ඒ වත්තු සූත්‍ර දෙවනි භාවනාව. ඒ උතුම් බුදුපියවරු සිහි කළා, ඒ ශ්‍රද්ධාවෙන් යුතුව. සිහි කරලා වැඳ නමස්කාර කළා. භාවනාවට පෙර ම අර මක්ඛය පලාසය වීම මම සිහි කළා. කොහොම ද, මක්ඛය ඇති වීමට නම් ක්‍රෝධය තියෙන්න ඕනෙ. ක්‍රෝධය ඇති වෙන්න නම් නිත්‍යභාවය සහිත වූ පදුට්ඨමනසඞ්කප්පය. එතකොට ගුණය මකන්නේ කුමක් මකයි ද?
පළවෙනි උදාහරණය. Office environment එකේ ගත්ත එක. අර ආයතනයේ ප්‍රධානියාගේ ගුණය. එයා මාවත් තෝර ගත්ත පුද්ගලයා වෙන්න පුළුවන්. එතකොට මාව තෝරගත්තේ, ඒ ශ්‍රද්ධාවක් ඇති වුණා. එම ශ්‍රද්ධා ගුණය ම නිත්‍යභාවයක් නොවන විට, මා කෙරෙහි ධාරාව නොගලන විට නැති වෙනවා. එතකොට එසේ නම් ශ්‍රද්ධා ගුණය මැකීම හැටියට පළවෙනි උදාහරණය ගන්න. අශ්‍රද්ධාවට යෑම ප්‍රඥාව නැති වීම නිසා. ප්‍රඥාව නැති වීම නිත්‍යභාවය නිසා. නිත්‍යයි කියලා ගත්ත නිසායි ඒක සිද්ධ වෙන්නේ.
එතකොට දෙවෙනි උදාහරණය අර හාමුදුරුවරු දෙදෙනාගේ කතාව, මතකයි නේ. එතකොට අර සිවුරු ඇරීම එතෙන්දි. එතකොට ශ්‍රද්ධා විරිය, ඒ මුළු පංචඉන්ද්‍රියන්ගේ ම ගුණයන් මැකීම හැටියට ගන්න. දාහතර වෙනි රවුමේ දී මක්ඛය කියන එක හටගන්නවා. මක්ඛය significant වෙන්නේ දාහත් වෙනි රවුමේ දී. උපනාහය නිසා පලාසය කියන එක ඇති වෙනවා. එතකොට මක්ඛය මේකට ආධාර උපකාර වෙනවා. කෙසේ ද, නිවනින් පිටත යමක් ගත්ත අවස්ථාවේ දී එය පවතී යැයි සිතුවේ ය. එය නොපවතියි. මෙසේ මක්ඛය නිසා පලාසය ඇති වෙනවා.
ඊළඟට උපනාහය බලන අවස්ථාවේ දී අපි අර සංස්කාරවල නිත්‍යභාවයක් නොමැතිකම නිසා ඇති වන අවූපසන්තචිත්තයේ බලපෑම අපි සාකච්ඡා කළා නේ. එතකොට සංස්කාර සමාන නොවන බැවින් උපනාහ වී ඇත. එතකොට එයිට වඩා හොඳ දෙයක් ඇති යැයි සිතා විඤ්ඤාණය පිහිට වීම කියන එක කරනවා. සමානකම නොමැති නිසා යාළුවාගෙන් යාළුවාව වෙන් කරනවා. අර යාළුවා සමාන වුණා නම් වෙන් කරන්නේ නෑ. ඊළඟට සමානකම නොමැති නිසා තුවාල සහිත කකුලේ අර කොටස වෙන් කරනවා. සමානභාවයයි මෙතන බලලා තියෙන්නේ.
එතකොට පලාසය දාහත් වෙනි රවුමේ දී හටගන්නවා. මක්ඛය දාහත් වෙනි රවුම වෙනකොට significant. මක්ඛය නිසා ඊර්ෂ්‍යාව වෙනවායි කියන එක අපි දකිනවා. අනුන්ගේ සැපත නොඉවසයි. මක්ඛයට නිත්‍යභාවය බලපෑවේ ය. එසේ නම් ඊර්ෂ්‍යාවටත් නිත්‍යභාවය බලපානවා. කොහොම ද?
“මෙම සැපත නිත්‍ය වශයෙන් පවතියි, මට එය අහිමි ය.” අන්න ඒක රහතන් වහන්සේගේ වචන. මෙසේ ඊර්ෂ්‍යා සහගත විය. හතර වෙනි රවුමෙන් පස්සේ ඊර්ෂ්‍යාව හටගැනීම ආරම්භ වෙනවා. එහි අධිකභාවය මක්ඛය ඇති වීමෙන් පසුව බව පැවසිය යුතු ය. මච්ඡරිය පලාසය මගින් ඇති වෙන බව ද මේ ලාභමච්ඡරිය වශයෙන් අපි කල්පනා කර, විමසා බලා ඇත්තේ ය. පලාසය තුළ සංස්කාරවල සමානභාවයක් නොමැතිකම ඇත. එසේ නම් මච්ඡරිය තුළත් සංස්කාරවල අසමානතාවයට තුඩු දුන් රූපයේ අසමානතාවය ගැන හැඟීම් ඇත. මෙසේ සඤ්ඤා භාවිතා කරන්නේ, මෙවැනි සඤ්ඤා භාවිතා කරන්නේ, මෙයිට වඩා හොඳ රූප ඇති යැයි සිතා ඒවා සොයයි. විඤ්ඤාණය පිහිටුවයි. මෙසේ මච්ඡරිය ඇති වේ. “මච්ඡරියට රවුම් අගයක් නොදිය යුතු” බව බුදුපියාණන් වහන්සේ පවසනවා. ඒක සෑම විට ම ඇත.
රහතන් වහන්සේට රවුම් නැත. ඒක තමයි භාවනාව.