ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මං අර ඊයේ භාවනාව නැවත කළා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන භාවනාව. එතකොට එහෙම කරලා ඊට පස්සේ මම බැලුවා මේ හත් වෙනි ධ්‍යානයයි මේකයි අතර වෙනස මොකද්ද කියන එක. හත් වෙනි ධ්‍යානයේදි අර වේදනාවේ ඉඳන් චේතනාවට යනවා. චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන එක කැපෙනවා කියන එක රහතන් වහන්සේ පෙන්නුවා නේ. එතකොට ඒ පාරවල් දෙක කැපෙනවා.
ඒ පුද්ගලයා තුළ මේ සංස්කාරයට ඇති අහංකාර අගය කියන එක එයාගේ පවතිනවා. එයා මමංකාරයක් කරන්නෑ. දැන් වේදනාවන් එහෙම මගේ කියලා ගන්නෙ නෑ නේ එයා. නමුත් ඒ සංස්කාරයන්ට අහංකාර අගය තියෙනවා. ඒ පිළිබඳ හැඟීම් තියෙනවා ඒ පුද්ගලයාට.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන පුද්ගලයාට මෙහෙම හැඟීමක් නෑ. ඒ කියන්නේ ඔය ඉදංසච්චයේ ඉඳන් භය අගතිය දක්වා යන රේඛාව තියෙනවා නේ. ඒක ගැන හැඟීමක් නෑ. එයා අගයක් පවරන්නේ නෑ ඒකට.
දැන් මේ ඉදංසච්චයේ ඉඳන් භය අගතියට ඒ පාරේ යන එක ඉතාමත් ම සියුම්ව සිදු වෙනවා. එතකොට ඒ කියන්නේ හරියට මේක නෑ වාගේ. භය අගතියේ ඉඳන් වේදනාව දක්වා යන රේඛාව එයාට ස්වභාවිකව පවතිනවා.
ඒ කියන්නේ දිට්ඨි අනුසය තියෙන නිසායි ඒක ඒ විදිහට එයාට ඒක සිද්ධ වෙන්නේ. දිට්ඨි අනුසයෙන් ඒ මේක සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එතකොට එතන තව භාවනාවක් තියෙනවා. ඉස්සරහට කරන්නේ, රහතන් වහන්සේ එතන නැවැත්තුවා. ඒකේ, ඒක අපි හෙට බලමු.