Date: 19/09/2014 Name: Madaya Maanaya

ඒ උතුම් බුදුපියවරු සිහි කළා ශ්‍රද්ධාවෙන් යුතුව, මණ්ඩලාධිපති බුදු පියාණන්ගේ සිට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා. පංචනීවරණ යටපත් කරමි කියන තැනින්, මේකෙන් පටන් ගන්නෙයි කියලා කිව්වා. පංචනීවරණ නිසා අවිද්‍යාව. පංචනීවරණ නිසා පලාසය.

එතකොට පලාසය ඇති වෙලා මේකෙන් මච්ඡරිය වෙනවායි කියලා මම සිහි කළා. එතකොට මේ සමඟ ම අවිද්‍යාව මිච්ඡා දිට්ඨිය වශයෙන් මං, සිහි වුණා. මච්ඡරිය නිසා සාඨෙය්‍ය වෙනවා කියන එක සිහි වුණා. දැන් මෙතෙන්දි අර triangle දෙක, ඊයේ බලපු triangle දෙක මතක් වුණා.

ඒ කියන්නේ දුස්සීලභාවය, මච්ඡරිය, සාඨෙය්‍ය එක triangle එකක්. මේකේ සාඨෙය්‍ය කියන එක මදය වශයෙන් ගන්න ඕනෙ. එයට ප්‍රත්‍ය වන්නේ දුස්සීලභාවයයි. හේතුව වශයෙන් ගන්න ඕනෙ මච්ඡරිය කියන එක.

ඊළඟ triangle එක මායාව, ඊර්ෂ්‍යාව, මිච්ඡා දිට්ඨිය. මේකේ මිච්ඡා දිට්ඨිය මානය වශයෙන් ගත යුතු ය. ඒකට ප්‍රත්‍ය වන්නේ මායාවයි. හේතුව වන්නේ ඊර්ෂ්‍යාවයි. මායාව තුළ දුස්සීලභාවය අඩංගු ය. ඒ නිසා සාධාරණ කාරණය විය.

යමෙක් ඊර්ෂ්‍යාව නොකරන අවස්ථාවක් ඇත. එනම් අරූප ධ්‍යාන සමාපත්ති ලාභියා එය පවතින විට ඊර්ෂ්‍යා නොකරයි. එය අසාධාරණ කාරණය වෙයි. පුදුමාකාර විදිහට සමාධියක් ඒක තියෙනකොට තියෙනවා. ප්‍රමාදය කියන එක බැලුවේ නෑ. ප්‍රමාදය තියෙන තැන අපි දන්නවා. ඉතින් ඒක හෙට බලන්න පුළුවන් කියන අර්ථය තමයි ඒ තියෙන්නේ. බොහෝ ම හොඳට හිටියා.