ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාරය වේවා. ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. සිහි කළහම මම අර වනපත්ථ සූත්‍රය කියන එක කල්පනා කළා.
ඒ වනපත්ථ සූත්‍රයේ තියෙන්නේ භික්ෂූන් වහන්සේ නමක් කැලෑවකට ගිහිල්ලා ඉන්නකොට ඒ භික්ෂූන් වහන්සේට සමාහිත බවක්, මේ සතියක් ඇති වෙන්නේ නැත්තන්, ඒ වගේ ම සමාහිතභාවයක් කියන එක ඇති වෙන්නේ නෑ. ඒ වගේ ම මේ ආශ්‍රවයෝ කියන ඒවා ගැලවිලා යන්නේ නැත්තන්, ඒ වගේ ම යෝග කියන එක, කාම යෝග එහෙම තියෙන්නේ, ඒ වගේ යෝගයන් කියන එක, ඒකට ඒ වචනේ තියෙන්නේ ඒ යොගක‍්ඛෙම කියලා තියෙන්නේ. එතකොට ඒක වෙන්නේ නැත්තන්, ඒ යෝගයන් කියන ඒවා අයින් වෙන්නේ නැත්තන් ඒ භික්ෂූන් වහන්සේ, ඊළඟට පෙන්නනවා ඒ භික්ෂූන් වහන්සේට ආහාර කියන ඒවා ගන්න, හොයාගන්න බොහොම අපහසුයි. එතකොට ඒ භික්ෂූන් වහන්සේට තථාගතයන් වහන්සේ කියනවා මෙතනින්, ඒ තියෙන තැනින් ඒ දවාලේ හරි රාත්‍රියේ ම හරි, එදා රාත්‍රියේ ම හරි දවාලේ ම හරි පිටවෙලා යන්න ඕනෙ කියලා ඒ වනයෙන්.
ඊළඟට ආයෙත් පෙන්නනවා අර භික්ෂූන් වහන්සේට මෙහෙම සමාධියන්, නැති සමාධියන් ඇති වෙනවා, නැති සතියන් කියන ඒවා ඇති වෙනවා, ආශ්‍රවයන් අඩු වෙනවා, අර බන්ධනයන් කියන ඒවා, යෝගයන් කියන ඒවා අඩු වෙනවා. එතකොට හැබැයි ආහාර තාමත් හොයාගන්න අපහසුයි මේ අවස්ථාවේ දී. අන්න ඒ අවස්ථාවේ දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා අතන, ඒ වනපතය වාසය කරාට කමක් නැහැ කියලා. ඒකේ ඉන්න කියලා. අර සතිය එහෙම වැඩි වෙන නිසා. එතකොට මේ විදිහට මේ සූත්‍ර දේශනාවේ දිගින් දිගට ම ගෙනියනවා.
ඉතින් ඊළඟ අවස්ථාවේ දී පෙන්නනවා මේ ආහාර කියන ඒවා එහෙම හම්බවෙනවා, නමුත් ඒ භික්ෂූන් වහන්සේට අරවා වැඩෙන්නේ නෑ. ඒ අවස්ථාවේ දී යන්න ඕනෙ. එතකොට ආහාරත් පහසුවෙන් ලැබෙනවා, සතිය එහෙම ඇති වෙනවා, අන්න ඒ අවස්ථාවේ දී ඉන්නෙයි කියන එක. එතකොට මෙතන කාරණාව තියෙන්නේ ඔය සතියයි, සිත සමාහිතභාවයට පත් වෙනවා කියන එකයි, ආශ්‍රවයන් අඩු වෙනවා කියන එකයි, බන්ධනයන් අඩු වෙනවා කියන එකයි තමයි මෙතන තියෙන්නේ.
එතකොට දැන් ඒක මම භාවනා කරනකොට, මම මේ රහතන් වහන්සේ ලියපු විදිහට පෙන්නන්නම්, මං ආවේ ඔය triangle එක. දුස්සීලභාවය, මච්ඡරිය, සාඨෙය්‍ය කියන triangle එකට ආවේ. එතකොට යමෙක් කැලේක වාසය කරන්නේ නම් දුස්සීලභාවයට තුඩු දෙන්නා වූ සඤ්ඤා සංස්කාරයෝ සිතට ඇතුල් වෙන්නේ නම් ඒක ඔහුට බාධාවක්, නිවනට බාධාවක්. මේ නිසා ම මෙම සිතුවිලි නිසා ම ඔහුට මච්ඡරියක් ඇති වෙනවා නම් සතියක් කියන එක පවතින්නේ නෑ. මෙසේ නිවනින් පිටත දෙයක් ගන්නේ නම් සාඨෙය්‍ය වෙනවා, වංචාව කියන එක ඇති වෙනවා. අසමාහිතභාවය මේක නිසා සිද්ධ වෙනවා. සමාධිය සඳහාත් මේ විදිහට ම සිතන්න ඕනේ. මම මේ වනයට වෙලා සමාධි සහගත සිතින් ජීවත් වෙනවා. මෙසේ ජීවත් වී මරණයෙන් මතු යම් උත්පත්තියක් වන්නේ නම් එය හොඳ වූ ලෝකයක් යැයි සිතලා සිත බන්ධනය ඇති කරගන්නවා. එතකොට මේ මේක ආහාර පහසුවෙන් ලැබෙන අවස්ථාවේ දීත් නොලැබෙන අවස්ථාවේ දීත් විය හැකි ය කියන එක තමයි ඒ රහතන් වහන්සේ පෙන්නුවේ.
ඒක තමයි භාවනාව.