ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා දාහතර නමට ම. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. එතකොට මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඊට පස්සේ මම පන්සිල් ගන්න විදිහ කරගෙන ගියා. අර ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි, ඔය විදිහට දිගින් දිගට ම ගිහිල්ලා පන්සිල් ටික ගත්තාට පස්සේ මම කල්පනා කළා මේ යම්කිසි, අපි හිතමු මුසාවාදයක්, පරුෂා වාචයක්, ඒ වාගේ දුස්සීලභාවයක් තියෙනවා නම් ඒක නිසා අපිට මේ මිච්ඡා දිට්ඨිය එහෙම හටගන්නවා. ඒ කියන්නේ කුම්මග්ග පටිසේවනයට යනවා. එතකොට කුම්මග්ග පටිසේවනය කිව්වහම මිච්ඡා දිට්ඨිය හටගන්නවා.
එහෙම නම් මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ මේ මොකක් නිසා ද? එතකොට වත්ථූපම සූත්‍රයේ අපි මායාව නිසා මිච්ඡා දිට්ඨියයි කියලා දන්නවා. එහෙම නම් මායාව ඇති වෙන්නේ මොකක් හින්ද ද? ඊර්ෂ්‍යාව නිසා මායාව. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මොකක් හින්ද ද? මක්ඛය නිසා ඊර්ෂ්‍යාව. එතකොට මක්ඛය ඇති වෙන්නේ ක්‍රෝධය නිසා. ඒ පාර ක්‍රෝධය ඇති වෙන්නේ අතන අර පදුට්ඨමනසඞ්කප්පය නිසා. මෙතන්ට ආවහම මම කල්පනා කළා මේ පදුට්ඨමනසඞ්කප්පය කියන එක ඇති වෙන්නේ කුමක් නිසා ද කියන එක.
පදුට්ඨමනසඞ්කප්පය ඇති වෙන්න නම් අර, අර bell shaped curve එකේ අර B කියන point එක හදන්න ඕනේ. විඤ්ඤාණය ධාරාවක් වශයෙන් දුවවන්න ඕනෙ. එතකොට එහෙම නම් මෙන්න මේක හැදෙනවා කියන්නේ මේ මානය. ඒ point එක කියන්නේ මානය. ඕකට නේ අපි අභිජ්ඣා වෙනවා කියලා කියන්නේ. එතකොට මේක තමයි මානය. එතකොට එහෙනම් මේ මානය නිසායි මිච්ඡා දිට්ඨිය කියන එකට ආවා. එතකොට මට කල්පනා වුණා හරි නේන්නම් දැන් රහතන් වහන්සේ මෙතන මේක මිච්ඡා දිට්ඨියෙන් මානය කියලා ලකුණු කළා කියන එකත් එහෙනම් හොඳ ලස්සනයි කියන එක.
දැන් ඔතෙන්දි හිත නතර වුණා. එහෙම්ම ම නතර වෙනවා. ඊට පස්සේ දැන් මං කල්පනා කළා දැන් මිච්ඡා දිට්ඨිය ඇති වුණේ එහෙනම් මානය නිසා. දැන් මානය ඇති වෙන්නේ? දැන් අපිට ඊළඟට පේනවා, අර අපි එනවා, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ යම් පැවතීමක් හටගැනීමක් තියෙනවා ද අන්න ඒක අභිජ්ඣාවයි කියලා කිව්වා. අන්න ඒක ගත්තා. එතකොට එහෙනම් මෙතනින් සඤ්ඤාව, මිච්ඡාදිට්ඨික සඤ්ඤාවෙන් ඇවිල්ලා තමයි මේක හැදුවේ. දැන් එහෙම නම් මිච්ඡා දිට්ඨිය නිසා මානය. මානය නිසා මිච්ඡා දිට්ඨිය. දෙක ම එකටයි කියලා ආවා. මෙතන දැන් හිතන්න බෑ මෙතනින් පස්සේ, එක ම තැනට ආවාට පස්සේ.
දැන් ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ආයේ මට ආවා මේ ඔක්කොම ස්පර්ශය නිසා. ස්පර්ශයක් වුණේ නැත්තන් මේකේ කිසිම ධාරාවක් ගැලිල්ලක් ඇති වෙන්නේ නෑ. එහෙනම් ස්පර්ශයක් නැත්තන් මේ මිච්ඡා දිට්ඨියක්වත් ඒක නිසා ඇති වන මානයක්වත් මේ දෙකෙන් එකක්වත් නැතෙයි කියන එක ලස්සනට ආවා. ටිකක් ඔහොම හිටියා. ටිකක් ඔහොම ඉඳලා, සිත නතර වෙලා ඔය විදිහට ඉඳලා, ඔතෙන්දි අර රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වා ඔය ස්පර්ශය කතාව ආවාට පස්සේ.
ඊට පස්සේ මං, ආයේ ටිකක් වෙලා ගියා ම මට කල්පනා වෙනවා මේ අර සූත්‍රයක් තියෙනවා නේ අර “යා ඛො පනසා භික්ඛවෙ සමනුපස්සනා සඞ්‌ඛාරො” කියලා කියන්නේ. “රූපං අත්තතො සමනුපස්සති, යා ඛො පනසා භික්ඛවෙ සමනුපස්සනා සඞ්‌ඛාරො.” එතකොට එහෙම නම් මේ විදිහට ගැනීමෙන් තමයි මේ සංස්කාරයන් කියන එක ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ සංස්කාරයන් සමථය වෙනවා නම්, සඤ්ඤාව නතර වෙනවා නම්, ඔන්න දුක්ඛය නැති වෙනවා කියන අර ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාවට ආයෙත් ආවා.
එතකොට එහෙම නම් අර දෙවනි triangle එකේ එන කතාව ඔය කෑල්ලෙන් cover වෙනවා. සංස්කාරයේ කතාව කියන එක සමථය වෙන්නේ නිර්වාණයේ දී විතරයි. එතකොට ආයෙත් ඔතන හිත නතර වෙනවා ඔය විදිහට ගියායෙන් පස්සෙ. එතකොට සඤ්ඤාව නතර වෙන්න ඕනෙයි කියන එක.
දැන් ඊළඟට කල්පනා වෙනවා මේ විඤ්ඤාණය දුවවනවා නම් නේ මේක සිද්ධ වෙන්නේ. අර ස්පර්ශය වෙලා විඤ්ඤාණය දුවවනවා. දුවවනවා කියලා කියන්නේ තණ්හාව කියන එක නිසා අපි මේවා කරනවා.
එතකොට මට මතක් වුණා අර නිකාමයමානා කියන එක. මොකද බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රයේ පෙන්නනවා, උපාදාන පරිවත්තන සූත්‍රය මං හිතන්නේ නේ ද ඒක? නෑ, මට මතක නෑ සූත්‍රයේ නම. “යා ඛො පනසා භික්ඛවෙ සමනුපස්සනා සඞ්‌ඛාරො” කියලා ඒක, පාරිලෙය්‍ය සූත්‍රය.
එතකොට ඒ පාරිලෙය්‍ය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි මේ තණ්හාවත් අනිත්‍යයි. ස්පර්ශයත් අනිත්‍යයි තණ්හාවත් අනිත්‍යයි ඔක්කොම අනිත්‍යයි කියන එක බුදුහාමුදුරුවෝ එතන කියනවා. අන්න ඒකත් එක්ක මට මෙතන කල්පනා වුණා එහෙම නම් මේකේ මේ අපි අර සුඛය, තුන් වෙනි රවුම ගැන කතා කළේ නෑ නේ තාම වැඩිය, තුන් වෙනි රවුමේ අර සුඛය කියන එක මේකට ඇදෙන්න ඕනේ. නිකාමයමානා කියන එක ආවා. නිකාමයමානා. මේක තමයි මේ කියන්නේ. තණ්හාව පවත්වන්න තියෙන්නා වූ කැමැත්ත. ඒක නිසා තමයි මේක මෙතන්ට හැදෙන්නේ. එතකොට මේ ස්පර්ශයේ කතාව නැත්තන් මේ කතාව නෑ. අපේ තණ්හාව නැත්තන් මේ කතාව වෙන්නේ නෑ. ඉතින් තණ්හාව නිසා තමයි මේ ඔක්කොම ඇති වෙන්නේ කියන එක ඔතන ඒ දෙක ආවා.
ඒක තමයි මං කරපු භාවනාව.