ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඔය විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඉතින් මම කල්පනා කළේ මේ බුදු පියවරුන් මෙහෙම ඉන්නවා කියන එක ඉතින් කොයි තරම් වාසනාවන්ත ද? දැන් බුදුහාමුදුරුවෝ නැති කාලෙක ධර්මය ගන්න බැරුව ඉතින් මිනිස්සු බොහොම දුකකට පත් වෙලා ඉන්නවා. මේ වගේ හම්බවෙනකොට ඉතින් කොයි තරම් දෙයක් ද කියන එක මං කල්පනා කළා.
ඊයේ භාවනාව මම ආපහු කල්පනා කළා. ඒ අත්තවාද උපාදානය කියන එක, ඒකේ කොටස් තුන. ඒ වේදනාවේ ඉඳන් පරාමාසයට යන එක. ඊළඟට අර දිට්ඨි අනුසය කියන පාර. එතකොට ඔය වේදනාවේ ඉඳන් පරාමාසයට යන දේ හුඟක් ම මම බැලුවා අර පදුට්ඨමනසඞ්කප්පයයි අර රූපයට දුන්නා වූ අගයයි කියන එක, මාන අගයයි කියන එකත් එක්ක නේ බැලුවේ. ඉතින් මේක බලලා මම මේ මාන පාරේ රූප අගය කියන එක. ඒක බැලුවාට පස්සේ මට යමක් තේරුණා.
එතෙන්දි තේරුණේ, මේ දිට්ඨි අනුසය මගින් තමයි මේ පැවැත්වීම කියන එක කියන්නේ. උපාදාන කිව්වහම දිට්ඨි අනුසය මගින් වෙන්නා වූ දේ තමයි මෙතන පෙන්නන්නේ කියන එක. ඒක එහෙම බලලා මං අර තපස්සි බුදුසීයා පෙන්නපු අත්තභාවයේ ඉඳන් නිත්‍යභාවයට යනවා කියන කොටස, ඒක හොඳට කල්පනා කරලා ඒකෙන් අත්තවාද උපාදානය නිසා අත්තභාව පටිලාභය දක්වා යනවා කියන එක, ජාතිය ඇති වෙනවා, මේක දුකයි කියන කතාව බැලුවා.
ඒක බලලා, මං ඒ, මං එතෙන්දි ආපහු ඉතින් එක්කො නිරෝධයට ගියා හරි සමාධිය පුදුමාකාර විදිහට මේවා වෙලා වුණාට පස්සේ මං නැවතත් අර කොටස ගැන බැලුවා. ඒ කියන්නේ දිට්ඨි අනුසය කියන එක, අත්තවාද උපාදානය කිව්වහම මේ, ඒ උපාදාන කොටසට අනුසය කියන එක, දිට්ඨි අනුසය කියන කතාව ඇති වෙනවා, ඒ කියන්නේ පැවැත්වීම කියන එක දිට්ඨි අනුසයෙන් කෙරෙන්නේ. එතකොට දැන් ඔය වේදනාවේ ඉඳන් පරාමාසයට ඇත්තෙන් ම කියනවා නම් ඇදෙන්නේ ඔතන වේදනාව ද? එහෙම නැත්තන් අර මාන කතාව ද? වණ්ණමච්ඡරියත් එක්ක ඇති වෙන්නා වූ මාන කතාව, ඒ කියන්නේ වේදනාවත් කලවම් වෙලා මේක තියෙන්නේ. ඉතින් මාන කතාවක් තමයි මෙතෙන්ට යන්නේ. එතකොට මේක පැවැත්වීම.
එතකොට මට පේනවා එහෙම නම් මේ කතා කරන්නේ අත්තවාද උපාදානය කිව්වහම මේ මානයත් මානයේ පැවැත්වීමත් කියන එක. ඒ පාර ඒක කාරණය ම බැලුවා. ඊළඟට ආපහු බැලුවා මේ දිට්ඨි උපාදානය කියන එක. ඒ දිට්ඨි උපාදානය බලනකොට අපි දන්නවා අර චේතනාවේ ඉඳන් පරාමාසයට එන කෑල්ල තියෙනවා. ඊළඟට දිට්ඨි අනුසය. එහෙම නම් මෙතෙන්දි මේ කතා කරන්නේ මොකද්ද මේ, දිට්ඨියයි දිට්ඨියේ පැවැත්මයි, කියන එක තමයි මේ එන්නේ කියලා. අනුසය මගින් පවත්වනවා.
ඊළඟට බැලුවා සීලබ්බත උපාදානය කියන එක, නෑ ඊට පස්සේ මං බැලුවා කාමය කියන එක. කාමය කියන එක ගත්තහම, කාමයේදි අපි එනවා අර ලාභයි කියලා ගන්න එක. එතකොට මේක අර අත්තා කියලා පල්ලෙහාට ගන්න ඕනෙ. එහෙම නැත්තන් ඔය කතාව නෑ. ඊට පස්සේ, අර area 4 triangle එක ගැන මං මේ කතා කරන්නේ. Area 4 triangle එකෙන් දැන් ආපහු දිට්ඨි අනුසය කතාවක් එනවා. ඒකෙන් තමයි අර ගිද්ධිලෝභයේ ඉඳන් රූපය දක්වා යන්නේ, කබලිංකාර ආහාරය දක්වා යන්නේ. එතකොට මෙතනත් මේ දිට්ඨි අනුසය මගින් මේකේ පැවැත්වීමක් කියන එක කරනවා. රූපය, රූපයත් එක්ක තිබුණා වූ දේ කියන එක.
එතකොට සීලබ්බත උපාදානයට ආවා. සීලබ්බත උපාදානයේදි එහෙම නම් අර වේදනාව කියන එක, වේදනාවේ ඉඳන් අපි උඩට යන චේතනාවට යන line එකයි, චේතනාවෙන් පරාමාසයට යන එකයි. ඉතින් ඔය පරාමාසයට යනවා කියන එක, එතනදිත් අපිට පේන්නේ මේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව කියන එකේ පැවැත්මක් කියන එක තමයි තියෙන්නේ. එහෙම නම් මෙතන මේ කතා කරන්නේ රූපයත් රූපය කියන එකේ පැවැත්මත්, වේදනාවත් වේදනාව කියන එකේ පැවැත්මත්, දිට්ඨියත් දිට්ඨිය කියන එකේ පැවැත්මත්, මානයත් මානය කියන එකේ පැවැත්මත්, කියන එක තමයි මෙතන තියෙන්නේ කියන එක කල්පනා කළා.
මේක කරනකොට ඉතින් මනස හරී ම විසාලයි. ඉතින් මං නිරෝධයට ගියා කියන එක මං හොඳට දන්නවා. මම ගිහිල්ලා එලියට ආවා. ආපහු ආපහු මේක සිහි වුණා ද ඒ සිහිය පවතිනවා, ඒකත් එක්ක ම වැටීමක් නෑ, එතෙන්ට ම යනවා. ඉතින් ඔහොම මං බොහෝ ම දිගට ම ඉතින් සෑහෙන කාලයක් ඒකේ හිටියා මේ, මේ භාවනාවේ. ඒක තමයි මං කරපු භාවනාව.
දෙයක් තමයි මං ඔය භාවනාවේදි අත්තවාද උපාදානය කියන එකේ, ඒකේ මම කල්පනා කළේ අර මුහුදේ රැල්ලේ කතාවේදි, ඔන්න රැල්ල කියන එක පවතිනවා. රැල්ල කියන එක ආවා දැන් අරයා අරක උඩට නැග්ගහම එයාට වේදනාව තියෙන්නේ මොකද, වේදනාව නැංවීමක් කියන එක. අර රැල්ල නැගුණා කියලා කියන්නේ වේදනාවේ නැංවීම කියන එක. කෑලි තුනක් තියෙනවා ඔතන. එතකොට මේක, රූපයේ පැවැත්මක් කියන එක තියෙන්න ඕනෙ අර වතුර පාරේ කියන එකේ පැවැත්මක් කියන එක තියෙන්න ඕනෙ. එකයි, රූපයේ පැවැත්ම. දෙවනි එක අර රැල්ලක් උඩට නැංවූවා, ඒ කියන්නේ මගේ වේදනාවක් නැංවුණා කියන එක තියෙනවා. ඒක උඩ තමන් ඉන්නවා අන්න වේදනාව තමන්ට, ඔන්න ඔය අර්ථය කියන එක මට බොහොම තදින් මං බැලුවා ඔය අවස්ථාවේ දී.