Date: 13/09/2014 Name: Paduttamanasankappa

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඊළඟට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, ඔය විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා. වැඳලා මම, මුලින් ම මම කෘතඥතාවය පළ කළා මේ, අර වාගේ ධර්මයක් අපිට ලබා දීම ගැන.

ඊට පස්සේ මට භාවනාවට ඉස්සෙල්ලා ම හිතිච්ච දෙයක් තමයි අර පදුට්ඨමනසඞ්කප්පා කියන එක, ව්‍යාපාදය කියන එක, ඒකේ මේ නිත්‍යභාවය කියන එක කලින් ඇතුල් වෙන්නේ. ව්‍යාපාදය කියන එක පස්සේ. ඕක තමයි මනුස්සයින්ට හිතාගන්න බැරිකම කියන එක තියෙන්නේ. එතකොට දැන් මේ කෑල්ල මට හොඳට තේරුණා. ඒකත් එක්ක මං කල්පනා කළා මේ ව්‍යාපාදය කියන එක ඇති වෙන්න නම්, එහෙම නම් අපිට අභිජ්ඣා කියන එක තියෙන්න ඕනෙ. අභිජ්ඣා වෙලා අර තමන් ජරාවට පත් වුණා කියලා දැනගත්තහම නේ ඇති වෙනවා කියන එක, ව්‍යාපාදය ඇති වෙනවා කියන එක රහතන් වහන්සේ පෙන්නුවේ සම්මා වාචා diagram එකේ.

එතකොට දැන් මං මුල අභිජ්ඣාවට ගියා. අභිජ්ඣාවට ගියහම මං අභිජ්ඣාවේ දී මම කල්පනා කළා අභිජ්ඣා නිසා රහතන් වහන්සේ පෙන්නුවා, මේ “මිච්ඡාදිට්ඨික වූ සඤ්ඤාවක් නිසා විඤ්ඤාණයේ පැවතීමක් තියෙනවා ද, ආන්න ඒක තමයි අභිජ්ඣා කියන එක.” එතකොට දැන් මං ඕක හොඳට කල්පනා කළා. එහෙනම් මිච්ඡා දිට්ඨිය කියන්නේ මොකද්ද? එතකොට අර මහාචත්තාරීසක සූත්‍රයේ විදිහට මිච්ඡා දිට්ඨිය කියන එක මෙනෙහි කළා. අනිත් පැත්තෙන් මං කල්පනා කළා මේවා මේ ඔක්කෝම එක එක ඒ දේවල්වලට අගයන් දීලා තමයි අර සඤ්ඤාව ඇති වෙලා තියෙන්නේ. අර කහ පාටයි සුදු පාටයි ආදී වශයෙන් සඤ්ඤාවෙන් කරන්නේ. ඒ වගේ මේ ගොඩක් තියෙනවා ඒ ගොඩේ එක එක ඒවාට එක එක අගයන් දීලා. ඒ විදිහට තමයි මේක ඇති වෙලා තියෙන්නේ.

අනිත් පැත්තට කල්පනා කළා. ඉතින් මේ සම්මා දිට්ඨිය කියලා කිව්වහම අර අරිය චිත්තස්ස, අනාශ්‍රව චිත්තස්ස, අරිය මග්ගං සමඞ්ගිනො, අරිය මග්ගං භාවිතො, ප්‍රඥා, ප්‍රඥා ඉන්ද්‍රියං, ප්‍රඥා බලං, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගා කියලා ඒ පැත්ත බැලුවා. එතකොට දැන් එතනදි ඒ කාරණා දෙක බැලුවහම අනිත් පැත්තෙන් මට පේනවා අර දුප්පඤ්ඤභාවය කියන එක. මේ භයභෙරව සූත්‍රයේ. දැන් මං මුලට ආවා, අනිත් පැත්තෙන් පේනවා දුප්පඤ්ඤභාවය මෙතනින් මොකද්ද කරන්නේ මේ ථීනමිද්ධ සහගත වූ දේවල් මම එන්න ඉඩ දෙනවා. ඒ ඉඩ දීමෙන් තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ කියලා. ඉතින් මෙච්චරයි ඕකේ තියෙන්නේ කියන එක. ඉතින් ඕක ආවායින් පස්සේ මට තේරෙනවා. මම ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා. කියන එක මට පේනවා.

ඔය විදිහට දැන් මං ඒකෙන් එලියට එන අවස්ථාවන් තේරෙනවා. ඊළඟට මට තේරෙනවා මම ඇවිදිනවා. ඇවිදිනවා කියන්නේ මේ ලෝකේ යනවා නිකන් අර, දැන් ඇමරිකාවේ එහෙම අර, buildings එහෙම උඩින් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අර වතුර තියෙන එහෙම ඒ වගේ තැන් තියෙන්නේ, ඒවා, එක එක තැන්වල ඔය විදිහට ඇවිදිනවා. ඒවායේ පෙලක් ඒවා දිව්‍ය ලෝක, ඔය විදිහට. ඉතින් මම මොකක්වත් නැතුව ඉන්නවා, ආයෙ ඇවිදිනවා. ඔය රූප පේනවා අරවා මේවා කියලා ඔය විදිහට. ඉතින් ඕක, මට නිකන් එක පාරකටත් ඇහෙනවා මේ, මට පේනවා මේ වතුර, වීදුරුවට වතුර බිංදු බිංදු වැටෙනවා වගේ එකක් පේනවා. ඒ අතරින් ඇහෙනවා මේක alien ship එකක් කියලා. එහෙම එකකුත් ඇහෙනවා. ඉතින් ඔය වගේ තැන් තැන්වල, ඉතින් ඔය මම, දැන් මට තේරෙනවා එහෙනම් මට මේ direct කරගෙන යන්න පුළුවන් වාගේ කියලා තැන්වලට. ඉතින් ඔහොම නිකන් හිතෙනවත් එක්ක ම මම දන්නෑ මම blank වෙලා යනවා.

රහතන් වහන්සේ කිව්වා මට අන්තිමට “මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම වූවා ය, අසූ හත් පොළකට ගියා ය, ඉතින් ඒ ඒවා ඇවිල්ලා ලෝක, දිව්‍ය ලෝක හතරයි, අකනිට්ඨාවයි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි, පෘථිවියයි. ඕකේ අසූ හත් පොළකට ඔය භාවනාව ඇතුළත ගිහිල්ලා තියෙනවා.”

ඒක තමයි ඒකේ භාවනාවේ තියෙන්නේ. හුඟාක් ම ගැඹුරට ආපු එකක් තමයි රහතන් වහන්සේ සාධු සාධු කියලා කියපු අවස්ථාවක් තමයි මේකෙදි මේ පලාසය තියෙන්නේ, පිසුණා වාචය කියන එක. මං එතෙන්දි කිව්වා මේ පිසුණා වාචය කියන එක තමයි මෝහයේ ආරම්භය කියලා. රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වා. එතන එනවා නේ, මුසාවෙන් ඇවිල්ලා පිසුණා වාචය කියන එක ඔතන බලන්න, හතර වෙනි කාරණේ ගත්තහම අතන අර නිත්‍යභාවයක් කියන එකක් ඇතුල් වීමක් කියන එක තියෙනවා. ආන්න එතන තමයි අරකේ ආරම්භය, මෝහයේ ආරම්භය කියන එක, කියන එක ආවා ඒකේ භාවනාවේදි.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg