ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමී කියලා කිව්වහම මම කල්පනා කළා ඒ ලෝභය තියෙන අර කොඩිය තියෙනවා නේ. ඒක ඇතුළට ඊර්ෂ්‍යාව කියන කොටස ඇතුළත් වේ කියන එක මම සිහි කළා. ඊර්ෂ්‍යාව තියෙන්නේ ඒක ඇතුළේ කියලා. එතකොට ඒ ඊර්ෂ්‍යාව මගින් අපි දන්නවා චේතනා කරනවා. ඒ චේතනාවන් ඇති වෙනවා කියන එක එතන තියෙනවා. එහෙම කරමින් ජීවත් වෙනවා කියලා සිහි කළා.
දැන් ඒ පාර මං ඊයේ භාවනාව නැවතත් සිහි කළා. එතකොට අර triangle එක තියෙනවා නේ. මොකද්ද ඒ triangle එක, ඊර්ෂ්‍යාව, මිච්ඡා දිට්ඨිය, මායාව කියන triangle එක හේතු ප්‍රත්‍ය වශයෙන් හොඳට දෙපැත්තට ආවා මං ඒක බැලුවා. ඒ බැලුවහම, එතකොට මට තේරුණා ඉතින් මේ බුදුපියවරු ඉතාමත් සැපතකින් ඉන්නවා කියන එක මං කල්පනා කළා මේ මේ විදිහට මේක කළහම. ඒක සඳහා මම ඊර්ෂ්‍යා නොකළ යුතු බව කියලා මං වටහා ගත්තා. ඉතින් ඒකට ඊර්ෂ්‍යා නොකරන්න ඕනෙයි කියන එක. එතකොට ඒ සමඟ ම අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන බව මට දැනෙන්න පටන් ගත්තා.
එතන මං හොඳට බැලුවා අර ඊර්ෂ්‍යාව කියන එක අර, රහතන් වහන්සේ පෙන්නනවා නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාට, ඒ අරූප ධ්‍යාන සමාපත්ති ලාභියාට ඊර්ෂ්‍යාව නෑ. එතකොට ඊර්ෂ්‍යාව නැතෙයි කියලා කිව්වට, නමුත් මේක හේතුවක් වෙනවා නේ. කොහොම ද හේතුව වෙන්නේ? ඊර්ෂ්‍යාව නිසා ඇති වුණා වූ මිච්ඡා දිට්ඨිය කියන එක, දැන් එයාට ඊර්ෂ්‍යාව නෑ නමුත් ඒකෙන් ඇති වුණ මිච්ඡා දිට්ඨිය කියන කතාව මේක ඇතුළේ තියෙනවා කියන එක මං බැලුවා. ඒ විදිහට තමයි මේකේ මේ හේතුව හැටියට මෙතන වෙන්නේ කියන එක.
ඒකට එයාට මානය කියන එක ඇති වෙනවා කියන එක. ඔන්න ඕක තේරුම් ගත්තහම තමයි මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට එනවා කියන එක දැක්කේ. ඉතින් මං රූප දකින්න ගත්තා මේ Earth එක, Earth එකට යටින් මෙහෙම මේවා වෙන එක,
මම. මාව ම මං දකිනවා බැනියමක් ඇඳගෙන ඔතන ම භාවනා කරනවා. ඔය ස්ථානයේ ම. එතකොට, එහෙම ගිහිල්ලා ටික වෙලාවකින් පස්සේ මං අර දෙවනි triangle එක සිහි කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මච්ඡරිය, දුස්සීලභාවය, සාඨෙය්‍ය කියන එක. සාඨෙය්‍ය කියන එකේ සමුදය කියන එක මං විමසුවා. ඒකේ ප්‍රත්‍ය කියන එක මච්ඡරිය. හේතුව දුස්සීලභාවය යන්න කියන එක මට වැටහුණා. ඉතින් මෙතන සමාධිය හරි ම උග්‍රයි සිත නතර වෙලා ගියා. කිසිවක් නොදන්නා ස්වභාවය, නිරෝධය කියන එකට මම ගියා. නැවතත් ආපහු යථා තත්වෙට පත් වුණා. යථා තත්වයේ කියලා කියන්නේ දුක්ඛ තත්වය නේ.
එහෙනම් දුක්ඛ තත්වය කියන එකට පත් වුණා. දුස්සීලභාවය කියන එක තවදුරටත් විමසුවා. ඒක විමසනකොට මට පෙනුණා, අර දුස්සීලභාවය ඇති වෙන්න නම් උපාරම්භ චිත්තය මට මතක් වුණා. එතකොට එතෙන්දි අපි දන්නවා ඒ කාමච්ඡන්දය, උපාරම්භ චිත්තය, කොසජ්ජය, දුස්සීලභාවය කියන ඒ line එක කෙළින් ම මට ආවා. ඉද්ධි diagram එක සිහි වුණා. ඒ වෙලාවේ ආපහු නිරෝධයට ගියා.
ඊට පස්සේ ආපහු යථා තත්වයට පත් වුණායින් පස්සේ මම ඒ දුස්සීලභාවයේ, මදය නිසා ඇති වී ඇති බලපෑම තිබෙන බව මට හොඳින් වැටහුණා. එතකොට මේක පේනවා අර පළවෙනි, අපි ඉස්සෙල්ලා බලපු triangle එක මේක උඩ superimpose වෙනවා. අර triangle එක ගෙනැල්ලා මේක උඩින් තියන්න පුළුවන්. ඒකේ effect එක මේකට හොඳට තියෙනවායි කියන එක ආවා. ආපහු නැවතත් හිතන්න අමාරුයි.
මෙතන තියෙන්නේ මායාවෙන් අනතුරුව කුමන වරදක් කර හෝ ජීවිතය පැවැත්විය හැකි දැ යි සිතනවා. අන්න ඒකයි මේකයි දුස්සීලභාවය. මේක සිද්ධ වෙන්නේ අර සාරම්භය හරහා. එතකොට මේ diagram එකේ තියෙනවා ඒ දෙක සම්බන්ධතාවය කියන එක, ඔය වත්ථූපම එකේ slide 7 එකේ තියෙන diagram එකේ පෙන්නලා දීලා තියෙනවා නේ. එතන මෙතනින් මායාව, මායාවෙන් competition එක, competition එකේ හරහා එනකොට දුස්සීලභාවය කියන එකට එතනින් එනවා. එතකොට මේ triangle එක ගෙනැල්ලා මේක උඩින් තියන්න පුළුවන්කම කියන එක තියෙනවා.
ඔන්න ඕක තමයි මම කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්