ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා.
ඊයේ භාවනාව ම නැවතත් සිහි කළා. මතක නේ ඊයේ භාවනාවෙදි කළේ අර දුස්සීලභාවයට තුඩු දෙන්නා වූ සඤ්ඤා සංස්කාරයෝ සිතට ඇතුල් වෙනවා නම් ඒක නිවනට බාධාවක්. එම සිතුවිලි නිසා ම අපට මච්ඡරිය ඇති වෙනවා නම් සතිය කියන එක නැති වෙනවා කියලා. එතකොට සතිය කියන එක නොපවතිනවා නම් නිවනින් පිටත දෙයක් ගත්තා. ඒ කියන්නේ සාඨෙය්‍ය කියන එක ඇති වෙනවා. අන්න ඒ වෙලාවේදි මට කල්පනා වුණා අර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ පෙන්නා දීපු අර සාඨෙය්‍ය ඉඳන් අශ්‍රද්ධාවට යනකොට ද්වේෂයෙ ඉඳන් උද්ධච්චයට යනවා කියන එක, කැරකෙන එක.
උද්ධච්චය ඇති වෙනවා නම් එහෙම නම් අපි අවිද්‍යා යෝගයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවය දක්වා ගමන් කරනවා. එතන මේ ඔය, දැන් ඔතන අවිද්‍යා යෝගයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවය කියනකොට දැන් අපිට පේනවා නේ මේ විඤ්ඤාණය සකස් වෙලා නිත්‍යභාවය, අත්තවාද උපාදාන මේ වෙනකොට සිද්ධ වෙලා ඉවරයි. කුමක් නිසා ද, මේවා ආශ්‍රවයෝ කියලා දැනගන්න ඕනෙ. එහෙනම් දිට්ඨි ආශ්‍රවය කියන එක වෙලා තියෙනවා කියන එක තියෙනවා.
එතකොට මෙතෙන්දි දැන් අවූපසන්තචිත්තය කියන එක අපිට ඇති වෙලා තියෙනවා. උද්ධච්චය ඇති වුණා කිව්වා නම් එතන තියෙනවා. දැන් මේක වුණා නම් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා කියන එක සිද්ධ වෙනවා. කාම ආශ්‍රවයට ආවා නම් රාග සල්ලයට එනවා. රාග සල්ලයට ඇවිල්ලා අපි ආපහු රූපය නැවතත් ස්පර්ශ කරනවා කියන එක තියෙනවා.
එතකොට අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව උස්සනවා. එහෙම නම් මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා ක්‍රියාවලිය සිදු වෙනවා. දැන් අර red triangle එකට එනවා කියන එක තියෙනවා. එතකොට ඒක red triangle එක හැදෙනවා, එහෙම නම් ඊර්ෂ්‍යාව, මායාව, මිච්ඡා දිට්ඨිය කියන එක, ඒක දැන් මෙතෙන්දි ගැලවීමක් නෑ. කුමක් නිසා ද?
යමක් පටන් ගත්ත තැනට නැවත පැමිණ ඇති නිසා. මෙසේ අශ්‍රද්ධා වීම නිසා ජීවත් වීම පවත්වයි. නිරෝධය නොදනී, කියන එක.
ඒක තමයි ඒකේ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්