Date: 18/10/2014 Name: NeversannaNasannayatana 3

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඊයේ භාවනාව නෙවසඤ්ඤානාසඤ්ඤායතන භාවනාව නැවතත් මං මෙනෙහි කළා. අර ලෝභය නැති කරමි කියනකොට අර ජාතිය වේදනා චේතනා කියන කෑල්ල අයිති වෙන්නේ ලෝභ කෑල්ලට. ඒක ඇතුළත් වෙනවා. ද්වේෂය නැති කරමි කියලා කල්පනා කළා ම මේ දෝස කොටසට අපිට අයිති වෙනවා භය අගතිය ඉඳන් ඒ වේදනාවට එන්නා වූ කොටස අයිති වෙනවා.

එතකොට මෙහි දී වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර push කිරීම, අර ධාරාව ගලන්න උදව් උපකාර වෙනවා අර ද්වේෂයෙන් අර මට මේ වේදනාව ඕනෙයි කියන අර්ථය කියන එක තියෙනවා. දැන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාටත් තියෙනවා මේ හොඳ ම වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයක් හදනවා කියන අදහස.

ඒ කියන්නේ හැඟීම තියෙනවා. Perfect කිරීමට උත්සාහයක් පවතිනවා. මේක නිසා එයා මෝහයෙන් අගතියට යනවා කියන එක මට තේරුණා. අර පරාමාසය, ඉදංසච්චය, භය අගතිය, මෝහ අගතිය. එතකොට අර ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතියට යනවා කියන කෑල්ල එතන සිදු වෙනවා. ඉතින් මේ අවස්ථාවේ දී ඒ h1, h2 කියන එක විමසුවා. දැන් මෙයාට ඕනි දැන් මම දන්නා වූ පරාමාසයේ තියෙන්නා වූ එකයි, ඉදංසච්චයේ තියෙන එකයි දෙකක් අතර වෙනසක් තියෙනවා නේ. එතකොට මෙයාට මේ කොහොම ද h1, h2 දුවන්නේ කියන එකයි මං කල්පනා කළේ.

එතකොට මෙතෙන්දි මං බුදුපියා විමසුවා ම, දැන් මෙතන අර සංස්කාරවලට මානයක් නෑ නේ මෙයාගේ. වේදනාවේ ඉඳන් චේතනාවට යන්නා වූ කතාව නෑ. එතකොට h1, ඒ කියන්නේ වේදනා චේතනා පාර නෑ, නිසායි මේකෙ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට, එහෙම නම් ඕගොල්ලන්ට පේනවා සඤ්ඤාව වේදනාව පරාමාසය කියලා එතන ම හැදෙනවා h1 කියන එක. ඇයි මෙතන මැද්දේ කෑල්ල නැති හින්දා, වේදනාවේ ඉඳන් ම තමයි h1 එක තියෙන්නේ. එතකොට ලොකුවට h1 එකක් තියෙනවා. ඊළඟට ගත්තහම h2 වල අගය කියන එක ගත්තහම එතන ඒ අගය බිංදුවයි.

ඒකේ වෙලා තියෙන්නේ, සඤ්ඤා පරාමාස භය අගතියි කියන එක සිද්ධ වෙනවා. ඇයි සඤ්ඤාවේ ඉඳන් නේ එන්නේ. ඊළඟට ඉදංසච්චයේ ඉඳන් භය අගතියට කියන එක, ඒක එනවා. ඒ දෙක තමයි විමසන්න ඕනෙ. එකවරක් හරි පරාමාස වෙලා තියෙනවා. ඒ කියන්නේ පරාමාසයේ තිබෙන්නා වූ අගය ඉදංසච්චයට ඇතුල් වෙලා තියෙනවා. දැන් මෙතෙන්දි අවිද්‍යා ආශ්‍රවය කියන එක එයාට ඇති වෙනවා. දැන් මෙහෙම වුණහම ඉතින් මෝහ අගතිය වෙලා තියෙනවා. මෙයාගේ තියෙනවා නේ අර perfect කරමි කියන හැඟීම.

මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යම් ආකාර ද, හොඳ ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන හැඟීම තියෙනවා නේ. අන්න ඒ අර්ථයක් තියෙනවා. එතකොට මේ ඉදංසච්ච අගයත්, පරාමාස අගයත් අතර වෙනස විඤ්ඤාණයේ හටගෙන තියෙනවා. එතකොට මේකෙදි නන්දි සහගත වූයේ අර නන්දියෙන් ජාතිය ජාතියෙන් වේදනාව කියන කතාව, එතන පාර සියුම්ව ක්‍රියාත්මක වෙනවා.

එතකොට මෙවැන්නෙක් තුළ විඤ්ඤාණ ධාරාව බාධාවකින් තොරව ගලනවා. අර 90% of the time කියන එක තියෙනවා නේ. එතකොට අර රූපය කරා නම් නේ මේක upset යන්නේ. 90% of the time මේක හොඳට ඒක තියෙනවා කියන එක තියෙනවා.

ඒක තමයි භාවනාව.