ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ කියලා, අර ධර්මය දීපු එක ගැන, අර අර stick එක මාරු වෙන එක, ඒක මට සිහි වෙලා ඉතින් ඒ විදිහට සිහි කළා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා හත් නම සිහි කරලා දාහතර නම සිහි කළා. ඉතින් තපස්සි බුදුසීයා සිහි වුණා අර අත්තා ඉඳන් නිත්‍යට යන එක දීපු එක ගැන. ඉතින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ ගොඩාක් ධර්මය දුන්නා කියලා ඔය විදිහට සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි කියලා කිව්වහම මට කල්පනා වුණා ඔය මච්ඡරිය කියන එකේ කොච්චර කාරණාවක් ලෝභය කියන එක ඇතුළත තියෙනවා ද කියන එක. එතකොට ලෝභය කියන එක අපි බලනකොට අපි බලන්න ඕනෙ, කබලිංකාර ආහාරය, ජාතිය, වේදනා, චේතනා, කියන එක දක්වා යන්න ඕනෙ. එතකොට මේ කොටස බැලුවහම අපිට පේනවා මේකේ තියෙනවා ලාභමච්ඡරියයි, ආවාසමච්ඡරියයි, ධම්මමච්ඡරියයි කියන එක ඒකට වැටිලා තියෙනවා. ඊළඟට, මේ තුනක් ම ඇතුළත් කියන එක තේරුණා.
ද්වේෂය නැති කරමි කිව්වහම මම කල්පනා කළා මෙතෙන්දි අර කුලමච්ඡරිය කියන එක මේකට ඇතුළත් වෙනවායි කියන එක. වණ්ණමච්ඡරිය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර ද්වේෂයෙ කුලමච්ඡරිය ඇතුළත් වෙනවා, ජරා වූ කුලයක් අල්ලගෙන ජීවත් වෙනවායි කියලා ඒක වැටහීම ඇති වෙනවා.
වණ්ණමච්ඡරිය කියන එක රහතන් වහන්සේගෙන් ඇහුවහම මේ “ලෝභයටත් ද්වේෂයටත් මෝහයටත් තුනට ම ඇතුළත් වෙනවා” කියලා බුදුපියා පැවසුවා. කොහොම ද ඒ? වර්ණනාව ඇති වෙන්න නම් ලාභයක් ඇති වෙන්න ඕනෙ. එතකොට ලෝභය නිසා වණ්ණමච්ඡරිය ඇති වෙනවා කියන එක එතනින් එනවා. ඊළඟට ලාභය ඇති වෙන්න නම් අපි අත්තා කියලා ගන්න ඕනෙ. ඒ කියන්නේ අර නිකාමයමානා කියලා කියන්නේ. අපි අර පල්ලෙහාට එන්නේ උඩට ගිහිල්ලා. තණ්හාව පවතින්න ඒ කතාව තියෙනවා. අත්තා යැයි කියලා ගන්න ඕනෙ. මෙහෙම ජීවත් විය හැකි යැයි කියලා සිතනවා. එහෙම නම් මේක කුලමච්ඡරියත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේක තියෙන්නේ. මේ විදිහට ජීවත් වෙනවා කියන එක. මේ විදිහට පේනවා එහෙනම්, ද්වේෂය නිසා වණ්ණමච්ඡරිය ඇති වුණා කියලා.
ඉතින් මෙතෙන්දි මට කල්පනා වුණා මේ පලාස කරමින් තමයි මේක කරන්නේ කියලා. මේ කුලේ නෙවේ මේ කුලේ කියලා අල්ලගන්නවා, ජීවත් වෙමින්. ඉතින් එතකොට මට ඇහුණා “සාධු සාධු” කියලා කියනවා.
මෝහය ඇති වීමට දැන් අර sick සඤ්ඤාව කියන එක මගේ කියලා ගන්න ඕනෙ. මේ උඩින් ගන්නවා, චේතනාවේ ඉඳන් අත්තා ඉඳන් කියලා කියන එක නේ අපි කතා කළේ. එතකොට ඒක අත්තා කියලා මගේ යැයි ගැනීම සිදු වෙන්න ඕනෙ. එතකොට මෙසේ අවිද්‍යා ආශ්‍රවය කියන එක මේකෙන් ඇති වෙනවා, මේ විදිහට සංස්කාර ඇති වෙනවා, සිදු කරනවා කියන එක තියෙනවා. මෙම සංස්කාරයන් නිසා මච්ඡරිය වෙනවායි කියලා අපි අර purple triangle එක මගින් අපි දන්නවා. එතකොට මේකේ, මේ මගින් මච්ඡරිය පවත්වනවා. අනුසය වෙනවා කියන එක තියෙනවා.
මෙන්න මේ අවස්ථාවේ දී කල්පනා කරන්න ඕනේ, අර අභිජ්ඣා කියන එකේ අර්ථය. ඒ කියන්නේ අභිජ්ඣා කියලා මගේ වේවා කියලා කියනවා නේ. එතකොට අර අවිද්‍යාවෙන් හේතුවක් හැටියට සංස්කාර වෙනවා කියලා අපි ඉගෙන ගත්තේ. අන්න ඒ කතාව කියන එක බලන්න ඕනේ. ඉතින් මේක කළහම ඉතින් හරියට අර ආලෝකය සහිතව ජීවත් වෙන්න පුළුවන්. තමන්, මම මගේ ශරීරය ම මම දකිනවා. හරියට අර negative එකක් දකිනකොට තියෙන්නේ, එක එක තැන්වල මෙහෙම. ඇස්වලින් ආලෝකය එහෙම තියෙනවායි කියන එක මට ම පේනවා, පිටින් බලලා. ඒක තමයි භාවනාව.