Date: 01/10/2014 Name: වනපත්ථ සූත්‍ර තුන්වන කොටස

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳන්, සහම්පති බුදුපියාණන් වහන්සේ දක්වා.

එතකොට ඊයෙයි පෙරේදායි භාවනා දෙක සිහි කළා. අර triangle දෙක දන්නවා නේ අපි. ඒ දෙක සම්බන්ධ වෙන, උද්ධච්චයට හේතු වෙන කාරණා කියන ඒවා මං සිහි කළා. මට තේරුණේ උද්ධච්චයෙනුයි මේක සම්බන්ධ වෙන්නේ කියන එක. ඒක නිකන් අර හරියට නිකන් අර rock වෙන්නේ ඔරුව, ඔරුවක් මේ පැත්තට එක පැත්තකට මෙහෙම වෙන්නේ, ආන්න ඒ වාගෙ, ඔරුවක් නෙවෙයි අර seesaw එකේ තියෙන්නේ. ආන්න ඒ වගේ තමයි rock වෙන්නේ.

එතකොට, එතෙන්දි මේ උද්ධච්චයට කාරණාවන්, ද්වේෂය නිසා උද්ධච්චය ඇති වෙනවා. ද්වේෂය නිසා උද්ධච්චයට ආවායි කියන එක කිව්වා නේ. ථීනමිද්ධයේ ඉඳන් උද්ධච්චයට එනවා. ඊළඟට අශ්‍රද්ධාවෙන් උද්ධච්චයට එනවා තයොධම්ම සූත්‍රයේ. එතකොට ද්වේෂය කියන එක ඇති නම්, sick සඤ්ඤාව මගේ යැයි ගෙන ජීවත් විය හැකි යැයි සිතාගෙන තියෙනවා. එසේ උද්ධච්ච වීමට පෙර ම දෝස සහගත ස්වභාවය ථීනමිද්ධ වීමෙන් අනතුරුව සිදු වෙනවායි කියලා අපි සම්මා වාචා diagram එකේ දන්නවා. ඇයි ථීනමිද්ධය ඇති වෙන්න එපැයි ද්වේෂ වෙන්න ඉස්සෙල්ලා. එතකොට ද්වේෂය, ථීනමිද්ධය ඇති වෙන්න වෙලාවේ තමයි මේක සිද්ධ වෙන්නේ.

එතකොට ඊළඟට ආයෙත් එනවා, අපිට ථීනමිද්ධය ඇති නම් උද්ධච්චය වෙනවා. ථීනමිද්ධය වෙන්න පෙර ව්‍යාපාදය වෙලා තියෙනවා කියන එක අපි දන්නවා. වී ඇති ය කියන එක තියෙනවා. එතකොට ඒක වෙනකොට ඒ දුස්සීල වෙලා තියෙනවා. ව්‍යාපාදය තියෙනවා නම් දුස්සීල වෙලා තියෙනවා. අශ්‍රද්ධාව වෙන්නේ නම් උද්ධච්චය ඇති වෙනවා. තයොධම්ම සූත්‍රය.

ඉතින් අශ්‍රද්ධාව කියලා කියන්නේ දුස්සීලභාවය ම නේ. වෙන මොකද්ද? එසේ නම් දුස්සීලභාවය ම උද්ධච්චය ඇති වීමට හේතුව වී ඇත. දුස්සීලභාවය අවූපසන්තචිත්තය මත හටගත්තයි කියලා අපි තේරුම් ගත්තා. එතකොට නිවනින් පිටත දෙයක් ගන්නේ, සංස්කාරවල සමානතාවයක් නැත. අන්න එතනදිත් ඉතින් සිත විශාල වෙලා පවතිනවා.

දුස්සීලභාවය තුළ අභිජ්ඣා කියන එක තියෙනවා. එහෙනම් මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම කියන එක. එතකොට මේක ම තමයි හේතුව වෙන්නේ. එතකොට දුස්සීලභාවය කියන එක එතනින් බැලුවා මෙතන හේතුව වෙනවා කියලා. එතකොට සාඨෙය්‍ය වීමට කියන එක අභිජ්ඣා කියන එක තියෙනවා කියලා.

එතකොට මෙන්න මේකයි, ඒ කියන්නේ මේ අවිද්‍යාව හේතුවෙන් සංස්කාරය ලෙස ම සලකන්නෙයි කියන එකයි පෙන්නන්නේ. අවිද්‍යා හේතුවෙන් සංස්කාරය, මේ අපි මේ කතා කරන්නේ. අර අභිජ්ඣා කියන එක තියෙනවා, මිච්ඡා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය කිව්වහම එතෙන්දි අපි ගන්නවා අවිද්‍යාව හේතුවෙන් සංස්කාරය කියන, හේතුවෙන් සංස්කාරය. අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන්නෙ නැතුව අවිද්‍යා හේතුවෙන් සංස්කාර ලෙස සලකන්න ඕනි මෙන්න මේ අභිජ්ඣා කතාවල් තියෙන එක. එතකොට මච්ඡරිය තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒක හැම රවුමක ම ඇත. එය පැවතීම සඳහා දුස්සීලභාවය භාවිතා කරනවා, අර මච්ඡරිය පවත්වන්න, කියන එක.

අන්න ඒක තමයි ඒ භාවනාවේදි කළේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg