ඒ උතුම් මණ්ඩලය සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ අනුත්තර වූ පුඤ්ඤං කෙත්තං කෙතක් කියලා ඒ දාහතර නම ම මණ්ඩලාධිපති බුදුපියාණන් ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා.
එතකොට මම ඊයේ භාවනාවේ කෙළවර තමයි මම, භාවනාවට පෙර ම මං කල්පනා කළා. එතෙන්දි කිව්වා නේ අවිද්‍යා හේතුවෙන් සංස්කාරය ලෙස සලකන්න ඕනෙයි කියලා. සාඨෙය්‍ය කියන එක ඇති වෙනවා අභිජ්ඣාව. ඒක හේතුව වෙනවා. මච්ඡරිය කියන එක ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වා. එතකොට මච්ඡරිය කියන එක හැම රවුමක ම තියෙනවා. ඒක පැවතීම සඳහා දුස්සීලභාවය තමයි අපි භාවිතා කරන්නේ. එතකොට මෙතන ප්‍රත්‍ය වෙනවා කියලා ඒ විදිහට කිව්වහම, අරක හේතුව වෙනවා කිව්වහම, අවිද්‍යාව විඤ්ඤාණයට බීජ වෙනවා කියන එක මට ඔය ඊයේ භාවනාවේදි ආවා. විඤ්ඤාණය බීජ වෙනවා කියන එක.
එතකොට ඒ බීජ කතාවේදි සම්බන්ධ වෙන්නේ අපේ අර ආයතන භාවනාවේ අවසානෙට, 10 වෙනි slide එකේ පෙන්නනවා නේ අර අරූප ධ්‍යානයට ඇලීම සමුද්ඝාතනය නොකිරීම තමයි අවිද්‍යා අනුසය කියන එක. එතකොට අවිද්‍යා අනුසය කෙනෙකුට බැලුවහම පේනවා මේ වේදනාවත් එක්කයි මෙතන තියෙන්නේ. එතකොට මච්ඡරියත් මේක වටේ තියෙනවා. එතකොට එහෙනම් මේක තමයි ප්‍රත්‍ය. අවිද්‍යා පච්චයා සඞ්ඛාරා කියනකොට අවිද්‍යාවේ ප්‍රත්‍ය කියන එක ගත්තහම මෙතන තියෙන්නේ අවිද්‍යා අනුසය. මේක, මෙතන මේ පෙන්නන්නේ මොකද්ද අන්තිමට මේ කතාවේ දී, අර විඤ්ඤාණයට පලිබෝධයක් ඔයාට ඇති වෙනවා, ඒ පලිබෝධය නිසා පරියුට්ඨානය, පරියුට්ඨානයෙන් අප්පටිවේධය කියන එක ඇති වෙනවා.
එතකොට අප්පටිවේධයක් වුණා නම් අවිද්‍යා ආශ්‍රවය වෙනවායි කියලා තියෙනවා. එතෙන්දි පැහැදිලි කළා අවිද්‍යාවට විඤ්ඤාණය බීජ වෙනවා කියලා. යමක් බීජ වෙනවා ද ඒක නොසිඳී පවතින හේතුවක් වෙනවා. එතකොට ඒකෙන් ප්රතිසන්ධිය කියන එක ඇති වෙනවා කියන එක අර අංකුරේ කතාව මතක් වෙන්න ඕනෙ. එතෙන්දි කිව්වා මේ විදිහට උපාදාන වෙනවායි කියලා, අත්තවාද උපාදානය. විඤ්ඤාණය බැඳුනහම අරූප ධ්‍යානයට ඇලීම සමුද්ඝාතනය නොකිරීම නිසා හාත්පසින් බැඳුනු විඤ්ඤාණය යථාභූතව දැනගන්නේ නැතෙයි කියලා ඒක පැහැදිලි කළා.
එතකොට එහෙම නම් දැන් අපිට පේනවා මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක ඇවිල්ලා, අපි දැන් අර පල්ලෙහා සංස්කාර තියෙන හරියට ඇවිල්ලා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවය කියන එක හේතුව වෙනවා. අවිද්‍යා අනුසය කියන එක ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒක තමයි මං භාවනාවේදි බොහෝ ම මම තදින් බැලුවේ. ඒ කාරණා දෙක, ඒක සිහි කළා ඒ විදිහට ඇවිල්ලා.
ඒ කියන්නේ මේ, මේක පැහැදිලි කරනවා, ඔය පෙටකොපදෙසයේ පැහැදිලි කරනවා මේ විඤ්ඤාණය කියන එක, අපේ මේ විඤ්ඤාණය නොසැලී පවතින්නට ගොඩක් කාරණාවන් තියෙනවා. ඒ කියන්නේ ආශ්‍රවය වශයෙන් අවිද්‍යාවෙන් මේ කරන දේ තියෙනවා. හේතුව වශයෙන් මේක කරන එකෙන් තියෙනවා. Non interruption, ඒ කියන්නේ නොබිඳී පවතිනවා කියන අර්ථයෙන් ඒක කරනවා කියන එක තියෙනවා.
ඊළඟට තියෙනවා නැවැත්තීමක් නෑ කියන එක. ඊළඟට ඵලය වශයෙන් තියෙනවා. නැවතත් ප්‍රතිසන්ධියක් ඇති කරනවා කියන අර්ථය කියන එකේ තියෙනවා.
මේ විදිහට මේ දිගින් දිගට ම මේ අවිද්‍යාවේ ක්ෂේත්රය මෙසේ දක්වන්න ඕනෙයි කියලා පැහැදිලි කරනවා ඔය පෙටකොපදෙසය කියන එකේ. ඉතින් ඒක තමයි මම කරපු භාවනාව.
මෙතනදි බලපු අනිත් එක තමයි, දැන් මච්ඡරිය කියන එක අපි දන්නවා ඇති වෙන්න පලාසය. පලාසය කියන එක හේතුව. දැන් මච්ඡරියට ප්‍රත්‍ය ඇවිල්ලා අවිද්‍යා අනුසය. පලාසය කියන එක, දැන් කෙනෙකුට, දැන් අපි දන්නවා ඕක උපනාහයත් එක්ක සම්බන්ධයි නේ. කෙනෙකුට වෙන් කරන්න ඕනෙකම තියෙන්න පුළුවන්, වෙන් කරන්න ඕනෙ වුණාට එයාට වෙන් කරගන්න බෑ. නමුත් වෙන් කරනවා කියන මච්ඡරිය එයා තුළ පවතිනවා. කරගන්න බැරි වුණාට. අන්න ඒ අර්ථය ඕකේ තියෙනවා කියන එක මම බැලුවා. ඒ මච්ඡරියට හේතුවත් ප්රත්යයත් කියන එක විමසුවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්