Date: 20/09/2014 Name: පමාදො

මම භාවනාව හැටියට කළේ, මේ වත්ථූපම සූත්‍රය අපි බලාගෙන යනවා බොහොම ගැඹුරු විදිහට. ඒකේ අවසානයට කරන්න තියෙන භාවනාව තමයි ප්‍රමාදය කියන එක. ඒක තමයි මම කළේ. එතකොට මම මේක ටිකක් කෙටියෙන් කියන්නම් මේක බොහොම දිගයි.

දැන් අපි දන්නවා, අපි භයභෙරව සූත්‍රයත් එක්ක ඉගෙන ගත්තා අර ඇති වෙනවා කියලා නිත්‍යභාවයක් කියලා එකක්. ඒ නිත්‍යභාවයක් ඇතුල් වෙනවා කියලා අපි තේරුම් ගත්තා. පදුට්ඨමනසඞ්කප්පය කියලා කිව්වා. එතකොට ඔය පදුට්ඨමනසඞ්කප්පයත් එක්ක ඔය රේඛාව ටිකක් දික් කරගෙන ගියොතින් ඕගොල්ලෝ එන්නේ හරියට ම අපේ තියෙනවා මේ ක්‍රෝධය කියන තැන. ඔන්න ඔතෙන්ටයි එන්නේ.

එහෙම නම් තේරෙනවා ක්‍රෝධය තුළ තියෙනවා කියලා නිත්‍යභාවය කියන එක. ඒ වේදනාවක් අල්ලගෙන අපි ඉන්නවා. ඊට පස්සේ අපි දන්නවා ක්‍රෝධය නිසා අපිට මක්ඛය කියන එක ඇති වෙනවා කියලා. එහෙනම් මක්ඛය තුළත් තියෙනවා අර නිත්‍යභාවය කියන එක. ඊළඟට අපි දන්නවා මක්ඛය නිසා ඊර්ෂ්‍යාව ඇති වෙනවා කියලා. එහෙම නම් ඊර්ෂ්‍යාව තුළත් තියෙනවා නිත්‍යභාවය කියන එක. එතෙන්දි එයා කියනවා මේ, අර පුද්ගලයා, දැන් අර රස්සාවේ කතාවේදි නම් තේරෙනවා අර පුද්ගලයා හොඳ සුඛයක්, සත්‍ය වශයෙන් ම හොඳ සුඛයක් විඳින්නේ ය, නිත්‍ය වශයෙන් ම සුඛයක් විඳින්නේ ය, permanent, මට ඒක අහිමි වූයේ ය, කියලා එයාට කල්පනාවක් තියෙනවා. එතකොට ඒ ඊර්ෂ්‍යාව කියන තැනට වෙනකන් අපි දැන් ආවා.

දැන් ඔය ඊර්ෂ්‍යාවෙන් මායාව කියන එක ඇති වෙනවා. එහෙම නම් මායාව තුළත් තියෙනවා නිත්‍යභාවය කියන කතාව. ඊළඟට මායාවෙන් අපි එනවා මිච්ඡා දිට්ඨියට. එහෙනම් දැන් අපි රවුමක් ඇවිල්ලා තියෙන්නේ. ඔය රවුමේ ආවයෙන් පස්සේ දැන් එහෙනම් triangle එකක් හැදෙනවා. ඒ triangle එකේ තියෙන්නේ ඊර්ෂ්‍යාව, මායාව, මිච්ඡා දිට්ඨිය. එතකොට ඔය මිච්ඡා දිට්ඨිය කියන උඩ කෙළවර, ඔන්න ඔතෙන්ට තමයි අපි ලියාගන්න ඕනෙ මානය කියලා.

දැන් මානය දක්වා ඇවිල්ලා තියෙනවා. ඔය වගේ ම triangle එකක් පල්ලෙහායිනුත් හැදෙනවා. අපි දන්නවා මේ සංස්කාරවල විෂමතාවය කියන එක. අවූපසන්තචිත්ත කියලා කිව්වේ. අන්න ඒක නිසා අපිට ඇති වෙනවා උපනාහය කියන එක. බද්ධ සඤ්ඤාවක්. අර සංස්කාර සම්බන්ධයෙන්, මේ ටිකක් ගැඹුරට යනවා මේ භාවනාව. මේක ඇති වෙලා මේ උපනාහය නිසා ඇති වෙනවා, අපි දන්නවා ඊළඟට පලාසය. පලාසය ආවාට පස්සේ අපි දන්නවා දැන් පලාසයෙත් තියෙනවා අර සංස්කාරවල විෂමභාවයේ කතාව. ඒක නිසා තමයි අපි ඒ වෙන් කිරීම කියන ඒවා කරන්නේ. සංස්කාරවල වෙනස දැකලා රූපයන් වෙන් කරන්න පටන් ගන්නවා. සංස්කාරත් වෙනස් කරන්න ගන්නවා. ඕක දිගින් දිගට යනවා. ඔය ථම්භය හරියට යනකොට ඒවා සිද්ධ වෙනවා.

එතකොට එතන පලාසයට ආවාට පස්සේ පලාසයෙන් අපි දන්නවා මච්ඡරිය ඇති වෙනවා කියලා. සංගාරව සූත්‍රයේ අපි ඉගෙන ගත්තා නේ. එතකොට මච්ඡරියට ආවාට පස්සේ මච්ඡරියෙන් අපි යනවා සාඨෙය්‍ය කියන එකට. සාඨෙය්‍ය කියන එක ඇති වුණාට පස්සේ එතනින් එනවා අපේ දුස්සීලභාවය කියන එකට. මෙතන අතර මඟ තියෙන කොටසක් මම අයින් කරලා කියන්නේ. අර ථම්භය කියන කතාවේදි එහෙම තියෙන එක. ඒක හරි ගැඹුරට යනවා.

දැන් එහෙනම් තවත් triangle එකක් පේනවා. සංස්කාරවල විෂමතාවය නිසා ඇති වෙන්නා වූ triangle එක තමයි, පල්ලෙහායින් තියෙනවා දුස්සීලභාවය, ඊළඟට තියෙනවා මච්ඡරිය, අනිත් පැත්තෙන් උඩින් ගත්තහම අපිට ඇති වෙනවා සාඨෙය්‍ය කියන එක. ඔන්න ඔය සාඨෙය්‍ය කියන තැනට එහෙනම්, වංචාව කියන තැනට අපි ලියාගන්නවා මදය කියලා. ඔය සංස්කාර සම්බන්ධයෙන් ඔය මදය කියන එක අපිට ඇති වෙලා තියෙනවා. දැන් එහෙනම් triangles දෙකයි. එතකොට එකක් මදය, උඩ triangle එකේ, පල්ලෙහා triangle එකේ. උඩ triangle එකේ එනවා මානය කියන එක මිච්ඡා දිට්ඨි කියන තැන. මිච්ඡා දිට්ඨියට ඇති වෙන තැන, ඒ කියන්නේ මානය, මානයට සමුදය හැටියට එන්නේ අර මායාව කියන එක. ඊළඟට ඊර්ෂ්‍යාව කියන එක හේතුව වෙනවා.

අනිත් පැත්තට ගත්තහම මදය කියන එකට සමුදය හැටියට එනවා දුස්සීලභාවය. හරි පුදුමයි මේ මානය කියන ඒවායේත් දුස්සීලභාවය තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට අනිත් පැත්තෙන්, අපිට දැන් පල්ලෙහා triangle එකේ ඇති වෙනවා, වම් අත කෙළවරට අපි ගන්නවා මේ හේතුව හැටියට.

එතකොට දැන් මෙතන triangles දෙක හැදිලා තියෙනවා. ප්‍රමාදය කියන්නේ මොකද්ද? ප්‍රමාදය අපි ඉගෙන ගත්තා ප්‍රමාදවිහාරී සූත්‍රය කියන කතා කරන වෙලාවේදි ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඇති වෙනවා නම් ඇති වෙන්නේ දුක්ඛය. දුක්ඛය තමයි සමුදය. සමුදයයි අස්තංගමයයි කියන එක දැනගත්තා. සමුදය දුක්ඛය තමයි ඇති වෙන්නේ. ඇති වෙන ක්‍රමය අපි දැනගත්තා සමුදය. අස්තංගමය කියන එක දැනගත්තා. දැනගෙන ඒ දුක්ඛය නැති කරන්න පමා නොවීම කියන එක තමයි අපි කියන්නේ මේ ප්‍රඥාව කියලා. එහෙනම් ප්‍රමාදය කියලා කියන්නේ එතකොට ඕකේ අනිත් පැත්ත. එතකොට අවිද්‍යා ආශ්‍රවය කියන තැන නේ ඕක ලියන්නේ. මතක ද, තයොධම්ම සූත්‍රයේ.

දැන් මේ තුන align වෙනවා. මානයයි, මදයයි, ප්‍රමාදයයි කියන එක. අපි දන්නවා ඉස්සෙල්ලා අර මානය කියන තැන අපි ලිව්වේ මිච්ඡා දිට්ඨිය, එතනින් අනත්තේ අත්තා කියලා අරගෙන කෙළින් ම 1-3 කියන තැනට එනවා නේ. ඔතන නේ ප්‍රමාදය කියන එක තියෙන්නේ. එහෙම නම් ඒ එතනින් හොඳට පැහැදිලි වෙනවා, ඒ කියන්නේ අර මිච්ඡා දිට්ඨිය තියෙන්නේ මානය කියන තැන නේ. එතන හිතන්න නිත්‍යභාවය කියන එක. අපි ආවේ නිත්‍ය circle එකේ කතාවෙන් තමයි එතන ආවේ.

සාඨෙය්‍ය තියෙන තැන කල්පනා කරන්න ඕනේ අත්තභාවය කියන එක. නිත්‍යභාවයයි අත්තභාවය යි. සංස්කාර කියන ඒවා අත්තා කියලා අරගෙන. එහෙම නම් නිත්‍යභාවයයි අත්තභාවය යි නිසා දැන් මට ඇවිල්ලා තියෙනවා මේ ප්‍රමාදය කියන එක. දුක්ඛය. අන්න ඒක තමයි දුක්ඛභාවය කියන එක. ඒක කියන එක අපි ඉවසගෙන ජීවත් වෙලා ඉන්නවා. මානයයි මදයයි. ඒකෙන් තමයි මේ ප්‍රමාදය කියන කතාව තියෙන්නේ. ඉතින් මේක හරී ගැඹුරුයි. හරි ම ගැඹුරුයි වත්ථූපම සූත්‍රය ඔය විදිහට බලනවා කියන එක. මහ විසාල කාරණා තොගයක්. ඉතින් ඔය පැය එක හමාරක විතර එකක් තමයි මං ඔය මිනිත්තු හතකින් විතර කිව්වේ. හරී ම ගැඹුරුයි ඒක, භාවනාව. සිත නතර වෙනවා, හරීයට නතර වෙනවා. ඒක කරගෙන යනකොට ආයේ ධර්ම කාරණා හිතන්න නැති වෙන තත්වෙට සිත නතර වෙනවා ඒක ඇතුළෙදි.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_VattupamaDiagrams/S_VattupamaDiagrams-13.jpg