Date: 18/09/2014 Name: Vattu sutta bhavana part 3

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන් අරගෙන දාහතර නමට ම වැඳ නමස්කාර කළා. එතකොට මේ මායාව කියන එක ඊර්ෂ්‍යාව නිසා ඇති වෙන බව අපි දන්නවා. තමන් යම් දුස්සීලභාවයකට පත් කරගෙන, එය වසා ගැනීම සඳහා අනුන් රැවටීම මායාව වෙනවා. යම් සැපතක් අන් අය විඳින්නේ ය, මට මෙය අහිමි ය, මෙය ලබා ගනිමි යැයි කියලා සිතා මායාව ඇති වෙනවා.

එතකොට අපි දන්නවා නේ අර ඊර්ෂ්‍යා වෙන්නෙ, වෙන්නේ. මච්ඡරිය නිසා සාඨෙය්‍ය ඇති වෙන එක අපි කලින් දැනගෙන හිටියා නේ. මච්ඡරිය වශයෙන් සලකන්නේ ලාභමච්ඡරිය සැලකීම ප්‍රමාණවත් නොවේ. හේතුව කිම? සඤ්ඤාව නිසා ඇති වෙන්නා වූ දෙය සියුම් නිසා ය. නමුත් රූපයෙන් තොර වූ යමක් නැති බව සිහි කළ යුතු ය. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් රූපය සියුම්ව ස්පර්ශ කරයි. ඒ නිසා ය. සාඨෙය්‍ය ඇති වන්නේ වංචා කරයි. කුමක් වංචා කරයි ද?

නිවනින් පිටත වූ යමක් ගැනීම ම වංචාව ය. මෙන්න මේ අවස්ථාවේ දී මේ හත් වෙනි ධ්‍යාන සමාපත්තියක් ඇති වෙනවා, මේක කල්පනා කළහම. දැන් මායාව නිසා මිච්ඡා දිට්ඨිය වන්නේ ය. චූල අස්සපුර සූත්‍රයේ අපි දන්නවා. මේකෙදි ඊර්ෂ්‍යාව, මායාව, මිච්ඡා දිට්ඨිය කියන triangle එකක් හැදෙනවා. සාඨෙය්‍ය නිසා දුස්සීලභාවය. එතකොට අපි දන්නවා ඒ vi(a) කියලා අපි දානවා සාඨෙය්‍ය කියන එක දුස්සීලභාවය කියන එක මෙතෙන්ට එනවා.

MM_18_09_2014.jpg

එතකොට ඒකත් අපි චූල අස්සපුර සූත්‍රයෙන් අපි දැනගත්තා. දැන් මච්ඡරිය, සාඨෙය්‍ය, දුස්සීලභාවය කියන triangle එක ඇති වෙලා තියෙනවා. සාඨෙය්‍ය, මච්ඡරිය, දුස්සීලභාවය. මෙතනදි සමාධිය හුඟාක් ම උග්‍ර වුණා. ඉතින් බුදුපියා “Excellent” කියලා මේක පැවසුවා. මේ කුමකට දුස්සීල වූයේ ද? සංස්කාරවල අසමානතාවය දක්නේ, මෙම සංස්කාරවලට වඩා මෙය හොඳ යැයි පලාසය මගින් ම සංස්කාර කරයි. මෙයට ම අතිමාන වෙනවා. කුමකට මිච්ඡා දිට්ඨි වූයේ ද?

පදුට්ඨමනසඞ්කප්පය නිසා ඇති වූ නිත්‍යභාවය මෙයට හේතු විය, ප්‍රත්‍ය විය. මෙහි දී අපි මුලින් පටන් ගත්ත මිච්ඡා දිට්ඨිය නැවතත් ඇවිල්ලයි කියලා මට සිහි වුණා. පටන් ගත්තේ මිච්ඡා දිට්ඨියෙන්. අභිජ්ඣා වෙනවා එහෙම ආවායි කියලා කිව්වේ. ඇවිල්ලා ආපහු ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට. ඉතින් මෙතෙන්දි හොඳ සමාධියකුත් ඇති වෙනවා. ඒක තමයි මට පළවෙනියෙන් ම හොඳට සමාධිය ඇති වෙච්ච තැන. මෙසේ අතිමාන මගින් ථම්භය ද, සාරම්භය ද විය. අතිමානය, මිච්ඡා දිට්ඨිය සහ දුස්සීලභාවය හා සම්බන්ධය. මෙම දෙක හේතු සහ ප්‍රත්‍ය වන්නේ ය. මිච්ඡා දිට්ඨිය හේතු වේ. දුස්සීලභාවය ප්‍රත්‍යය.

ථම්භය මගින් සාරම්භය එලවයි, පලවාහරියි. මෙම සංස්කාරය මගේ යැයි දැඩි කොට ගනියි. විඤ්ඤාණයේ යම් තද බවක් වේ ද මේක ථම්භය වෙනවා. සාරම්භය මගින් ථම්භය නිසා ඇති වූ ප්‍රතිඵලය විමසයි. එය සඳහා රූපයේ යම් වෙනසක් කළ යුතු ද, එය පසුපස විඤ්ඤාණය දුවවයි, යොමු කරවයි. මෙහි දී ගැලවීමක් නැත. කුමක් නිසා ද? සාරම්භය අධික වීමට ථම්භය හේතු විය. ප්‍රත්‍ය මිච්ඡා දිට්ඨිය. මෙසේ අශ්‍රද්ධා වීම නිසා සංසාරයේ සැරිසරයි. මේක තමයි භාවනාව.