ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වශයෙන්, මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊට පස්සේ මම පටන් ගත්තා ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා. ඒ ලෝභයට තියෙන මච්ඡරියන් තුන බැලුවා ආපහු. අර ලාභමච්ඡරියයි, ඊළඟට ආවාසමච්ඡරියයි, ධම්මමච්ඡරියයි. ද්වේෂයට තියෙන මච්ඡරි දෙක බැලුවා. ඒ කුලමච්ඡරියයි, ඊළඟට අර common වෙනවා නේ මේ වණ්ණමච්ඡරිය කියන එක. ඊළඟට මෝහයට ඇති වෙන මච්ඡරිය කියන එක ඒ වණ්ණමච්ඡරිය, හැබැයි ඉතින් ධම්මමච්ඡරියයි උඩිනුත් එනවා කියන හැඟීම ඇතුව බැලුවා.
බලලා ඉතින් දැන් මේ මච්ඡරිය කියන එක නැති වෙනවා නම්, දැන් අර කිව්වෙ දීම කියන එක නිසා මච්ඡරිය නැති වෙනවා. එතකොට ඒ දීම නිසා මච්ඡරිය නැති වෙනකොට මච්ඡරියන් ටික ගැලවිලා යනකොට ඒක නිසා දන්නෙම නැතුව ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එකට යනවා කියන එක මට තේරුණා. ඒක වෙනවා. මච්ඡරිය කියන එක අත හරින්න අත හරින්න, පහ කරනවා කියන එක, තේරුණා ම එහෙම ලෝභයයි ද්වේෂයයි මෝහයයි නිසා මේක ඇති වෙනවා කියන. එතකොට මච්ඡරිය කියන එකේ අනුසය ධර්මය හැටියට අපි දන්නවා අවිද්‍යා අනුසය කියන එක, මේ ප්‍රත්‍ය හැටියට. හේතුව හැටියට ඉතින් ඒ පලාසය කියන එක බැලුවා නේ අපි.
එතකොට දැන් මේකත් එක්ක මම බැලුවා, මේ පලාස කරන්න කරන්න මච්ඡරිය ම තමයි ඇති වෙන්නේ. අනිත් පැත්තෙන් අරවා කිරීම නිසා, ලෝභ ද්වේෂ, මෝහ ඇති වෙලා ඉතින් ඒවා නිසා අපිට ඒ මච්ඡරිය කියන එක හැදෙනවා. එතකොට මේ විදිහට බැලුවහම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය.
ඒ කියන්නේ මච්ඡරිය කියන එක පහ වෙනවා නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. ඊර්ෂ්‍යාව අයින් කළහම අපිට ඇති වෙනවා නේ ආකාසානඤ්චායතන. මක්ඛය පහ කළා ම විඤ්ඤාණඤ්චායතනය. සාඨෙය්‍ය කියන එක පහ කළා ම හත් වෙනි ධ්‍යානය. මච්ඡරිය කියන එක පහ කළහම අට වෙනි ධ්‍යානය කියන එක එනවා. ඉතින් ඒ කියන්නේ මච්ඡරියට එන්නා වූ පාරවල් කියන ඒවා මාන පාර ඒවා ඔක්කොම ඒවා කැපිලා යනවා, ඒ මච්ඡරියන් අතහරිනවා කිව්වහම.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.