ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, ශ්‍රේෂ්ඨතම වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේත් ධම්මාධිපති බුදුපියාණන් වහන්සේත් සිහි කළා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මෙතෙන්දි කල්පනා කළා, මේ කාම තණ්හාව කියන එක බැලුවා නේ. ඒ භාවනාව මම නැවතත් කළා. එතෙන්දි බැලුවා ඒ කාම තණ්හාව කියන එක කියන්නේ අර විපරිණාමය, ඒ දුක්ඛතාවය තමයි යන්නේ. ඒකට කැමැත්තක් කියන එක තියෙනවා කියන. ඒ කියන්නේ අර වේදනාවේ ඉඳන් පරාමාසයට ඇතුල් වෙනවා කියන එක. එතකොට මේක වෙන්න නම් අර සීලබ්බත උපාදානයේ කතාව කලින්. එතකොට සීලබ්බත උපාදානය ඇති වෙලා කාම තණ්හාව කියන එක ඇති වෙනවා.
එතකොට, ඒ කියන්නේ අර වේදනාවේ ඉඳන් චේතනාවට ගිහිල්ලා, චේතනාවේ ඉඳන් පරාමාසයට එනවා කියන කතාව සිද්ධ වෙන්න ඕනෙ. එතකොට සීලබ්බත උපාදානය පෙර, කාම තණ්හාව පසුව.
ඊළඟට මං බැලුවා, කාම උපාදානය කියන එක. කාම උපාදානය කියන එක බැලුවහම අපි ගන්නෙ අර වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභය, ගිද්ධිලෝභයේ ඉඳන් යන්න ඕනෙ කබලිංකාර ආහාරයට. හැබැයි මේක වෙන්න නම් අර අත්තා කියලා පල්ලෙහාට බහින්න ඕනෙ. ඒ කියන්නේ පල්ලෙහා අර අත්තානුදිට්ඨිය තියෙන තැන ඔය කතා කරන්නේ. පරාමාසයේ ඉඳන් භයේ අගතියට යනවා කියන කෑල්ල. එතකොට දැන් අපිට පේනවා එහෙනම් කාම තණ්හාව, කාම උපාදානය කියන එක එහෙනම් අර, අර කෑලි දෙකයි කියන්නේ මේ අත්තාට සම්බන්ධයි කියන එක තියෙනවා. එතකොට එතනින් කාම තණ්හාව කාම උපාදානය කියන කතාවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඊළඟට මට පේනවා මේ භව තණ්හාව කියන එක ඇති වෙන්න, කතා කළා අපි ඉස්සෙල්ලා අර දිට්ඨි උපාදානයේ කතාව බලන්න ඕනෙ.
එතකොට දිට්ඨි උපාදානයේ තියෙනවා උඩින් මනොසඤ්‌චෙතනාවේ ඉඳන් පරාමාසයට එන කෑල්ලත්, ඊළඟට භයේ අගතියේ ඉඳන් වේදනාවට එන කෑල්ලත්. එතකොට මෙතෙන්දි පෙන්නුවා භව තණ්හාව කියලා කිව්වම අර අත්තානුදිට්ඨිය නිසා. එහෙම නම් අපිට ආපහු පේනවා මේ කාම තණ්හාව, එතනින් කාම උපාදානය පල්ලෙහාට ආවා ඒක අපි එතන ලකුණු කළේ නැති වුණාට කාම උපාදාන අර්ථය තියෙනවා. ඊට පස්සේ එතන ම තමයි භව තණ්හාව. එතකොට එහෙනම් කාම තණ්හාව ආවා, එතනින් භව තණ්හාව පල්ලෙහාට ආවා. පරාමාසයේ ඉඳන් භයේ අගතියට කියන එකට.
ඊළඟට දැන් අපි බැලුවා නේ අත්තවාද උපාදානය කියන එක. ඒ අර විඤ්ඤාණයේ ධාරාව, ඒක පැවතීම කියන එක සිද්ධ වෙනවා. එතකොට එතෙන්දි යන්නේ, වේදනාවේ එක පරාමාසයට ඇතුල් වෙනවා. එතකොට මේ ඒ අර්ථයෙන් බලන්න ඕනෙ, ඒකට සාපේක්ෂව.
අර සංකප්ප, පදුට්ඨමනසඞ්කප්පය නිසා හෝ එහෙම නැත්තන් අර මානයේ, මාන පාරේ තියෙන රූප අගය නිසා හෝ, ඒ දෙක ම නිසා හෝ, ඒ විඤ්ඤාණයේ ධාරාව පවතිනවා නම් අන්න එතනදි අපි කිව්වා අත්තවාද උපාදානයයි කියලා.
එතකොට ඒ අත්තවාද උපාදානයෙන් දැන් අපි බැලුවා ඒ දිට්ඨි අනුසය තියෙන පාර, ඒක වෙනවා කියලා මේ විභව තණ්හාව කියන එක. එතකොට එහෙනම් දැන් අපිට ඒ ලස්සනට පේනවා, වේදනාවේ ඉඳන් පරාමාසයට යන එක කාම තණ්හාව. ඒකට පෙර තියෙන්නෙ සීලබ්බත උපාදානය. ඊළඟට භව තණ්හාව කියන එක ඇති වෙනවා පරාමාසයේ ඉඳන් භය අගතියට යනවා කියන එක. ඒකට පෙර තියෙන්න ඕනෙ දිට්ඨි උපාදානය කියන එක. කාම උපාදානයත් ඒක අස්සෙ ඉන්නෙ.
ඊළඟට අපිට ආපහු එනවා, අපි විභව තණ්හාව කියලා කියන්නේ අර ධාරාව පවතිනවා කියන එක. ඒ කියන්නේ දිට්ඨි අනුසය පාර. ඒකට පෙර අපිට අත්තවාද උපාදානය කියන එක තියෙන්න ඕනෙ. එතකොට උපාදාන හතර අනුව තමයි මෙතන ඒ, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එක, ඒක පවතින්නේ කියන එක එතන එනවා. උපාදානය පෙර. සීලබ්බත උපාදානය කාම තණ්හාවට පෙර. දිට්ඨි උපාදානය භව තණ්හාවට පෙර. ඊළඟට අත්තවාද උපාදානය විභව තණ්හාවට පෙර, කියන අර්ථය. ඒක එහෙමයි කියන එක මට වැටහුණා. රහතන් වහන්සේලාත් “අපිත් එසේ ම කියමි” යි කියලා කිව්වා.