විඤ්ඤාණය විතරක්, තවත් එක්කෙනෙක් ඔය දෙක අතර ගන්නවා. එතකොට මේක සක්කාය කියන එක ඒ ඒ පුද්ගලයා කොහොම ද define කරන්නේ, අර්ථ දක්වන්නේ, අන්න ඒ අනුව තමයි අජ්ඣත්තාය කියන එක කෙනෙකුට ඇති වෙන්නේ කියන එක තියෙනවා. එතකොට ඒ ඒ පුද්ගලයාගේ කාම ආශ්‍රවය අන්න ඒ ආකාර වෙනවා කියන එක එනවා. ඉතින් එන්න ඒක තමයි ඒ භාවනාව. එතන ඉතින් “බොහොම හොඳයි Excellent” කියන එක එතන තිබුණා මොකද මනස හරි විශාලෙට ඒක පවතිනවා.