ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉතින් ඒ භාවනාවට පෙර ම ඉතින් මේ වත්ථූපම සූත්‍රය නිසා ඉතින් සිතේ තිබුණු පැහැදීම ඒ මං ප්‍රකාශ කළා ඉතින් ඒ මණ්ඩලයට ඒ පුදුමාකාර වූ ධර්මයක් කියන එක ගැන. එතකොට මම ලෝභය නැති කරමි කියන එක කල්පනා කරනකොට මට කල්පනා වුණා ඉතින් ඒ ලෝභය තියෙන කෑල්ලෙම තමයි අර ඊර්ෂ්‍යාව කියන එක එහෙම තියෙන්නේ. ඒ වගේ ම මිච්ඡා දිට්ඨියත් ඉතින් දක්වා ම එතනින් එනවා.
ඊළඟට ද්වේෂය නැති කරමි කිව්වහම ඔන්න පේනවා ඉතින් මේ ද්වේෂය කියන කතාව, කියන triangle එකට අයිති වෙනවා ඔය සාඨෙය්‍ය කියන එකයි මිච්ඡා දිට්ඨිය කියන එකයි ඒ දෙක ම ඒකට වැටෙනවා. ඊළඟට මේ මෝහය නැති කරමි කියලා කල්පනා කළහම එතෙන්දිත් ඒ මිච්ඡා දිට්ඨිය සාඨෙය්‍ය ඒ පැත්තෙනුත් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන්, ඒ boundary එකට ම ඇවිල්ලා තියෙනවා.
එතකොට මේක මෙහෙම කල්පනා කිරීමත් එක්ක දැන් මම කල්පනා කළා, ඔය භාවනාවට පෙර ම මට ආවා ඔය අත්තභාවය කියන එක, සාඨෙය්‍ය කියන තැන අත්තභාවය, ඒ line එක දික් කළහම ඉතින් අපිට වැටෙන්නේ අත්තභාව පටිලාභය කියන එකට ඒක යනවා ඒ ජාතිය කියන එක ඒ කතාව එතකොට, ඉතින් වත්ථූපම සූත්‍රය ඉතින් හරි නේ එතෙන්දී ඊළඟට මේක වෙනවා කියලා දැනගෙන අර ඉද්ධි diagram එකේ අපි පෙන්නුවේ, මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කියන එක වැඩෙන්න ඕනෙයි කියන එක, ඉතින් ඒක බුදුහාමුදුරුවෝ පෙන්නුවා කියන එක ආවා.
ඒක ඇවිල්ලා ඊට පස්සේ දැන් මම කල්පනා කළා මෙතන මේ නිත්‍යභාවයක් කියන එක තියෙනවා. ඒ නිත්‍යභාවය තියෙනවයි කියන එකේ ගත්තහම ඇත්ත ම වශයෙන් ම ගත්තහම එතන තියෙන්නේ අර විපරිණාම දුක්ඛතාවය, වේදනාවේ වෙනස කියන එක එහෙම සත්වයෙකුට දැනෙනවා.
එතකොට අනිත් පැත්තෙන් ගත්තහම සාඨෙය්‍ය කියන එක පැත්ත, එතන පෙන්නනවා මේ සංස්කාරවල වෙනස නිසායි මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සංස්කාරවල දුක්ඛතාවය තියෙනවා කියන එක තියෙනවා. ඉතින් මේ දෙක ම නේ ද දුක්ඛභාවය. විපරිණාම දුක්ඛතාවය, සංස්කාර දුක්ඛතාවය, දැන් තියෙන්නේ ඉතින් දුක්ඛතාවය. දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ. මේක මෙහෙමයි කියන එක සිතනකොට ම ඉතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා මම දන්නවා, ඉතින් නිරෝධයට ගියා එහෙම. ආයෙත් එලියට ආවහම හොඳට සිහිය තියෙනවා ඉතින් මට ඔය රූප පෙනුණා. රූප පෙනුණාට ආයෙත් ඒ, මේ වචන දෙක විතරයි මතක් වෙන්නේ, ආයේ නිරෝධයට යනවා. ඔය විදිහට මේ දිගින් දිගට ම ඒ නිරෝධයට ම ගියා ඒක හොඳට පැහැදිලිව යනවා කියන එක තියෙනවා.
ඒක තමයි මගේ වෙච්ච භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්