ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. ඒ බුදුපියාණන් වහන්සේ මේ විශාල වූ ධර්ම ස්කන්ධයක් මේ විදිහට දරනවා ය, අනිත් අයට මේ විදිහට දෙනවා ය, අර මණ්ඩලයක ඒ නායකයා ය කියලා අරටුව වාගේ ගහක කියලා වැඳ නමස්කාර කළා. ඉතින් මේ විදිහට ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට අර දෙවනි අරටුවක් වාගේ උදව් උපකාර කරනවා ය, අනිත් අයටත් ධර්මය දෙනවා ය කියලා ඔය විදිහට මං පිළිවෙළට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එහෙම කරලා මම කල්පනා කළා අර දැන් ලෝභය නැති කරමි කියලා කිව්වහම අර ඒකට වැටෙනවා නේ, මේකෙන් අර ඊර්ෂ්‍යාව පැත්ත වැටෙනවා කියන එක තියෙනවා, උඩින් වැටෙනවා මිච්ඡා දිට්ඨිය. ඊළඟට ද්වේෂය නැති කරමි කිව්වහම දැන් අපිට පේනවා මේ ද්වේෂ කොටසට මහ ගොඩක් අයිතියි. අර ක්‍රෝධය, දැන් කොඩියේ පල්ලෙහා කෑල්ල කියන එකත් වැටෙන්නේ ද්වේෂයට නේ. Intersection එකක් තියෙනවා නේ. එතකොට එතෙන්දි ඒ ක්‍රෝධය, උපනාහය, ඒ ටික ඔක්කෝම වැටෙනවා, අනිත් පැත්තෙන් කොච්චර දුරකට යනවා ද, අර සාරම්භය, ඒවා ඒ ඔක්කෝම නරක දේවල් ටික මේක අස්සේ තියෙනවා නේ කියන එක ආවා.
එතකොට මෝහය නැති කරමි කිව්වහම ඉතින් ඒකට ගත්තා අර මිච්ඡා දිට්ඨියයි, සාඨෙය්‍යයි, ඒ කෑලි ටික මේකට අයිති වෙනවා ය කියන එක ඉතින් ඒ පල්ලෙහායින් ගත්තහම ඔය මානය කියන එක එහෙම, අතිමානය කියන එක එහෙම ඒකත් වැටෙන්නේ ඒ කෑල්ලට නේ. ථම්භය, විඤ්ඤාණය දැඩි කරගන්නවා අරගෙන, මෝහය පැත්තට නේ වැටෙන්නේ.
එතකොට මේ ටික මෙහෙම බලලා මම කල්පනා කළා ඔය මේ සාඨෙය්‍ය කියන එකේ සමුදය. දැන් මට පේනවා දැන් මේ එක triangle එකක්, ඒක triangle එක දුවන්නේ, උඩ triangle එක, red triangle එක කියන එක, ඒ කියන්නේ ඊර්ෂ්‍යාව, මිච්ඡා දිට්ඨිය, මායාව කියන, ඒ triangle එකේ දිවීම කියන එක අර නිත්‍යභාවයත් එක්ක එන්නේ. එතකොට ඒක හුඟාක් ම අර වේදනාවේ වෙනස නිසායි ඕක දිවීම කියන එක සිද්ධ වෙන්නේ කියන එක ගත්තා.
ඊළඟට සංස්කාර වෙනස නිසා නේ මේ අනිත් triangle එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සාඨෙය්‍ය, ඊළඟට දුස්සීලභාවය, ඒ මච්ඡරිය කියන triangle එක. එතකොට දැන් ඕකෙත් සමුදය බැලුවා නේ. ඒ සමුදය බලපු වෙලාවේ කල්පනා කළා ඔය, ඒක 24 වෙනිදා භාවනාව. ඒ භාවනාවෙදි ඒ කල්පනා කළා මේ සාඨෙය්‍ය කියන එක, මච්ඡරිය නිසා සාඨෙය්‍ය කියන එක ප්‍රත්‍ය වෙනවා නේ එතන. ඉතින් හේතුව මොකක් දැ යි කියන එක එතන බැලුවහම අර මේ විඤ්ඤාණය කියන එක නිසා තමයි එතනදි ඒක ඇති වෙන්නේ. විඤ්ඤාණය තමයි එතන හේතුව හැටියට, ඒ කියන්නේ රහතන් වහන්සේ පෙන්නුවේ මේකේ ධාරාව කියන එක පවතිනවා කියන එකයි. විඤ්ඤාණයේ ධාරාව පැවතීම කියන එක.
එතකොට එහෙම නම් මේ විඤ්ඤාණයේ ධාරාව, දැන් අපි දන්නවා කොහොම හැදුවත් මේ රූපය කියන ඒවා වෙනස් වෙනවා ඒක නිසා වේදනාව වෙනස් වෙනවා. අනිත් අතට ගත්තහම ඒ රූපය වෙනස් වෙන නිසා සංස්කාරයන් වෙනස් වෙනවා. එතකොට වෙනස් වීම කියන එක කොහොමත් තියෙනවා. එතකොට කොහොමත් වෙනස් වීම කියන එක තියෙනවා නම් මොකට ද එහෙනම් හදන්න යන්නේ? මේක හදලා වැඩක් නෑයි කියන එක බොහොම තදින් එනවා. ඒ කියන්නේ කොයි ආකාරයකට හැදුවත්, මේ ධාරාව මොන ආකාරයට පැවැත්තුවත් මේ ප්‍රශ්නය තියෙනවා කියන එක තියෙනවා. අන්න ඒක, ඉතින් දැන් මේ “Excellent” කියලා රහතන් වහන්සේ කිව්වා.
මේක බලනකොට ඉතින් අර, ඔය triangle එක සිහි කරනකොට ම සිත නතර වෙලා ඉවරයි. ඒ මුල දී ම, ඒක නතර වෙනවා. ඔය විදිහට දිගින් දිගට ම මම ඒක බලාගෙන ආවා. ඒක තමයි මං කරපු භාවනාව.
දැන් මේ, පවතින්න පවතින්න දුක්ඛභාවය කියන එක ඇති වෙනවා. ධාරාව පවතින්න පවතින්න. ඒ කියන්නේ අපි සංස්කාරවල වෙනස නිසා සංස්කාර දුක්ඛතාවය කියන එකෙන් එනවා, අතනින් අර වේදනාවේ විපරිණාම දුක්ඛතාවයෙන් ඇවිල්ලා අපි දුක්ඛ දුක්ඛතාවයට කියන එක යනවා. එතකොට මනුස්ස ලෝකේ වාගේ ලෝකවල ගත්තහම දුක්ඛතාවය කියන එක බොහොම වැඩියි.
එතකොට දැන් පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න, දුස්සීලභාවය අඩු වෙන්න අඩු වෙන්න අපිට පේනවා එහෙම නම්, දැන් ඔය බ්‍රහ්ම ලෝක වාගේ ඒවායේ ගත්තහම ඒ දුක්ඛභාවය කියන එක අඩුයි ඒ අනුව ගත්තහම. එතකොට ඒ ආකාරයෙන් වෙනසක් තියෙනවා.
නමුත් දැන් කෙනෙක් මනුස්ස ලෝකේ ඉඳලා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා, බ්‍රහ්ම ලෝකේ ඉඳන් මනුස්ස ලෝකෙට ආවහම එයාට ආපහු පේනවා වෙනස. පේනවා ද? අර මඩ එකතු වුණා මේවා එකතු වුණා කියන්නේ. දැන් එතකොට මෙන්න මේ වෙනස නිසා ආයෙත් මෙයා මේක පවත්වනවා නේ ද? බ්‍රහ්ම ලෝකේ ධ්‍යාන සහිත වූ ඒ දේ හොඳයි කියන අර්ථය මෙතන මේකේ වෙනස. එතකොට එහෙම නම් මේකේ කිසිම ආකාරයකින් පවත්වන්න බෑ. ඒ කියන්නේ මේ ප්‍රමාද වෙනවා කියන එක තමන්ට හොඳට තේරෙනවා, මොන ආකාරයෙන් හරි මං අතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එනවා කියන එක අර්ථය උඩ වෙනස තියෙනවා. වෙනස තියෙන්න තියෙන්න ධාරාව පවතිනවා.
ඔන්න ඕක තමයි හුඟාක් ම මම දැක්කේ. ඒ දුස්සීලභාවය කියන තැනට මම ආවාට පස්සේ දැන් මට දැන් ආපහු පේනවා මේ වෙනසවල් ඇති වෙනකොට අර ඡම්භී භීරුකජාතිකා කියන කතාවට එනවා. එතකොට ඡම්භී භීරුකජාතිකා කතාවට ඇවිල්ලා මම කල්පනා කළා දැන් මෙතන කාරණා තුනක් තියෙනවා. කඞ්ඛී කියන කතාව, විචිකිච්ඡති එතන, ඊළඟට අර භයේ අගතිය වෙනවායි කියන එක. ඒ කියන්නේ නිශ්චිතභාවයක් නැති මම, බය ඇති මම, විචිකිච්ඡා සැක සහිත වූ මම කියන එක. එතකොට මේක නිසා නේ ද මේ විඤ්ඤාණයේ ධාරාව අර පවත්වන්න යන්නේ. අර උඩින් ධාරාව පවත්වන්න යන්නේ මේක නිසා ය කියන එක. ඔන්න ඔය කෑල්ලත් ආවා.