ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා.
එතකොට මේ කල්පනා කළේ මේ ආශ්‍රවයන් කියන ඒවා ඔය රවුම් එක්ක කොහොම ද වෙන්නේ කියන එකයි. දැන් අපි දන්නවා පළවෙනි පාර රවුම ගන්නකොට, සුභයි කියලා ඇතුල් වෙන අවස්ථාව වෙනකොට, අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා එන්නා වූ දෙයක් තියෙනවා. එතකොට මිච්ඡාදිට්ඨික සඤ්ඤාව මෙහෙම එනවා කියලා කියන්නේ, එතන තියෙනවා අපිට අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණයන්. අවිද්‍යා ආශ්‍රවයන් කියන එක එතන තියෙනවා.
ඊළඟට අර කාමේසු තිබ්‌බසාරාගො කියනකොට ඒ කෑල්ලෙදි අපිට පේනවා අර නන්දිය පැත්තෙන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා කාම ආශ්‍රවය කියන එක තියෙනවා. එහෙම නම් අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව කියන එක පළවෙනි රවුමට වැටෙනවා. ඊට පස්සේ ඒ එතෙන්ට, ඉදංසච්චයට ආවාට පස්සේ, සුභයි කියලා එතන ඇති වුණාට පස්සේ අපිට පේනවා ඒක ආපහු අවිද්‍යා ආශ්‍රවයට යනවා. අනිත් පැත්තෙන් ගත්තහම මේ ඉදංසච්චයට ආපු value එක ඇදෙනවා පරාමාසයට. Copy වෙනවා කියලා කියන්නේ.
එතකොට එහෙම නම් ඒ අවස්ථාව වෙනකොට, අපි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට ඇවිල්ලා. එහෙනම් දෙවනි රවුම කියන එක දිට්ඨි ආශ්‍රවය හැටියට බලන්න ඕනෙ. දෙවනි රවුමේ දී දිට්ඨි ආශ්‍රවය තමයි ඒ ක්‍රියාවලිය සිදු වෙන්නේ. අර නිත්‍යයි කියලා එහෙම එනවා නේ උඩින්. පදුට්ඨමනසඞ්කප්පය කිව්වෙ.
එතකොට දැන් මෙතෙන්ට ආවාට පස්සේ දැන් තුන් වෙනි රවුම වෙනකොට, අර සුඛය කියන එක පරාමාස වෙන්න ගන්නවා. ඒ පැත්තෙන්, වේදනාව පැත්තෙන් ඇවිල්ලා. ආන්න එතනදි තමයි අර භව ආශ්‍රවය කියන කතාව. සුඛය පරාමාස වෙනකොට. එතකොට ඔන්න ඔය විදිහට ඔය තුන තමයි මං බැලුවේ.
ඒක තමයි මගේ භාවනාව.