Date: 16/09/2014 Name: Vattu sutta bhavana 1

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මේක මේ සූත්‍රය වත්තු සූත්‍ර භාවනා 1. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වැනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා, වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා.

එතකොට පංචනීවරණයන්ගෙන් සිත පිරිසිදු වෙනවා කියන එක තියෙනවා. පාරිශුද්ධ චිත්තය කියලා ආවේ අර, මේ භයභෙරව සූත්‍රය කරනකොට. අර ථීනමිද්ධයෙන් පටන් අරගෙන කරන භාවනාව. ඒ වගේ ම වත්ථූපම සූත්‍රයෙනුත් සිත පිරිසිදු වෙනවා. එතකොට මේ දෙකේ සබඳතාවය කියන එක මෙනෙහි කළා. රහතන් වහන්සේ මට ඊයෙම කිව්වා මේ “ඊළඟට කරන සාකච්ඡාව වත්තු සූත්‍රයයි” කියලා. එතකොට භයභෙරව සූත්‍රයේ හැටියට මේ කාරණාවෙන් කාරණාවට සිහි කළා. ඒ කියන්නේ අභිජ්ඣා ඇති වීම කියන එක ගත්තා. එතකොට එතෙන්දි අපි දන්නවා අභිජ්ඣාව කියනකොට අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම කියන එක අභිජ්ඣාව කියන එක පෙන්නුවා. පළවෙනි රවුමේ දී ම මේක සිද්ධ වෙනවා. සිදු වන්නේ නොවන්නේ ද කියන එක ආවා. “පළවෙනි රවුම මිච්ඡා දිට්ඨිය සහ අභිජ්ඣාව යන දෙකට ම ඇතුල්ව බැලිය යුතු ය, සැලකිය යුතු ය” කියලා රහතන් වහන්සේ කියනවා. හේතුව කිම?

තමාගේ තිබුණ දෙයක් ම ඇවිස්සීමක් රූපය ස්පර්ශ වීම සමඟ සිදු වෙනවා. ඒක මට භාවනාවේදි හොඳට ආවා. අර මං කියන්නේ අර perfect A එක කියලා. ඇතුළේ තිබිච්ච එකක්. මේ නිසා විඤ්ඤාණයේ පැවතීමට ඇති කැමැත්ත ඇති වීම අභිජ්ඣා නම් වේ. දැන් ඒ පාර ව්‍යාපාදය සිහි කළා. වත්ථූපම සූත්‍රයේ දෙවනි කාරණය. පදුට්ඨමනසඞ්කප්පය. හතර වන රවුම. ව්‍යාපාදයේ හටගැනීම. ඒ කියන්නේ අර නිත්‍යයි කියලා අපේ ඇවිල්ලා තියෙනවා. ඕකෙන් තමයි මේක තියෙන්නේ කියන එක ආවා.

එතකොට දැන් ක්‍රෝධය ඇති වන්නේ දහතුන් වැනි රවුමේ. එතකොට මෙහි දී සිතට ඇතුල් වන්නේ ය. දැන් ඔය පදුට්ඨමනසඞ්කප්ප රේඛාව දික් කරෝතින් අපි කෙළින් ම එනවා ක්‍රෝධය කියන තැනට. ක්‍රෝධය කරා ගමන් කරනවා. මොහු මට හානි කරන්නේ ය, කියලා එහෙම හිතනවා. හානි කළේ ය, හානි කරන්නේ ය කියලා හිතනවා. පෙර නිත්‍යභාවය නිසා ඇති වූ දෙයක් ලෙස නොදනී. ජරාව ඇති බව නොදනී. අර විපරිණාමය වෙනවා කියන කතාව, ඒක දන්නේ නෑ. එතකොට උපනාහය දැන් බැලුවා. උපනාහය බද්ධ වෛරය. බද්ධ සඤ්ඤාවක්.

එතකොට මෙතෙන්දි, දැන් මේ diagram එකේ අර සම්බන්ධතාවය උඩින් සම්බන්ධ වෙලා එනවා කියලා දැක්කට පස්සේ දැන් මේ වගේ ම සම්බන්ධතාවයක් දැන් මං හොයනවා මේකෙදි. මට උඩ සඤ්ඤාවක් ගැන හැඟීමක් එනවා. ඒ බුදුපියාගෙන් උදව් ඉල්ලුවහම බුදුපියාණන් කිව්වා “සඤ්ඤා උපරෝධනා” කියලා. සබ්‌බසඞ්‌ඛාරසමථා. ආන්න මට මතක් වුණා කෙළින් ම. මේක කවදාවත් මේ රූපය අත්තා කරගත් කෙනෙකුට මේක වෙන්නේ නෑ. නිවනෙන් පිටත දේකට ගත්ත එක්කෙනෙකුට වෙන්නේ නෑ.

ඒ කියන්නේ උද්ධච්චය කියන එක මට සිහි වුණා. එතකොට අර උඩ සංස්කාරයයි යට සංස්කාරයයි. බලන්න පදුට්ඨමනසඞ්කප්පයට ආවා උඩින් උද්ධච්ච කතාවේ තියෙන එක, පල්ලෙහායින් එනවා ඒ අනිත් එක. එතකොට සංස්කාරයෙන් කියන ඒවා, එතකොට රූපය ස්පර්ශ කර කවදාවත් අවූපසන්තචිත්තය නොවන්නේ ද? සංස්කාරය බිඳේ. නමුත් අපි නිත්‍ය යැයි ගන්නවා. පුද්ගලයන් වෙනස් නොවනවා යැයි සිතනවා. මෙසේ බද්ධ සඤ්ඤාව ඇති වෙනවා. උද්ධච්චය එකොළොස් වෙනි රවුම කියලා අපි දන්නවා. ක්‍රෝධය කියන්නේ දහතුන් වැනි රවුමයි කියලා සිහි වුණා. උපනාහය රහතන් වහන්සේගෙන් ඇහුවා ම “දාහතර රවුමේ දී සිතට ඇතුල් වෙන” බව බුදුපියාණන් වහන්සේ පැවසුවා. එතකොට ඒක තමයි ඒ කරපු භාවනාව. ඉතින් මේකේ අර diagram එකත් එක්ක බැලුවහම හරි ෂෝක්. ලස්සනට තියෙනවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_VattupamaDiagrams/S_VattupamaDiagrams-03.jpg


S_VattupamaDiagrams/S_VattupamaDiagrams-04.jpg


S_VattupamaDiagrams/S_VattupamaDiagrams-05.jpg