ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේයි කියලා, ඒ ධර්මය දීම ගැන ඒ කෘතඥතාවය පල කළා. එතකොට මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා ඒ කෘතඥතාවය පල කළා මේ ඥානය කියන එක දීම ගැන.
පන්සිල් කරගෙන යනකොට එතෙන්දි මම ආවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඒ කෑල්ල එනකොට මම අර ආනෙඤ්ජ සප්පාය සූත්‍ර diagram එකේ අර 5 වෙනි slide එක, පෙර මෝහය ද්වේෂ සහිතව ජීවත් වීම පාණාතිපාතා කියන එක. අන්න ඒ කෑල්ල මං බැලුවා, ඒක ඇදෙන එක කියන එක. ඒක සිහි කරලා දැන් එතනදි ඉතින් දන්නවා ඉතින් ඉහළ ම තත්වයකට මනස පත් වෙලා තියෙන්නෙ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යෑම කියන එක සිහි කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියන එක. එතකොට සම්මා දිට්ඨිය කියන එක සිහි කරනවාත් එක්ක ම මට ආවේ අර 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා, 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා. ඒ දුක්‌ඛෙ ඤාණං කියලා කියනවා.
ඒ දුක්‌ඛෙ ඥානයන් කියන එක ගත්තහම රූපය නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. අර ජාතියේ ඉඳන් ජරාවට යනවා ඒක පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ රූපය නිසා මේ ප්‍රශ්නය කියන එක. දුක්ඛ සමුදයේ ඤාණං කියලා කිව්වහම තණ්හාව නිසා දුක්ඛය ඇති වෙනවා කියන එක අපි දන්නවා. එතකොට එහෙම නම් තණ්හාව කියන එක අපි දන්නවා වේදනාව ඉඳන් චේතනාවට, චේතනාවේ ඉඳන් පරාමාසයට. 1 යි 2 යි කියලා ලකුණු කරේ. එතකොට මේක නිසා අර වේදනාවේ ඉඳන් පරාමාසයට යනවා කියන 3 කියලා ලකුණු කළා නේ. එතකොට 1, 2 තණ්හාව වෙනවා. මේ නිසා වේදනාව පරාමාස වීමට තුඩු දෙන්නේ ය, කියලා එකක් කල්පනා කළා නේ ද, අර සීලබ්බත උපාදාන, ඒක එහෙම කරන වෙලාවේදි. අන්න ඒ වචනය මට සිහි වුණා.
ඒ කියන්නේ අර 3 වෙනි line එකේ තියෙන නිකාමයමානා. ඒ කියන්නේ තණ්හාවට ඇති කැමැත්ත. එතකොට එහෙම නම් සත්‍ය වශයෙන් ම සිදු වෙන්නේ මොකද්ද? විපරිණාමයට අපි කැමති වීම නොවේ ද? අර මෙහාට ඇදෙන්නේ විපරිණාමය නේ. වේදනාවේ ඉඳන් පරාමාසයට යන්නේ විපරිණාමය. එතකොට එහෙම නම් විපරිණාමයට අපි කැමති වීම නොවේ ද කියන එක ආවා, එය එසේ ය. අපි විපරිණාමයට කැමැත්ත තියෙනවා. ඒ යම් ලෝකෙක ඉපදීමක් කරනවා මේක නිසා. ඉතින් “සාධු” යි කියලා මට ඇහුණා ඒ අවස්ථාවේ.
එතකොට මේ විදිහට කාම තණ්හා වෙන බව, මෙය විපරිණාමයට ඇති කැමැත්ත බවත් වැටහුණා. අත්තවාද උපාදාන ධර්මය කියන එක මම සිහි කළා. එතකොට අත්තවාද උපාදාන ධර්මයේදි මතක නේ අර වේදනාව පරාමාසයට යන එක එතන තියෙනවා. ඊට පස්සේ ඒකට අර දිට්ඨි අනුසයෙන් එන්නා වූ එක. එතකොට දිට්ඨි අනුසයට එන්නේ පදුට්ඨමනසඞ්කප්පයයි, සංකල්ප අගයයි, මාන පාරේ රූප අගයයි. ඔන්න ඔය දෙක එකතු වෙලා තමයි ඒ දිට්ඨි අනුසය කියන එක ධාරාව එතෙන්ට එන්නේ.
එහෙම නම් විභව තණ්හාව කියලා කියන්නේ ඔය තුන් වෙනි රේඛාව, ඒ කියන්නේ වේදනාවේ ඉඳන් පරාමාසයට ඒකට සාපේක්ෂව, විඤ්ඤාණයේ ධාරාව පදුට්ඨමනසඞ්කප්පය හෝ, එහෙම නැත්තන් මාන පාරේ රූප අගය හෝ එහෙම නැත්තන් මේ දෙක ම හෝ භාවිතා කර පැවැත්වීම මෙසේ ය, එය එසේ ය කියලා මට වැටහුණා. ඒක උඩයි මේක තියෙන්නේ කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්