Date: 25/09/2014 Name: Asavakkaye Naana

ඒ උතුම් බුදුපියවරු අනුපිළිවෙළින් සිහි කළා, ශ්‍රද්ධාවෙන් යුතුව. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා.

එතකොට මිච්ඡා දිට්ඨියට හේතුවයි, ප්‍රත්‍යයි කියන එක නැවතත් මං මෙනෙහි කළා. දැන් ඊර්ෂ්‍යාව ප්‍රත්‍ය. නිත්‍ය වශයෙන් ම අන් අය සැප විඳියි, මට එය අහිමි විය. නැවත නැවතත් විඤ්ඤාණය පිහිටවනවා. මෙය වේදනාව නැවත නැවතත් ස්පර්ශ කරමින් කරනු ලබයි. ඒකයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. වේදනාව මෙහි දී බාහිර පුද්ගලයාගේ වේදනාව මෙන් බලා තමාට ආරූඪ කරගන්නවා. අරයා සැප විඳිනවා, මටයි ඒක නැත්තේ. මායාව හේතුව වුණා. මෙහි දී දුස්සීලභාවය වැසීම සඳහා උත්සාහ කරනවා. මනස මෙහෙයවනවා. එසේ නම් මේක පෙර උත්සාහයක්. පෙර විරියක්. දුසිල් බව සඳහා ම වෙනවා. අර wrong effort කියලා කියන්නේ, අන්න ඒක.

දැන් මානය වෙනකොට මෙම කොටස් දෙක හේතුව ප්‍රත්‍යය මාරු වීම ගැන මම කල්පනා කළා. මෙහි දී මායාව කියන එක ප්‍රත්‍ය වෙනවා. ඒක බාහිරයි. කෙසේ බාහිර වූයේ ද? කරගන්නා ලද වරද ඇත. මමත් එය කළේ ය. අන් පුද්ගලයිනුත් එක කරන්නේ ය. උදාහරණයක් හැටියට රැකියාවක් කරලා ජීවත් වීම. එහෙමත් නැත්තන් ඔය මනුස්සයෙක්ව මරණවා නම් පළවෙනි පාරට මනුස්සයෙක්ව මරන්න හරි අමාරුයි. මැරුවාට පස්සේ ඒ එයාට පුළුවන්. පසුව කැමති පරිදි කරන්න පුළුවන්. නැවත නැවතත් මරන්න පුළුවන්.

මෙසේ අන් අයත් ජීවත් වන්නේ ය. මමත් මෙසේ ජීවත් වෙමි ය යනුවෙන් මාන වෙනවා. මේ අනුවෙන් තමයි මේ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ කියන එක තියෙනවා. එතකොට දැන් මෙතෙන්දි ඊර්ෂ්‍යාව නේ හේතුව වෙන්නේ. කෙසේ හේතු වී ද? ඊර්ෂ්‍යාව දැන් නැත, පෙර තිබුණේ ය යන්න විමසිය යුතු ය. පෙර තිබුණේ නිත්‍යභාවය මත ය. එය අභ්‍යන්තර විය. මේක හේතු වෙනවා මේ විදිහට.

මිච්ඡා දිට්ඨියේ බලපෑම කියන එක මෙතන තියෙනවා. එක වෙලාවකට වේදනාව active. එහි දී ඊර්ෂ්‍යාව ප්‍රත්‍ය වෙනවා. තව වෙලාවකට සංස්කාරය active. ඒ වෙලාවේදි මදය ප්‍රත්‍ය වෙනවා. ඔන්න ඕකයි ඕකේ තියෙන්නේ. මේ භාවනාව කරද්දී සමාධිය හරි ම උග්‍රව පැවතුණා. මනෝමය කාය jump වෙනවා කියන එක මං හරියට දැක්කා. උත්තරීතර සමාධියක්. මොකද්ද මේ?

“ආසවක්ඛය ඥානය නිසා ඇති වන සමාධිය බව දත යුතු ය” කියලා කියනවා රහතන් වහන්සේ. එතකොට මෙතන මේ ඊර්ෂ්‍යාව කියන කතාවේදි මම අර 4 සලකුණ කියන එක ඇවිල්ලා විමංසා ඉද්ධිපාදය අන්න ඒ කෑල්ලත් ආවා මට ඒ වෙලාවේදි, ඒක කරනකොට.

ඒක තමයි මං කරපු භාවනාව.