ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඔය විදිහට ඒ හත් නම, දාහතර නම සිහි කළා.
මං ඊයේ භාවනාව ම නැවතත් කළා. ඒ කියන්නේ කොහොම ද අර තණ්හාව කියන එක ඇති වෙලා, එතනින් අපි බැලුවා නේ තණ්හාවේ පැවතීම කියන එක එතන දුකයි කියන එක. එතකොට ඒකෙන් තමයි ද්වේෂය කියන එක ඇති වෙන්නේ කියලා, තණ්හාවේ පැවතීම කියන එකෙන්. එතකොට මේ triangle එක බැලුවහම, ඒ කියන්නේ වේදනා, චේතනා, පරාමාස කියන එක බැලුවහම මං ඒකට දාගත්තා 1, 2, 3 කියලා. ඔය වේදනාවේ ඉඳන් චේතනාවට ධම්මමච්ඡරිය කියන එක 1, අත්තා කියලා ගන්නේ. චේතනාවේ ඉඳන් පරාමාසයට 2. ඊළඟට පරාමාසයේ ඉඳන් වේදනාවට යන එක 3 කියලා දැම්මා. එතකොට ඔය 1 යි 2 යි කියන එක තණ්හාව කියන එක හැටියට බැලුවා අපි. ඊළඟට 3 කියන එක තණ්හාවට ඇති කැමැත්ත කියන එක. නිකාමයමානා කිව්වේ නේ ද?
එතකොට 1, 2, 3 කියන, දැන් මේ ප්‍රශ්නයක් ආවා මේ උපාදාන කියලා කියන්නේ මොකද්ද කියන එක, මේ විදිහට බැලුවහම. එතකොට මේ area 3 triangle එකේ, 1, 2, 3 තියෙනවා නේ area 3 triangle එක නේ අපි ඔය කතා කරන්නේ. ඒකට සාපේක්ෂව area 1 triangle එකේ, කබලිංකාර ආහාර වේදනා ගිද්ධිලෝභ කියන triangle එකේ, අර වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභයට යන එක මම 4යි කියලා කිව්වොතින් එහෙම ලාභමච්ඡරිය තියෙන එක, ඊළඟට ගිද්ධිලෝභයේ ඉඳන් කබලිංකාර ආහාරයට යන එකට 5යි කියලා ගත්තොතින් එහෙම ඔය 4යි 5යි රේඛා දෙක මගින් කාම උපාදානය වශයෙන් උපාදානය වෙනවා.
ඒ කියන්නේ අර ලාභයි කියලා ගන්න එකයි, අර ගිද්ධිලෝභයේ ඉඳන් කබලිංකාර ආහාරයට යන එකයි. එහෙනම් අත්තා යැයි නොගත්තොත් 4 ලාභ වීමක් කියන එක නෑ. අත්තා යැයි කියලා ගන්න නම් අර දෙවෙනි කාරණාව, ඒ කියන්නේ චේතනාවේ ඉඳන් පරාමාසයට යනවා කියන එක සිද්ධ වෙන්න ඕනෙ. ඊළඟට සීලබ්බත උපාදාන රේඛාව මේ lines 1 and 2 වලින් දැක්වෙනවා. ඒ කියන්නේ ධම්මමච්ඡරිය එකයි, අර චේතනාවේ ඉඳන් පරාමාසයට යනවා කියන එකයි. ඒ තණ්හාව කියන එක තියෙන්නේ. අන්න ඒක තමයි එතන ම තමයි ඒ සීලබ්බත උපාදානය කියන එක, ඒක එන්නේ.
ඒ කියන්නේ අනාගත භවය දැඩිව ගැනීම කියන එක සිද්ධ වෙනවා. තණ්හාව කියන එක පවතින්න ඕනෙ. මේ නිසා තුන් වන රේඛාවේ යම් තුඩු දීමක්, පැවතීමක් සිදු වන්නේ ද, එනම් තණ්හාවට ඇති කැමැත්ත සිදු වන්නේ මෙය සීලබ්බත උපාදානයයි.
ඊළඟට දිට්ඨි උපාදානය කියන එක. දැන් ඔය චේතනාවේ ඉඳන් පරාමාසයට යන එක අපි දෙවෙනි එක කියලා කිව්වා නේ. එතකොට මේ විදිහට අපිට බලන්න පුළුවන්, පරාමාසයේ ඉඳන් භය අගතියට යනකොට අපි 7යි කියලා කිව්වොතින් භය අගතියේ ඉඳන් ආපහු වේදනාවට එනවා කියන එක 8. ඒ කියන්නේ අර චේතනාවේ ඉඳන් පරාමාසයට එන රේඛාවයි, භය අගතියේ ඉඳන් වේදනාවට එන දිට්ඨි අනුසය ලකුණු කරන රේඛාවයි කියන එක, අන්න ඒ දෙක මගින් තමයි මේ දිට්ඨි උපාදානය කියන එක දක්වන්න ඕනෙ. ඒ කියන්නේ මේ මෙතෙන්ටයි ආපහු එන්නේ. එන්න හදන්නේ. දැන් එන්නෙ කොහොම ද මේ 2 යි 8යි භාවිතා කරලා. ඒ කියන්නේ මේ 3 කියන එක අපි කොහොම හරි represent කරනවා මේ 2 යි 8යි භාවිතා කරලා.
යමක් පරාමාසයට බැසගන්නේ ද, එය අත්තානුදිට්ඨිය මගින් පවත්වයි. මෙසේ වේදනාව දක්වා පැමිණෙන්නේ දිට්ඨි උපාදානය සිදු වේ. ඔන්න ඕක තමයි මේ මේවා එක. අනිත් එක පස්සට තිබ්බා, ඊළඟ කෑල්ල බලන එක. ඒක තමයි භාවනාව.