Date: 22/09/2014 Name: Pamadha 2

ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කරා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම දක්වා සිහි කරලා වැඳ නමස්කාර කරා.

මට කල්පනා වුණා මේ අපේ සිත කියන එක දුවනවා කියන එකට මේ යම්කිසි නිකන් වචනයක්, ඒ කියන්නේ මනාප වූ වචනයක් ආවා නම් ඇති. ඒකත් එක්ක එකපාරට ම දුවන ස්වභාවය තියෙනවා ඉතින් අපි දන්නවා අර area 1 වලින් area 6 එක කියන එක හැදෙනවා කියන එක තියෙනවා නේ. ඉතින් මං මේක නිසා මේක වෙනවා කියන එක කල්පනා කළා.

ඒක කල්පනා කරගෙන ගියායින් පස්සේ මට පේනවා. මේ area 6 එක කියන එකට එන එක, ඔතන දැන් area 1 එකෙන් අර අභිජ්ඣා කතාව තියෙනවා. මේ පැත්තේ, ඒ කියන්නේ විඤ්ඤාණයේ ඉපදවීමක් කියන එක සිද්ධ වෙනවා උඩින් area 1 එකෙන් ඇවිල්ලා. ඊට පස්සේ ඉතින් යට කෑල්ලේ තියෙන්නේ maintenance කියන එක. එතකොට හරියට අපි දැන් ජාතිය කියන එක පල්ලෙහායින් ලිව්වාට, විඤ්ඤාණයේ උපත කිව්වහම විඤ්ඤාණය තියෙන තැනට ජාතිය කියන එක වැටෙනවා. ඉතින් යට තියෙන්නේ මරණය කියන එක. පල්ලෙහා කෙළවර. අර area 6 එකේ මරණය කියන කතාව තමයි එතන තියෙන්නේ.

ඉතින් ඒ පාර දැන් මං කල්පනා කළා දැන් අභිජ්ඣාව නිසා මේ දේ සිද්ධ වෙයි. දැන් එහෙම නම් දැන් අපි මේ, අර භයභෙරව සූත්‍රයේ මේ අභිජ්ඣා වෙනවා ය, ඊළඟට එතනින් අර කාමේසු තිබ්‌බසාරාගො කියලා අරක ඇතුළට යනවා, ඉදංසච්චයට කියන එකට ගිහිල්ලා අවසානෙට භයභෙරව සූත්‍රයේ පෙන්නනවා ඒ අපිට ඇති වෙන්නේ අර මනසෙන් අර දුප්පඤ්ඤභාවයයි ඊළඟට මේ අර එළමූගා කියන එකයි තියෙන්නේ. එතකොට දැන් එහෙම නම් මෙතෙන්දි මම කල්පනා කළේ මේ, ඒ diagram එකේ මේ පල්ලෙහා කොටුව, ඒ කියන්නේ පරාමාසය, ඉදංසච්චය, භය අගතිය, මෝහ අගතිය. අන්න ඒ කොටුව ඇතුළේ තමයි මං ඔය එළමූගා කියන එකයි මේකයි කල්පනා කරා.

එතකොට දැන් ඉතින් භාවනාව මම එතන හොඳට කල්පනා කරලා මං ඉතින් බැලුවා, නමුත් මේ රහතන් වහන්සේ ඒකේ පෙන්නුවේ අර දුප්පඤ්ඤභාවය කියන එක ගත්තහම අර ථීනමිද්ධය කියන තැන උඩ කොටුවෙන් නේ ඒක එන්නේ. එතකොට උඩ කොටුවේ තියෙන කතාව තමයි දැන් සම්පප්‍රලාපය නම් මේකේ පල්ලෙහා තියෙන්නේ. ථීනමිද්ධය තියෙන්නේ අතන උඩ. අරක නැවැත්තුවේ, පෙන්නුවේ ඉදංසච්චයට එනවා කියලා. එතකොට එතන මේ පල්ලෙහා කොටුව නේ මං මේ කල්පනා කරන්නේ මේ උඩ කොටුවේ නේ අරක තියෙන්නේ කියන එක මං බැලුවා. ඉතින් එහෙම නම් මට මෙහෙම පේන්නේ මං මේ කල්පනා කළේ මේකේ සම්බන්ධතාවයක් තියෙන්න ඕනෙ. ඉතින් හරි නේන්නම්.

ඔන්න කෙළින් ම ආවා මං අර කලින් කරපු භාවනාවට, ථීනමිද්ධ අවස්ථාවේ දීත් අර මේක flow වෙන අවස්ථාව. ඒකෙදි මතක ද අපි බලනවා, ඔය පෙන්නනවා අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට වෙනකොට A කියලා ලිව්වා, ඊට පස්සේ මරණයේ ඉඳන් ව්‍යාධියට යනකොට B කියලා ලිව්වා. අර ඊට පස්සේ C කියලා ලිව්වා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යනකොට. අන්න ඒක එකපාරට ම මට මතක් වුණා මෙතන මං කල්පනා කළේ අර ථීනමිද්ධ අවස්ථාවේ දී හිතාගන්න බැරි අවස්ථාවේ දී මොකද වුණේ දිට්ඨි ආශ්‍රවය. එතකොට අතන ඇති වුණේ අවිද්‍යා ආශ්‍රවය. එතකොට දිට්ඨි ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවය කියන කතාවට එනවා. A, B කියන point දෙකත් එක්ක. එතකොට ඒක නේ මේ වෙලා තියෙන්නේ. මං උඩ කොටුව කියන එක, පල්ලෙහා කොටුව කල්පනා කරන්නේ, අර උඩ කොටුවෙන් ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ දේ.

MM_28_07_2014.jpg

ඉතින් දැන් අවිද්‍යා ආශ්‍රවය කියලා කියන්නේ එතකොට අර, දැන් එනවා මට මිච්ඡා දිට්ඨියෙන් මානය, අර සාඨෙය්‍ය කියන එක අපි ඊයේ සාකච්ඡා කළා නේ මදය කියලා. ඊළඟට තියෙන්නේ ප්‍රමාදය. දැන් එතකොට මෙන්න මේ කෑල්ල ආවායින් පස්සේ දැන් මං කල්පනා කරනවා දැන් මේ මනුස්සයා, දැන් විඤ්ඤාණය එක පාරක් මළා නම් මේක හරියට නිකන් මේකට මේ රොඩු, දැන් වතුර පාර, ගලාගෙන යන වතුර පාරක මේ පැත්තෙන් අපි dye ටිකක් හරි කුණු ටිකක් හරි දානවා. කුණු ටික දැම්මට පස්සේ ඔන්න දැන් ආපහු මේකෙ යනවා පල්ලෙහාට.

දැන් මෙතනින් කපලා කියනවා මෙන්න මේ අද දැන් මම. දැන් ඔන්න මළා. වතුර පාර කඩුවකින් කැපුවා. මෙන්න මෙතනදි මං මළා. හැබැයි දැන් ඔන්න කුණු වතුර ටික ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟ පාර ඊළඟ භවය ගත්තහම ඔන්න දැන් කලින් පාරත් මේක මළා නේ. අර මඩ ටික ආපහු මේකත් එක්ක ම තමයි යන්නේ. ගිය භවයෙත් මළා නේ.

එතකොට දැන් මං කල්පනා කළා මේ මනුස්සයා ඉන්න ඉන්න, භවයෙන් භවයට යන්න යන්න මොකද වෙන්නේ? අර බොර ගතිය, මඩ ගතිය කියන එක එන්න එන්න වැඩි වෙනවා. ඇයි හැම පාර ම මැරිලා නේ. මැරෙන්න මැරෙන්න අලුතෙන් experience එකක් මේකට එක්කහු වෙලා තියෙනවා.

එක්කහු වෙන්න එක්කහු වෙන්න අර මඩ ගතිය කියන එක වැඩියි. ඉතින් මේක නේ ප්‍රමාදය කියන්නේ. මේක ම තමයි ප්‍රමාදය කියලා කියන්නේ කියන එක මට ආවා. ඉතින් රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වා එතන ඒ මේවා එක.

ඒ කියන්නේ ප්‍රමාදය කියලා කියන්නේ මෙතන දුක්ඛභාවය නේ. එන්න එන්න ම වැඩි වෙනවා නේ ජීවත් වෙලා ඉන්න ඉන්න ම වැඩි වෙනවා. ඉතින් අර “ප්‍රමාදෝ මච්චුනො පදං.” කියලා එහෙම කියලා කියන්නේ. ඒ ගාථාව එන්න ඒකත් එක්ක මට සිහියකට ආවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-14.jpg