Date: 08/10/2014 Name: Attavadu upaadana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියාණන් වහන්සේ වශයෙන් ශ්‍රේෂ්ඨතම. ඒ බුදුපියාණන් වහන්සේ අනුත්තර වූ ධර්මය මේ සත්වයා හට මනා කොට වදාරනවා කියලා මම නමස්කාර කළා. මේ විදිහට ම හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ මං කල්පනා කළා දැන් අත්තවාද උපාදානය නේ බලන්න තියෙන්නේ. අත්තවාද උපාදානය කියන එක බලන එක අර භාවනාව, මච්ඡරිය පහ සම්බන්ධ වෙන විදිහට බැලුවා. ලෝභය නැති කරමි කිව්වහම අපි කිව්වා නේ ලාභමච්ඡරියයි, ආවාසමච්ඡරියයි, ධම්මමච්ඡරියයි. ඊළඟට ද්වේෂය නැති කරමි කිව්වහම එතන කිව්වා කුලමච්ඡරියයි, ඊළඟට වණ්ණමච්ඡරියයි සම්බන්ධ වෙනවා. වණ්ණමච්ඡරිය මේ ලෝභයටයි ද්වේෂයටයි මෝහයටයි තුනට ම අයිති වෙනවා කියන එක.

එතකොට අද මෝහය නැති කරමි කියලා කිව්වහම කල්පනා කළා මේකට අර ධම්මමච්ඡරියෙන් ඇති වෙන්නා වූ අනුසය ස්වභාවය කියන එක තියෙනවා චේතනාවෙන් එන්න ඕනෙ. ඊළඟට ගත්තහම අර දිට්ඨි අනුසය නිසා වේදනාවට ගිහිල්ලා මේ පරාමාසය හරහා යමක් ඉදංසච්චය පැත්තට එනවා ද ඒකත් සිද්ධ වෙන්න ඕනෙ, කියන අර්ථය මම කල්පනා කළා. ඒක කල්පනා කරලා එතකොට එහෙම නම් මේ, මෙතෙන්දි පේනවා ඔය කාමේසු තිබ්බසාරාගය මගින් යනවා කියලා ඉදංසච්චයට. එතකොට සුභයි කියලා එහෙම නම් ඉදංසච්චයට ඇතුල් වෙනවා, මොනවා හරි පරාමාසයේ තියෙන දේවල් ඒවා ඇතුල් වීම කියන එක තියෙනවා. එතකොට එහෙම නම් ඔන්න ඔය point දෙකත් එක්ක මං බැලුවේ.

දැන් මෙතෙන්දි මං බැලුවා එහෙම නම් අත්තවාද උපාදානය කියලා කියන්නේ මොකද්ද කියන එක. එතකොට මට එන්නේ මොකද්ද? දැන් විඤ්ඤාණයේ දැන් සුඛයි කියලා පරාමාසයට ඇතුල් වෙනවා වම් අත පැත්තෙන්, අපි දන්නවා වේදනාවේ ඉඳන්. එතකොට ඔය අත්ත කොහොමත් අපි සලකන්න ඕන. එතකොට ඒ වණ්ණමච්ඡරිය තිබෙන්නා වූ ඒ අත්ත කියන එක සලකන්න ඕනෙකම කියන එක තියෙනවා ඔය line එකේ. ඊළඟට, මේක මේ අර, දැන් විඤ්ඤාණයේ ධාරාව පවතින්න එපැයි මේ සුඛයි කියන එකට. එහෙම නම් ඒ සුඛයි කියන ධාරාව අර විඤ්ඤාණය සකස් වෙලා විඤ්ඤාණයේ අර පදුට්ඨමනසඞ්කප්පය කිව්වෙ, ඒක දිගේ එන්න ඕනේ කියන එක තියෙනවා.

ඒ පදුට්ඨමනසඞ්කප්පයෙ එන්න ඕනෙ කියන එකේ ඒකේ තේරුම මොකද්ද? අර සුඛයි, පරාමාසයට ඇතුල් වෙනවා. ඒ සුඛය නිසා අත්තා කියලා මනුස්සයෙක් ගන්නවා. ඒ අත්තා කියලා ගන්න දෙයින් අර විඤ්ඤාණයේ ධාරාව පැවැත්තුවා ම තමයි ඒක පවතින්නේ. එතකොට එහෙම නම් මේ අත්තා කියන කතාවේ පැවැත්ම, සුඛයේ පැවැත්ම, කියන එක ඔන්න ආවා. සුඛය අත්තා කියලා ගත්තා, ඒ සුඛයේ පැවැත්ම කියන එක ඒ අත්තවාද උපාදානය කියන එකට එනවා. එතකොට දැන් මේ සුඛයේ පැවැත්ම අත්තවාද උපාදානයට එනකොට මේක මේ විදිහට පවතින්න නම්, අර මානයෙන් එන පාරෙන් එන සම්බන්ධතාවය එන්න ඕනෙ.

ඒ කියන්නේ, දැන් පරාමාසය කියන තැනට මිනිහෙක් මනුස්සයෙක්ව යොමු කළොතින්, සුඛයි කියලා වේදනාව පැත්තෙන් එකක් ඇතුල් වෙනවා. පදුට්ඨමනසඞ්කප්පය දිගේ මේ විඤ්ඤාණයේ ධාරාව පවත්වමින් එක ඉරකින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔය අත්තවාදු කියන එක තමන්ට ඒක එනවා. එතකොට මේක පවතින්න නම් ඉදංසච්චයේ ඉඳන් භය අගතියට ගිහිල්ලා භය අගතියෙන් එන්නා වූ එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි. ඒ කියන්නේ අපි දන්නවා අර පදුට්ඨමනසඞ්කප්පය කියන එක දික් කළහම හරියට ම අර සෝකය කියන තැනටයි එන්නේ. එතකොට දැන් මෙතනින් මේ flow එකක් ආවා. ඇවිල්ලා අරහෙන් මානයේ පාරෙන් එන එක, දෙක එක්කහු වෙනවා. දෙක එක්කහු වෙලා තමයි ඔය push කරන්නේ වේදනාවට කියන එකට. දිට්ඨි අනුසය පාර දිගේ යවන්නේ අර වතුර පාරවල් දෙක එකතු වෙනවා වාගේ. එතකොට එහෙනම් ඒ සුභය කියන එකේ කතාව තමයි ඉදංසච්චයේ තියෙන එක තියෙන්නේ. එහෙම නම් අපිට පේනවා මේ අත්තවාද උපාදානය කියලා කිව්වහම අර සුඛය කියන එක, මේක තියෙනවා කියන එක අත්තා වෙනවා. අතනින් උඩින් එනකොට අත්තවාදු කියන එක, ඒ කියන්නේ තමා ඉන්නවා කියන හැඟීම එනවා නිත්‍යභාවය. අර සුඛය පවතිනවා, surfboard එක උඩ මං ඉන්නවා කියලා කියන්නේ. අන්න ඒ වගේ අර සුඛය පවතිනවා කියන එක.

එතකොට මේක සඳහා අර සුභයෙන් ඇති වෙන්නා වූ, ඒ සුභය නොමැකී යන්න ඕනෙ. සුභය මැකෙනවා නම් අත්තවාද උපාදානය කියන එක එයාට පවතින්නේ නෑ. අර රූපයත් එක්ක තිබෙන්නා වූ ඒ දේ මැකෙන්නැතිව තියෙන්න ඕනෙ. ඒ කියන්නේ අඹ ගෙඩියක් නිසා කෙනෙකුට මේක ඇති වෙනවා නම් ඒ අඹ ගෙඩිය කියන එක නොමැකී තියෙන්න ඕනෙ. රූපය නොමැකී. අඹ ගෙඩිය කුණු අඹ ගෙඩිය හරි මට ඊළඟ දවසේ ගන්න නැත්තන් මට ඒක නෑ. අන්න ඒ අර්ථයෙන් මේක තියෙන්නේ.

එතකොට අර සුඛය කියන එක ආවා. ඒක නිත්‍යභාවය කියන එක මෙතනින් ඇතුල් වුණා, ඒක සුඛය පවතිනවා කියන එක. ඊට පස්සේ ඒකට එක්කහු වෙන්න ඕනෙ අර ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ අර පෙර ගත්තා වූ ඒ සුභයේ අගය කියන එකත් එක්ක ඒ එන එක එන්න ඕනෙ. දැන් අපි දන්නවා පදුට්ඨමනසඞ්කප්පය එනකොටත් සසඳලා බලලා නේ යන්නේ. දැන් එහෙම නම් මේ අපි පුද්ගලයෙක් දිහා බලනකොට හරි අර ඒ දේවල්, අඹ ගෙඩියක් දිහා බලනකොට හරි, ඒකේ අර ඒ ගතිය පවතින්න ඕනෙ. මේක සුභයි කියන කතාව, ඒක පවතින්න ඕනෙ. එතකොට ඒ තුන එකතු වෙලා තමයි මේ අත්තවාද උපාදානය කියන එක ඇති වෙන්නේ කියන එක, ඒක ආවා. ඒක තමයි ඒ බලපු භාවනාව.

එතෙන්දි මට තව හොඳට තේරිච්ච දෙයක් තමයි දැන් ඔය, දැන් අත්තවාද උපාදානය එන්න ඉස්සෙල්ලා අර නිත්‍යයි කියන කතාව එන්න ඕනෙ. එහෙම නම් අර තපස්සි බුදුසීයා පෙන්නුවේ, අත්තා ඉඳන් jack එක ගැහුවා, එතන ඉඳන් නිත්‍යයි කියන කතාවට ගියා. ගිහිල්ලා තමයි අත්තවාද උපාදානය කියන එකට ආවේ. එතකොට මේ නිත්‍ය කියන කතාව ආවේ අපි, සංස්කාරවලින් තමයි ඒක jack එක ගහලා ඒක කරන්නේ. එතකොට දැන් අත්තා හැදුණා. ඊට පස්සේ ඒක නිත්‍ය වුණා. අන්න ඒක වෙලා තමයි, බලන්න එතන මුලින් ම අඹ ගෙඩිය ගත්තා. කනකොට මට සුඛයි. අන්න ඒක නිසා අත්තා කියලා මට එකක් ආවා. ඒ flow එක පවතිනවා කියන එක මගේ තියෙනවා. ඒ කියන්නේ වේදනාව සහිතව flow එක පැවතීම කියන එක තියෙනවා, අර පදුට්ඨමනසඞ්කප්පයෙ එන්නා වූ නිත්‍යභාවය කියන එක. ඒ වේදනාව පැවතීම සඳහා රූපය කියන එක පවතිනවා කියන එක, ඒක තියෙන්න ඕනෙ. සුභය හරහා ඒක සිද්ධ වෙන්නේ. අන්න ඒ කෑලි තුන ඇවිල්ලා තමයි අත්තවාද උපාදානය.