ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති බුදුපියාණන් වහන්සේ දක්වා ඒ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ශ්‍රේෂ්ඨතම බුදුපියවරු දාහතර නම වශයෙන්.
එතකොට ඊයේ භාවනාවේදි මච්ඡරිය කියන එක නැති නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය බව සිහි කළා. සිහි කරලා ඒකට සමවදින කෙනෙකුට, සඤ්ඤාව කියන එක පරාමාස වෙනවා. නමුත් අර වේදනාවේ ඉඳන් චේතනාවට යන්නා වූ කියන පාර නෑ. මේ නිසා මිද්ධය කියන එක නෑ. නමුත් ථීන ස්වභාවය තියෙනවා. කුමක් හින්ද ද?
සංස්කාරයන් හැදුවා. ථීන ස්වභාවය තියෙන්නේ මොකද්ද? සකස් කළ නිසා. එතකොට එතෙන්දි එනවා උඩ දැන් සංස්කාරය සකස් වුණාට පස්සේ, විඤ්ඤාණයේ ඉඳන් පල්ලෙහාට ගමන් කිරීමක් කියන එක එනවා. ඒ පල්ලෙහාට ගමන් කිරීමක් කියන එක එනවා කිව්වහම, මේක දැන් අර push කිරිල්ලක් වෙන්නේ නෑ. අර ඒ අගය ම දෙකට බෙදිලා පරාමාසයට එකක් යනවා ථීනයේ ඉඳන්, එකක් යනවා ඉදංසච්චය කියන එකට.
එතකොට ඒක පල්ලෙහාට එනවා පරාමාසයේ ඉඳන් මෝහ අගතියට යන පාරයි, ඉදංසච්චයේ ඉඳන් භය අගතියට යන පාරයි අපි එතන්ට හිතමු B කියලා. උඩ ථීන අවස්ථාව A කියලා. එතකොට ඒ ථීනමිද්ධ ස්වභාවය ම පරාමාසයට යනවා. ඒක ම ඉදංසච්චයට යනවා. මෙම අගයන් දෙක එක සමානව පරාමාසය තුළත්, ඉදංසච්චය තුළත් නොපවතියි. කුමක් නිසා ද?
තමා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ගැන පෙර ඇසූ විස්තරය පරාමාසය තුළ තියෙනවා. සත්‍ය වශයෙන් ම තමා වින්ද, දැන් පිහිටුවන චිත්තය ඉදංසච්චය තුළ තියෙනවා. මේ නිසා අර පල්ලෙහා B point එකේ, ඒකෙ පල්ලෙහා cross එක තියෙන්නේ, ඒ පාරවල් දෙකේ වෙනස තියෙනවා. මේක හරියට අර නිදා ගත්ත පුද්ගලයයි, ඇඳට ගිහිල්ලා නින්ද යෑම සඳහා උත්සාහ කරලා හරියට නිදා ගත්තා ද නොදන්නා පුද්ගලයායි වාගේ. ඕකේ මනස නොදන්නා බව නිසා වෙනසක් පවතිනවා. ඔය නිදා ගැනීමට එම රූපයේ, ඒ කියන්නේ කයේ නිරෝධය සඳහා මෙම සංස්කාර දෙකේ වෙනසට දක්වන ප්‍රතිචාරය නිසා සැකයක් ඇති වෙනවා. එතකොට මට නිදා ගන්න ඕනෙයි කියලා හැඟීමක්, ඒ වගේ දෙයක් තියෙනවා.
එතකොට ඒ කැමැත්ත නිසා එයාගේ කාම ආශ්‍රවය දක්වා ගමන් කරනවා. කාම ආශ්‍රවය කියන්නේ අරකෙ නිරෝධය සඳහා එයා කරන්නා වූ දේමයි මේ පෙන්නන්නේ. එතකොට යම්කිසි රූපයක් නිරුද්ධ වීම සඳහා ඒ රූපය මට අවශ්‍ය නැති යැයි කියමින් රූපය ස්පර්ශ කරන මෙන් හිතන්න ඕනෙ. මට රූපය එපායි කියලා කියන්නා වූ පුද්ගලයෙක්. මේක නිරෝධයට තමයි මට ඕනේ කියන එක.
එතකොට remainder of volitional formations කියලා කියනවා නේ. ඒ සංස්කාරයෙන්, පෙර කරා වූ සංස්කාරයෙන් පමණයි කියලා. ඒකේ මොකද්ද අර්ථය? ඒ A point එකයි B කියන point එකයි අතර වෙනසක් නෑ. උඩ අර මේ ථීන අවස්ථාවෙයි පල්ලෙහා තියෙන එකෙයි මොකද මේ දෙක එකක් පරාමාසයට ගිහිල්ලා ආවා අනිත් එක ඉදංසච්චයට ගිහිල්ලා ආවා. මේ පාරවල් දෙකේ විතරයි වෙනස තියෙන්නේ. හැබැයි මේකේ value දෙකේ වෙනසක් ඇත්තේ නෑ. අන්න ඒකයි තියෙන්නේ, අතන adjustment එක වෙලා තියෙනවා යම්කිසි ආකාරයකට.
ඔන්න ඕක තමයි භාවනාව ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ගැන තමයි භාවනාව.