ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. සිහි කරලා, ලෝභය නැති කරමි කියලා කල්පනා කරන වෙලාවේදි මට කල්පනා වුණා, මේ වේදනාව වටේ ඔක්කොම මච්ඡරිය ටික තියෙනවා. එතකොට මේ මච්ඡරිය කියන එක අවිද්‍යා අනුසය නිසා ඇති වෙනවා. මච්ඡරිය ඇති වුණා නම් සාඨෙය්‍ය කියන එක ඇති වෙනවා.
එතකොට ඔය purple triangle එක තියෙන්නේ. ඒක මෙනෙහි කළා. ඉතින් මේකේ පෙන්නුවා නේ අර අවිද්‍යා පච්චයා සඞ්ඛාරා කියනකොට අවිද්‍යා අනුසය නිසායි මේ සංස්කාරය කියන එක. එතකොට අවිද්‍යා ආශ්‍රව තමයි ඔතන සංස්කාර තියෙන තැන තියෙන්නේ. ඒක හේතුව වෙනවා. ඉතින් මේක මෙනෙහි කළහම මට කල්පනා වුණේ ඔය වනපත්ථ එකේ අන්තිම diagram එකේ තියෙන එක. මේ විදිහට මච්ඡරිය කියන එක හැම රවුමක ම තියෙනවා, මේක පැවැත්වීම කියන එක දුස්සීලභාවයෙන් කියන එක කරනවා.
එතකොට මේ කාය වචී මනෝ, මෙන්න මේ කර්මයන් අනුව තමයි මේක කරන්නේ කියන එක එනවා. ඉතින් මේක කල්පනා කළා ඔය, අපි මේ අරූප ධ්‍යානයන් අල්ලගෙන ඉන්නවා නම්, ඒත් මේක සිද්ධ වෙනවා මේ විදිහට. හැම එකකින් ම මොකක් හරි ලාභයක් කියලා ගත්තා, ඒක මච්ඡරියක් ඇති වුණා නම්, අරූප ධ්‍යානයක් වගේ එකක් අල්ලගෙන හිටිය නම්, ඉතින් මේ සම්පූර්ණයෙන් ම මේක, මේ ක්‍රියාවලිය දුවනවා කියන එක කල්පනා කළා. ඒක maintenance එක. ඉතින් එහෙම නම් මේක කවදාහරි නැති වෙන්නෙ ඒ දුස්සීලභාවය නැති වුණා නම්. සම්මා ආජීවයට ආවා, දුස්සීලභාවය කියන එක නැති වුණා නම් විතරයි මේක නැති වෙන්නේ, නැත්තන් මේක නැති වෙන්නේ නෑ මේක පවතිනවා කියන එක, ඒක ආවා.
ඒක ආවාට පස්සේ මට කල්පනා උණා, මට දැක්ක, අර මිනිහෙක් ඉන්නවා නේ, සඤ්ඤාව ඔළුව, අර වේදනාව වම් අතේ උරහිස. එතකොට ඒ මනුස්සයාව මට පෙනුණා. අර මානය කියන එක වම් කකුල පැත්තෙන් එනවා, දකුණු කකුල තියෙන්නේ අර සංස්කාරය කියන තැන. ඉතින් ඒ කියන්නේ අවිද්‍යාව කියන එක නේ කියන එක ආවා. එතකොට මේකෙන් තමයි මේක පවත්වාගෙන ඉන්නේ කියන එක.
ඉතින් ඒක බැලුවා ම ඉතින් ඔළුව හරියට ඉතින් විශාල වීගෙන මෙහෙම ම පවතිනවා. අර කැරකෙන එක නතර වෙලා තියෙනවායි කියලා ඒක එහෙම පේනවා. ඉතින් ඔහොම ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ඉතින් “ඇතියි” කිව්වහම මම නැවැත්තුවා. ඉතින් භාවනාවේ කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඔය අර්ථයෙන් බලපු ඒවා. ඉතින් මේක තමයි මේ, සංඛතං අභිසඞ්ඛරොති කියන්නේ මේ මේක තමයි. මේකෙන් තමයි අර ඔක්කොම සකස් කරනවා, රූපය වේදනාව ඒ විදිහට මේ කියන එක. ඔන්න ඔය අර්ථය තමයි මේකේ භාවනාවේ තියෙන්නේ.
මෙතන ඒ භාවනාවේදි අර අශ්රද්ධාවට ආවා නේ. අශ්රද්ධාව කියන එක මේ සංස්කාරය කියන කතාව පවත්වනවා කියන එක, කාය වචී මනෝ සංස්කාරයෙන් ඒක maintain කරනවා කියනකොට, ඕක නේ අශ්රද්ධාව කියලා කියන්නේ. එතකොට අශ්රද්ධාව නිසා උද්ධච්චය. එතකොට මේ, මෙන්න මේ line එක තමයි අර triangle දෙක connect කරන්නේ. මේක create කරන එක්කෙනායි, maintain කරන එක්කෙනායි කියන එක්කෙනා join කරනවා.
එතකොට එහෙම නම් දැන් අශ්‍රද්ධාවේ දී දන්නවා දැන් අපි මේ දුස්සීලභාවය කියන ඒවා පවත්වනවා. ඉතින් මේක නිසා අපිට උද්ධච්චය, රූප වශයෙන් ඒ ඒ වාගේ ඇති වෙන්නා වූ උද්ධච්චයන් තියෙනවා. ඊළඟට ඒවාගෙන් අයින් වෙලා ආකාසානඤ්චායතන වාගේ ඒ වගේ ධ්‍යානයන්ට ගිහිල්ලා ආපහු එතන, ඒවායෙත් උද්ධච්චය, ඒකත් අල්ලගෙන, නිවනෙන් පිටත දෙයක් අරගෙන ඒ උද්ධච්චය කියන එක පවතිනවා. එතකොට මේක, මේ process එක join කරන්නේ මෙන්න මේ, මේ දෙන්නා ය කියන එක ඉතින් නැවතත් මම බැලුවා ඒ භාවනාවෙදි. ඒක තමයි තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්