Date: 14/09/2014 Name: Anasava Panna

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

භාවනාවට පෙර ම මට කිව්වා, ඔය දිට්ඨි ආශ්‍රව ඇති වෙන භාවනාව, ආශ්‍රව කාම ආශ්‍රව භව ආශ්‍රව භාවනාව, ඒක බලන්නෙයි කියලා. ඒකේ ඒ දිට්ඨි ආශ්‍රව කෑල්ල තමයි මං බැලුවේ. එතකොට ඔය දිට්ඨි ආශ්‍රවය කියන එක අපි දන්නවා ඔය හත් වෙනි රවුමෙන් පස්සේ තමයි ඕක පටන් ගන්නේ. ඒ කියන්නේ ඔය හත් වෙනි රවුමේ ධම්මමච්ඡරිය කියන එක තියෙනවා. එතකොට ඔය ධම්මමච්ඡරිය කියන එක චේතනාවට ඇවිල්ලා ඒ චේතනාවෙන් ඉදංසච්චයට ඇවිල්ලා, ඔය අට වෙනි රවුම වෙනකොට ඉදංසච්චයේ තිබුණා වූ අගය පරාමාසයට යනවා. එතකොට පරාමාසයෙන් පහළට භය අගතිය කියන තැනට ඒමක් තියෙනවා. අනිත් අතට ගත්තහම ඔය සංස්කාර නිත්‍යයි කියලා ඒ ඇතුල් වීමක් තියෙනවා, ඒක භය අගතියට ඇතුල් වීමක් කියන එක තියෙනවා. එතකොට ඔය, දැන් එහෙම නම් දැන් අපිට පේනවා අර, අපි දැන් දැක්කා නේ අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සයේ value එකයි විඤ්ඤාණයේ value එකයි අර දෙක push කරන්න ඕනෙ. ඒ push කළහම පස්සෙ තමයි, compare කරලා push කළහම තමයි මේක එන්නේ අනිත් පැත්තට.

අන්න ඒ වාගේ ධර්මයක් මෙතනත් තියෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ values දෙකක් ඇවිල්ලා තියෙනවා. සංස්කාර නිත්‍යයි කියලා එක පැත්තකින් ඇවිල්ලා තියෙනවා. අර පරාමාසයේ ඉඳන් භය අගතියට ඇවිල්ලා තියෙන values දෙක, ඔය දෙක එක්කහු වෙලා තමයි අර දිට්ඨි අනුසය කියන එකට අපි යන්නේ. වේදනාවට යනවා කියන එක තියෙනවා.

එතකොට දැන් මෙන්න මේ අවස්ථාව ගැන මම හුඟාක් තදින් බැලුවා. ඒ කියන්නේ ඔය සංස්කාර ඔය නිත්‍ය වශයෙන් ඔතන අපිට එන අවස්ථාවේ දී, ඔතන අපිට ඔය සැකය කියන එක තියෙනවා. එතකොට ඒ සැකය කියන එක තියෙනවා කිව්වහම පේනවා මේ සැකයේ සමුදය වෙලා තියෙන්නේ ථීනමිද්ධයයි, කුක්කුච්චයයි. එතකොට එහෙම නම් ඔය සැකය කියන එක අපි කතා කළා මේ විඤ්ඤාණය අපිට හදන්න පුළුවන් ද, පරිදේව නොවන්නේ ද, කියන කතාව කල්පනා කළා. එහෙම නම් දැන් මේ ඉදංසච්චයේ ඉඳන් මේ එන්නා වූ දේ ඒ මොකද වෙනස? ඒ කියන්නේ භය අගතියට මම සැකය හරහා එනවා, පරාමාසය ඔයා හිතුවොතින් කුක්කුච්චයයි කියලා ඒ කුක්කුච්චයේ අගය මෙතෙන්ට එනවා. එතකොට ඒ කුක්කුච්ච අගයෙන් ම තමයි ගිහින් තිබුණේ මේ ඉදංසච්චයට. ඉදංසච්චයට ඇතුල් වෙනකොට ථීනමිද්ධ කතාවයි කුක්කුච්චයයි දෙක එක්කහු වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට මේ දෙකේ අතර වෙනස කියන එක හැටියට මොකද්ද තියෙන්නේ? වෙනස කියන එක හැටියට තියෙන්නේ අර සංස්කාර කියන එක පවතිනවා, නිත්‍යයි කියලා කතාවක් අර සත්‍ය කියලා ඇවිල්ලා තියෙනවා. ඉදංසච්චයෙන් කියලා ගිහිල්ලා තියෙනවා සත්‍යක් කියලා, මේක පවතිනවා කියලා.

මේක හරියට මේ මනුස්සයෙක් රස්සාවක් කරනකොට ඒ මනුස්සයාට කල්පනා වෙනවා මේ රස්සාව කියන එක පවතී කියලා. දැන් හරි, දැන් නම් හොඳ රස්සාවක් මං හොයා ගත්තා, මේක දිගට ම තියෙනවා කියලා. එයා නොදන්නා වූ දේ තමයි රස්සාව තිබුණා වුණත් මෙයා ජරාවට පත් වෙනවා කියන කතාව එයා දන්නේ නෑ. රස්සාව පවතින්න නම් මම ඉන්න ඕනෙ. එතකොට මම මිය යනවා කියන එක, මම ජරාවට පත් වෙනවා, ඒක නිසා මේ රස්සාව කරගෙන මට ඉන්න බැරි ය කියන කතාව එක පැත්තකින් එනවා.

අනිත් පැත්තෙන් ගත්තහම අර ඡම්භී භීරුකජාතිකා කියන කතාව හරහා තමයි පරාමාසයේ ඉඳන් භය අගතියට එන්නේ. එතකොට ඕකේ අර්ථය කෙනෙක් කල්පනා කළා නම්, ඡම්භී කිව්වහම අහංනුයි මමංනුයි එකට ඉඳී ද? කියන කතාව කියන එක තියෙනවා. මේක පවතින්න පුළුවන් ද කියලා. අර සංස්කාර නිත්‍ය වශයෙන් භය අගතියට එන කතාවේදි හිතන්න ඕනෙ මේක මේ විඤ්ඤාණයේ ධාරාව නොබිඳී පවතිනවා කියලා. නොබිඳී පවතිනවා. ඒක නේ ඒ කියන්නේ සැකය, එයාගේ සැකයේ තියෙනවා නේ විඤ්ඤාණය හදන්න පුළුවන් ද? පරිදේව නොවන්නේ ද? ඒ කියන්නේ එයාට හිතෙනවා දැන් මේ flow එක, ඒක රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වා එතන, ඒ flow එක පවතිනවා කියන එක එයාට තියෙනවා. ඒක තමයි ඔය ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන පාරේ තියෙන්නා වූ උත්තරේ.

එතකොට භය අගතියට එනකොට පරාමාසයට ඔතන අර දිට්ඨි පැත්තෙන් එන කතාව, දිට්ඨි ආශ්‍රවය කියන කතාව, එතන තියෙන්නේ මොකද්ද, මේ අහංනුයි මමංනුයි එකට ඉඳී ද කියන ඡම්භී කතාවත් එක්ක තමයි එතන එන්නේ. එතකොට මෙන්න මේ දෙකෙන් මේ පල්ලෙහාට එනවා කියන එක තියෙනවා. එතකොට දැන් ඔය විදිහට තමයි අපිට දිට්ඨි ආශ්‍රවය ඇති වෙන්නේ, ඕකෙන් තමයි දිට්ඨි අනුසය ඇති වෙන්නේ.

එතකොට ඔය දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණය මොකද්ද? පරාමාසයයි, අභිනිවේසයයි. පරාමාසය කියන එක ගත්තහම අර වරදවා වටහා ගැනීම. අභිනිවේසය කියන එක ගත්තහම අර සංස්කාරවලට ඇලුණා. ඔය දෙක නේ තියෙන්නේ. අන්න ඒ කෑලි දෙකෙන් තමයි මෙතන වෙන්නේ කියන එක ආවා. එතකොට ඔය තත්වෙට මනස ඇවිල්ලා තියෙනකොට, දැන් ඉතින් මේ විදිහට තමයි ඒ මනුස්සයෙක්, අර රස්සාවේ කතාවේ වාගෙම කෙනෙක් යම්කිසි ධ්‍යානයක් උපදවාගෙන ඒ මනුස්සයා කල්පනා කරනවා දැන් නම් හරි මේ ධ්‍යානය මේක පවතිනවා, මේ විදිහට මට ඉන්න පුළුවන්. ඔය විදිහට දිට්ඨි අනුසය වෙනවා කියන එක.

එතකොට දැන් ඔය දිට්ඨි අනුසයේදි අපි දැන් ඊයේ කලින් ඉගෙන ගත්තා කාම ආශ්‍රව කතාව. කාම ආශ්‍රවයෙ දී අපි කතා කළා මේ සක්කාය දිට්ඨියක් ගැන. තේරුණා ද? සක්කාය දිට්ඨිය එතකොට ඔය blotting paper එක වාගේ මේක එක්කහු වෙලා එක්කහු වෙලා ආපු එක. දැන් එතනින් ආපු එක දැන් මෙයාගේ, මේ දිට්ඨි ආශ්‍රවය කියන එකේ හොඳට ඇති වෙලා තියෙනවා ඒකත් එක්ක අල්ලගෙන. අන්න ඒ අවස්ථාවේ දී ඉතින් රහතන් වහන්සේ කිව්වා “දැන් මේ, ඔබ ඉහළ ම වූ ප්‍රඥාවෙන් ඉන්නවා ය” කියලා. ඒ මනස ඒ විදිහට පවතින අවස්ථාවේ දී.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.