Date: 24/09/2014 Name: Miccaditti and Satheyya

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම දක්වා සිහි කළා. සිහි කරලා වැඳ නමස්කාර කළා.

මට කල්පනා වුණා මේ ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා කිව්වහම ඉතින් මේ, මේ කොටස්වලට අයිති වෙනවා ඔය මිච්ඡා දිට්ඨිය කියන එක මෝහ කොටසට අයිති වෙනවා. Boundary එකේ නේ තියෙන්නේ. එතකොට ඊළඟට ගත්තහම ඔය සාඨෙය්‍ය කියන එකේ කතාව තියෙනවා නේ. එතකොට ඒකත් වැටෙනවා ඒක ඇතුළට.

එතකොට දැන් මං මේකේ බැලුවා මේ මිච්ඡා දිට්ඨිය කියන එකේ සමුදය මොකද්ද කියන එක මම මෙනෙහි කළා, හේතුව සහ ප්‍රත්‍යය කියන එක විමසුවා. එතකොට ඉතින් මං කෙළින් ම ගත්තේ අර triangle එක. මිච්ඡා දිට්ඨිය, ඊර්ෂ්‍යාව, මායාව කියන triangle එක. එතකොට දැන් මට පේනවා මේ මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ මේ ඊර්ෂ්‍යාව නිසා. ඊර්ෂ්‍යාවෙන් මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා කියන එක අපි දන්නවා අපි බලලා තියෙනවා නේ. ඒ කියන්නේ දැන් මායාවෙන් මිච්ඡා දිට්ඨිය, ඊර්ෂ්‍යාවෙන් මායාව, ඊර්ෂ්‍යාව, ඊර්ෂ්‍යාවෙන් තමයි මිච්ඡා දිට්ඨිය කියන එකට එන්නේ කියන එක අර්ථයට ආවා මං.

එතකොට මේ, මේකට මේ ප්‍රත්‍ය හැටියට අපිට එන්නේ මේ ඊර්ෂ්‍යාවයි කියන එක මට වැටහුණා. වම් අත පැත්තේ තියෙන එක. ඒ මේක ඇවිල්ලා මේ නිත්‍ය සඤ්ඤාව නිසා ම ඇති වුණායි කියලා අපි දන්නවා. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියට හේතුව ප්‍රත්‍ය හැටියට පෙන්නලා දීලා තියෙනවා අර නිත්‍ය කතාව කියන එක. එතකොට මේ ඊර්ෂ්‍යාව කියන එකත් ඔය නිත්‍ය සඤ්ඤාව නිසා නේ ඇති වෙලා තියෙන්නේ, අර පදුට්ඨමනසඞ්කප්පයත් එක්ක එහෙම ඇවිල්ලා නේ.

ඒ පාර මං මේකට හේතු විමසුවා. ඒ හේතු විමසුවහම මේ මායාවේ කෙළවර කියන එක, ඒක දුටුවා. ඒ කියන්නේ මේ මායාව විතරක් නෙවේ. මේ මායාවටයි අර ප්‍රමාදයයි. ඒ දෙක ම එනවා. ඒ කියන්නේ, ප්‍රමාදය නිසා ඇති වන බාධාව වශයෙන් තමයි දුටුවේ. ඒ කියන්නේ මායාව කියලා කියන්නේ මොකද්ද, වැරැද්දක් කරලා ඒක සඟවනවා.

හරියට ළමයෙක් ඉපදුණාම මනුස්සයෝ party එකක් දානවා. ළමයා ඉපදුණා ය මෙහෙමයි කියලා, විනෝද වෙනවා. හැබැයි මේකේ ආරම්භය මේ කාමයෙහි හැසිරීම කියන එක එතන වැහෙනවා. ඒක වහනවා අරක party එක දාලා මේ මෙහෙම වුණායි කියලා, හරි වැඩක් කළා වාගේ. එතකොට, ප්‍රමාදය වීම කියන්නේ මේ සංසාරේ සැරිසරමින් නැවත නැවතත් කුණු සහ dye එකතු කරගන්නා ලද බව අමතක නොකළ යුතු ය. අර එකතු කරගන්න මේවා ටිකෙන් ඒකෙන් තමයි මෙතන මේ මායාව, එතකොට ඒක හේතුව හැටියට එනවායි කියන එක එතනින් ආවා.

සාඨෙය්‍යට ප්‍රත්‍ය සහ හේතුව විමසුවා. සාඨෙය්‍ය මච්ඡරිය නිසා ඇති වෙනවායි කියන එක අපි දන්නවා. එතකොට මච්ඡරියෙන් සාඨෙය්‍යට එනවා. එතකොට left triangle එක left කෙළවරකින් එනවායි කියන එක අපි දන්නවා. එතකොට දැන් මේකේ මේ මච්ඡරිය ප්‍රත්‍ය වශයෙන් ගන්න ඕනෙ. හේතුව කුමක් ද කියන එක මං කල්පනා කරනවා මට අර වාගේ අදහසක් එන්නේ නෑ.

ඉතින් ඒ පාර බුදුපියාගෙන් උදව්වක් ඉල්ලුවහම, ඒකේ උඩ තියෙන අර විඤ්ඤාණයේ ධාරාව පැවතීම. උඩින් නේ එන්නේ, සාඨෙය්‍ය ලකුණු කරලා තියෙන්නේ. අන්න ඒ ධාරාව පැවතීම තමයි මේකේ මේ, ඒ කියන්නේ අපි භයභෙරව සූත්‍රයේ අපි 4 වෙනි slide එකේ පෙන්නුවේ අර නිත්‍යභාවය කියන එක ඇති වෙන එක. ආන්න ඒක තමයි කියන එක. ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-04.jpg