ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට තුන් නම ම සිහි කරලා ඊට පස්සේ මුළු දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා, අර දුන්නා වූ ධර්මය ගැන බොහොම කෘතඥතාවය සහිතව.
ආපහු මං ඊයේ භාවනාව ආපහු නැවතත් කළා. ඔය මච්ඡරිය කියන එක පහකට වැටෙනවා, මච්ඡරිය පහ, ලෝභ දෝස මෝහ කියන තුනට වැටෙනවා. එතකොට දැන් ඊයේ වගේ ම කල්පනා කළා ඒ ලෝභය කියන කොටසට කියලා ගත්තහම අර ලාභමච්ඡරියයි, ආවාසමච්ඡරියයි, ධම්මමච්ඡරියයි කියන එක වැටෙනවා කියන එක.
ඊට පස්සේ ද්වේෂය නැති කරමි කියන කොටසෙදි මම කල්පනා කළා, ඒ ද්වේෂයට ඇති වෙන්නා වූ ඒ කුලමච්ඡරියයි, ඊළඟට ඒ වණ්ණමච්ඡරිය තුනට ම සම්බන්ධ වෙනවා කිව්වා නේ. එතකොට ඉතින් ලාභය නිසා වණ්ණමච්ඡරිය කියන එක ඒක බැලුවා. එතකොට මෙතෙන්දි අත්තා කියලා ගන්න ඕනෙ ලාභයි කියලා කියන්න. එතකොට දැන් මෙතෙන්දි අපිට පේනවා, ලෝභය නිසා වණ්ණමච්ඡරියේ ඇති වීමක් තියෙනවා. ඊළඟට අත්තා කියලා අර චේතනාවේ ඉඳන් පල්ලෙහාට බහිනවා කියන එක තියෙනවා. එහෙම නම් අර vector එක වාගේ, ඒක තමයි තණ්හාව කියලා කියන්නේ නේ ද?
දැන් ඊට පස්සේ දැන් අපිට පේනවා මේ වේදනාවේ ඉඳන් පරාමාසයට මේක ඇදෙනවා කියන අර්ථය තියෙනවා. එතකොට එහෙනම් ඇත්ත වශයෙන් ම ඇදෙන්නේ මොකද්ද, විපරිණාමය. දුක්ඛය. එතකොට මට කෙළින් ම ආවා එහෙම නම් මේ තණ්හාව කියන එක පැවතීම, අර නිකාමයමානා කියන එක ආවේ, desire එක තියෙනවා කියන එක. තණ්හාව කියන එක පැවතීම. මේ ඇත්ත වශයෙන් ම ඇදෙන්නේ දුක්ඛය. එතකොට එහෙනම් තණ්හාවේ පැවතීම කියන එක දුකයි කියන එක බොහොම තදින් එනවා එතෙන්දි. ඉතින් මේක තමයි මේ ද්වේෂය. මේක තමයි මේ ද්වේෂය.
මිනිස්සුන්ගේ ද්වේෂය කියලා කියන්නේ මේ තණ්හාවේ පැවතීම. මොකකට හරි තණ්හාවක් පවතිනවා ද, ඒක නිසා අපි ද්වේෂයට පත් වෙනවා කියන එක බොහෝ ම තදින් පෙනුණා. ඉතින් භව පච්චයා ජාති, ජාතිය දුකයි කියන එක ඒ පැත්තෙන් පේනවා. තණ්හාවේ පැවතීම කියලා කියන්නේ භවය, එතනිනුත් ඒක එනවා. ඉතින් එතනදි එහෙම, බොහොම සැපයි ඒක ඇති වුණහම ඒ අවබෝධය.
ඊට පස්සේ කල්පනා කළා ඉතුරු කෑල්ල. මෝහය නිසා ඇති වෙන කොටස. එතකොට මෝහයේ දී අපි අවිද්‍යා ආශ්‍රවයට යනවා කියන එක තියෙනවා නේ. එතකොට එතන ඒ සංස්කාර කියන කොටසට එතන ගියාට පස්සේ, අපි අර ඊයේ භාවනාවේ, ඉතින් මේ සංස්කාරයන් සිද්ධ වෙලා ඒවායේ මච්ඡරිය ඇති වෙනවා කියන කතාව එතන තියෙනවා. ඉතින් මේක නිසා ඒ purple triangle එක ඒක මගින් අපිට මෙතන දුක්ඛය ඇති වෙනවා කියන එක තියෙනවා.
එතකොට දැන් මෙතෙන්දි මම බැලුවා එහෙම නම් අපි මාන පාරේ අපි පහළට එනවා. දැන් ඔය දිට්ඨි ආශ්‍රවය කියන තැනට ආවායින් පස්සේ ඒවා ඇති වෙලා අපි ඔය අන්තිමට එන්නේ මොකද්ද? අර මාන පාරේ එනවා කියන එක තියෙනවා. ථම්භය එහෙම තියෙන මාන පාර. එතකොට මාන පාරේ පල්ලෙහාට ආවහම එහෙම නම් ඔය උඩින් අර අත්තා කියලා ආපු එක තව පල්ලෙහාට බැහැගෙන යනවා. මේ දෙක එකතු වෙලා, චේතනාවෙන් එන්නා වූ කෑල්ලයි, ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ ඒ කෑල්ලයි දෙක ම එකතු වෙලා අර වතුර පාර එකතු කරලා තල්ලු කරනවා වගේ දිට්ඨි අනුසය පාර දිගේ යන්නේ.
එහෙම නම් මට පෙනුණා මේ මානය තමයි මේ දුක්ඛය කියන එකේ ආරම්භය. දැන් ඇති වෙන්නෙ අර වණ්ණමච්ඡරිය තියෙන පාර දිගේ යනවායි කියලා කියන්නේ, යන්නේ දැන් ඉස්සෙල්ලා කිව්වා නේ මේ දුක්ඛයේ පැවතීම කියලා. තණ්හාව කියලා කියන්නේ දුක්ඛයේ පැවතීම. එතකොට මේකේ ආරම්භය හැටියට එනවා අර මානයෙන් එන්නා වූ කියන එක. ඉතින් ඒ, රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වා. ඒ ඉතින් ඒක දැක්කට පස්සේ ඉතින් මට මේ රූපත් පේන්න ගත්තා, එහෙම්ම ම මං නිරෝධයට ගියා හරියට. කීප සැරයක් ම ඒ නිරෝධයට යනවා කියන එක. බොහෝ වෙලාවක් හිටියේ ඒකේ.
ඒක තමයි භාවනාව.