ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවේ ඉස්සෙල්ලා ම මට කල්පනා වුණා ඔය නිත්‍යභාවයයි අත්තභාවයයි නිසා දුක්ඛභාවය ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් මම මේක කල්පනා කරන්න පටන් ගත්තා ඒ නිත්‍යභාවය නිසා ඇති වෙන්නා වූ දේ කියන එක. එක පැත්තකින් එනවා නිත්‍යභාවය නිසා දුක්ඛභාවය කියන එක අපිට ඇති වෙනවා, කොහොම ද ඇති වෙන්නේ, අර නිත්‍යභාවය හැදෙනකොට ම අභිජ්ඣාව කියන එක එතන තියෙනවා, කාමේසු තිබ්‌බසාරාගො කියලා අපි යන්නෙ.
එහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ, එතනින් අපි දන්නවා අභිජ්ඣා වුණා නම් නිත්‍යභාවයට එනකොට අපි එනවා නේ උඩින්, පදුට්ඨමනසඞ්කප්පය කියලා, අර විඤ්ඤාණය ධාරාව වශයෙන් ගමන් කරන්න. එතකොට මේක, නිත්‍යභාවයට අපි එනකොට අපිට තේරෙනවා එහෙම නම් අපේ මේ අභිජ්ඣාව නිසා දෝමනස්සය කියන එක වෙලා තියෙන්නේ. අර වේදනාව දුක වශයෙන් අර පැත්තෙන් විපරිණාම දුක්ඛතාවය නිසා ඇදිලා. එතකොට එහෙම නම් දෝමනස්සය කියන කතාව ම අපිට දුක්ඛභාවය කියන එක හැටියට ගන්න පුළුවන්. එතකොට නිත්‍යභාවය නිසා ඇති වෙන්නා වූ දුක්ඛභාවය කියන එක අපිට පැහැදිලි වෙනවා.
ඊළඟට මම කල්පනා කළා අත්තභාවය නිසා ඇති වෙන්නා වූ දුක්ඛභාවය කියන එක කොහොම ද කියන එක. එතකොට ඒ අත්තභාවය නිසා දුක්ඛභාවය ඇති වෙනවා කියන එක බලනකොට ඕක අර පස් වෙනි රවුමත් එක්ක තමයි ඕක බැලෙන්න ඕනෙ. ඒ කියන්නේ අර අත්තා කියලා ගත්තහම තමයි අතනින් රූපය ලාභයි කියලා කතාවක් තියෙන්නේ. එතකොට ඒ ලාභයත් එක්ක තමයි සාඨෙය්‍ය කියන එක තියෙන්නේ. එතකොට දැන් මේ දුස්සීලභාවය නිසායි, ඒක ප්‍රත්‍යයෙන් තමයි අතන උඩ ඇති වුණේ සංස්කාරයන් කියන ඒවා අත්තා කියලා අරගෙන.
එතකොට දැන් කල්පනා වෙනවා ඒ අත්තා කියලා පස් වෙනි රවුමේ ගන්නවා කියන එක බැලුවහම, ඔය අත්තා කියලා පල්ලෙහාට බහින්න ඕනෙ නේ. අතනින් ලාභ වෙන්න මෙතන අත්තා කියලා බහින්න ඕනෙ. අත්තා කියලා බහින්න ඉස්සෙල්ලා අපිට පේනවා, අපේ තියෙන්නේ මොකද්ද?
දුස්සීලභාවය, ඒ line එකේ ම ඊළඟට තියෙන්නෙ අතිමානය. ඊළඟට තියෙන්නේ ථම්භය. ථම්භය කියන එකයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මම සංස්කාරයක් පලාස කරලා හැදුවා, ඒ සංස්කාරයට මම දැඩිව ගත්තා, ඒ සංස්කාරයට මම අතිමාන වුණා, අතිමාන වෙලා මම ඒක ම දැඩිව ගත්තා. ඒ දැඩිව අරගෙන තමයි අතන දී, සාඨෙය්‍ය කියන තැන අත්තභාවය කියන එකට ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මෙතනින් මේ උඩට ගිය කියන එක තමයි මෙතනින් මේ පල්ලෙහාට අත්තභාවය කියන එක තියෙන්නේ. එතකොට ඒක නිසා තමයි අපිට මේ ලාභයි කියන එක අපි ගන්නවා කියන එක තියෙන්නේ. ඒ කියන්නේ අර වේදනාවේ යම්කිසි පැවතීමක් ඒ විදිහට වෙනවා කියන එක. එතකොට මම කල්පනා කළා එහෙම නම් මේ අපි ලාභයි කියලා මේ විදිහට ගන්න මොකක් ද අපිට උදව්වක් උපකාරයක් වුණේ, මේ විදිහට.
දැන් තමන්ට තේරෙනවා මේ සංස්කාරවල විෂමතාවය තියෙනවා, මේ සංස්කාරවලින් තමන් කොහොම හරි මේක අල්ලගන්නවා. තෝරගත්තා, අල්ල ගත්තා. අර එන්න එන්න ම කුණුයි, dye යි එකතු වෙනවා කියන එක දැන් තියෙනවා දුස්සීලභාවයට. මේකට මට මෙහෙම වෙන්න උදව් උපකාරය වුණේ මොකද්ද, අර flow එක.
ඒ කියන්නේ මං මෙන්න මෙතනින් පල්ලෙහාට ආවා, භයේ අගතිය කියන තැන, භයේ අගතියේ ඉඳන් දිට්ඨි අනුසයෙන් අපි ආවා වේදනාව කියන තැනට. වේදනාවෙන් අර උඩට ගියා.
එතකොට මෙන්න මේ මේකට එන එකයි යන එකයි. ඒ කියන්නේ මොකක් හරි රූපයක් දැකලා ස්පර්ශ වෙලා වේදනාවෙන් අපි අර මනොසඤ්‌චෙතනාවට යවන එකයි, මේ පැත්තෙන් එන එකයි. මෙන්න මේ දෙක, මේක පවතිනවා නම් තමයි මේ පුද්ගලයෙකුට මේ, අර ලාභයි කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. අර සංස්කාරයත් එක්ක එනවා කියන. ඉතින් මේක භාවනාව බොහොම සැරට ගැඹුරට ගියා මං මේ කෙටියෙන් මේක කියන්නේ. ඔන්න ඕක මට තේරුණා. මේ මේක උඩ තමයි මේක දුවන්නේ කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.