උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. පංචනීවරණවලින් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතකොට මං බැලුවේ අර area 1 එක කාමච්ඡන්දය තියෙන area එක, ඒක නිසා area 6 හැදෙනවා කියන එක බැලුවා. පරාමාස ඉදංසච්ච මෝහ අගති කියන එක. ඉතින් area 6 එක හැදුණායින් පස්සේ අර සුභයි නිත්‍යයි කතාවත් එක්ක අපිට සුඛයි කියලා කතාවක් එනවා. ඒ කියන්නේ එහෙනම් සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා කියන එක සිද්ධ වෙනවා.
සඤ්ඤාවෙන් චේතනාවට යන එක අපි A කියලා කිව්වොතින් අපි දන්නවා ඉතින් අර මරණයේ ඉඳන් ව්‍යාධියට යන එක B කියලා. යම්පිච්ඡං න ලභති තම්පියේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන එක C කියලා අපි දන්නවා. එතකොට එතන, ඔතෙන්දි අපි දන්නවා ඉතින් ආකිඤ්චන විමුක්තිය කියන එක අපිට ඇති වෙනවා කියලා. ඉතින් ආකිඤ්චන විමුක්තියෙන් ආකිඤ්චන සමාපත්තියට ඒ ඉතුරු කොටසත් බලලා, ජරාව කියන එක ගැන කල්පනා කරලා, එතනින් අප්පණිහිත චෙතො විමුක්තියට කියන එකට ආවා.
අප්පණිහිත චෙතො විමුක්තියට ඇවිල්ලා, එතෙන්දි මට කල්පනා වුණා මේ අකුප්පාමය චෙතො විමුක්තිය කියන එක මෙයිට වඩා උතුම් නේ ද කියලා. එතකොට මේක කුමක් ද කියන එක ඒ බුදුපියාගෙන් විමසුවා. එතෙන්දි ඒ අප්පණිහිත චෙතො විමුක්තිය කියන කොටස තියෙනවා නම් අර පහළින් සිදු වෙන ක්‍රියාවලිය, අර maintenance කියන කතාව, ඒක සිද්ධ වෙන්නේ නෑ. මෙහෙම ඉන්න අවස්ථාවේ දී ස්පර්ශය නිසා ඇති වෙන ධාරාවක්, තුඩු දීමක්, විමංසනයක් මොකක්වත් නැත්තන්, ඒ කියන්නේ රාගය නිසා හෝ දෝසය නිසා හෝ ලෝභය නිසා හෝ සැලීමක් නැත්තන් අන්න ඒක අකුප්පාමය චෙතො විමුක්තිය වන්නේ ය.
මේක “ආශ්‍රව නසන ලද උත්තමයෙකුට පමණක් ම ය සාධාරණව පවතින්නේ, අන් අයට යම් පමණකට පමණයි ඒකේ පවතින්නේ,” කියන එක රහතන් වහන්සේ කිව්වා.
ඉතින් මේක තමයි ඔය මහා වේදල්ල සූත්‍රයේ ඒ පෙන්නනවා නේ මෙහෙම මේ රාගය ප්‍රමාණ කරනවා, ද්වේෂය ප්‍රමාණ කරනවා, මෝහය ප්‍රමාණ කරනවා, ඒ චෙතො විමුක්තියෙන් අප්‍රමාණ චෙතො විමුක්තියට වඩා අකුප්පා චෙතො විමුක්තිය කියන එක හොඳයි කියන එක එතන පෙන්නනවා නේ.
ඉතින් එතකොට අර ආපහු පෙන්නනවා නේ ඒ ආකිඤ්චන චෙතො විමුක්තියට වඩාත් අකුප්පා චෙතො විමුක්තිය කියන එක හොඳයි කියලා. ඒ කියන්නේ රාගය ද්වේෂය මෝහය කියන කතාව තියෙන නිසා. ආයෙත් පෙන්නනවා ඉතින් රාගය නිමිත්ත කරනවා, ද්වේෂය නිමිත්ත කරනවා, මෝහය නිමිත්ත කරනවා කියලා. එතකොට අනිමිත්ත චෙතො විමුක්තියට වඩා මෙතන මේ අකුප්පා චෙතො විමුක්තිය උතුම් වෙනවා, අර විදිහට අර නිමිත්ත කරන්නේ නැති එක නිසා කියලා ඔය මහා වේදල්ල සූත්‍රයේ පෙන්නන එක තමයි මෙතන තියෙන්නේ. ඒක ඉතින්, භාවනාව ඒක තමයි.