ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, මේ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම බැලුවේ අපි දන්නවා සීලබ්බත උපාදානය නිසා ඒ රේඛා දෙක අපි දන්නවා අපි යනවා කියලා වේදනාවේ ඉඳන් උඩ චේතනාවට, චේතනාවෙන් පරාමාසයට. ඒ රේඛා දෙකෙන් තමයි සීලබ්බත උපාදානය. එතකොට ඒක නිසා අර කාම තණ්හාව කියන එක වේදනාවේ ඉඳන් පරාමාසගත වෙනවා. ඒක තමයි කාම තණ්හාව කියලා කියන්නේ.
එතකොට අපි දන්නවා හතර වෙනි රවුමේ හතර කියන එකෙන් පස්සේ තමයි කාම ආශ්‍රවය කියන එක ඇති වෙන්නේ. එහෙම නම් පරාමාස වුණාට පස්සේ. එතකොට එහෙම නම් කාම තණ්හාව කෙළවරේ කාම ආශ්‍රවය කියන එක තියෙනවා. ඒක ඇති වෙනවා පරාමාසය කියන තැනට.
ඊළඟට අපි දන්නවා භව තණ්හාව කියන එක ඔය වේදනාවේ ඉඳන් පල්ලෙහාට යන triangle එකයි, ඒ කියන්නේ පල්ලෙහාට අපි භය අගතියට යන කෑල්ලයි කියන එක. එතෙන්දි අපි බැලුවා දිට්ඨි උපාදානය කියන එක ඇති වෙනවා, උඩ ඉඳන් චේතනාවේ ඉඳන් පරාමාසයට එන අත්තා කියන කෑල්ලයි, ඊළඟට භයේ අගතියේ ඉඳන් වේදනාවට එන කෑලි දෙකෙන් දක්වන්න පුළුවන් කියලා අපිට, ඒ දිට්ඨි උපාදානය. ඒ දිට්ඨි උපාදානය නිසා අර අත්තානුදිට්ඨිය කියන එක ඇති වෙනවා පරාමාසයේ ඉඳන් භය අගතියට කියන තැනට එන්න. අන්න එතන ඕක ඇතුළේ තියෙනවා කාම උපාදානය කොටසකුත්, අර අත්තා කියලා ගත්ත නිසා ඒ පල්ලෙහාට එන කෑල්ලේ පෙන්නනවා ඒක තමයි භව තණ්හාව කියනවා.
එතකොට ඔය භව තණ්හාව කියන එක ඇති වෙනකොට, භව ආශ්‍රවය කියන එක අපි තේරුම් ගත්තා ඕක ඇති වෙන්නේ අර පස් වෙනි රවුමෙන් පස්සේ කියලා. එතකොට හරි නේ. 5A කියලා කියන්නෙත් ඔය line එක ම තමයි. අපි 5A කියලා ලකුණු කරන්නෙත් ඕක ම තමයි. එතකොට ඒකේ තියෙනවා ඒ අත්තා කියලා අරගත්තා කියන එක. ඒක නිසා මෙතන මේ පල්ලෙහා භය අගතිය කියන තැනට ආවා නම් ඒ කියන්නේ අපිට භව ආශ්‍රවය කියන එක ඇති වෙලා තියෙනවා. භව තණ්හා භව ආශ්‍රව එතන. කාම තණ්හා කාම ආශ්‍රව, භව තණ්හා භව ආශ්‍රව කියන කතාව දැන් තියෙනවා අපිට.
එතකොට ඔතෙන්දි මම ඊළඟට කල්පනා කරන්න ගත්තේ මේ දිට්ඨි ආශ්‍රවය කියන එක. එතකොට දිට්ඨි ආශ්‍රවය කියන එකට එතෙන්ට එනකොට පේනවා මේ කාරණා තුනකින් රහතන් වහන්සේ පෙන්නනවා “මෙතෙන්ට ආවා නම් භය අගතිය කියන තැනට, පාරවල් තුනකින් එන්න පුළුවන්කම තියෙනවා.” ඒ එකක් තමයි අපි දන්නා වූ දිට්ඨි ආශ්‍රව පාරේ එන්නා වූ දැන් ඔය භව තණ්හාව කියන ලකුණු කරපු පාරේ ම ඒක තියෙනවා. ඒ පාර දිගේ ආවා නම් ඉතින් දිට්ඨි ආශ්‍රවය කියන එක ඇවිල්ලා තියෙනවා. ඊළඟට ගත්තහම අර මානය ඇති වෙලා මාන පාරේ ආවා නම් ඒකත්, එතනිනුත් අපි දිට්ඨි ආශ්‍රවයට කියන එකට එනවා.
ඊළඟට ආපහු තියෙනවා අර මෝහ අගතියේ ඉඳන් භය අගතියට එන්නා වූ පාරක්. ඒක හැදෙන්නේ කොහොම ද, මෝහ අගතිය නිසා අර සංස්කාර cross එක තියෙන තැනට ආවා. එතනින් පල්ලෙහාට ආවා මේවා එකට. ඒක සමාන වෙනවා මෝහ අගතියේ ඉඳන් භය අගතියට එනවා කියන එකට.
ඔය පාරවල් තුනෙන් කොයි එකෙන් හරි ආවා නම් එහෙනම් දිට්ඨි ආශ්‍රවය කියන එක රහතන් වහන්සේ පෙන්නනවා. එහෙනම් භව ආශ්‍රවය කියන තැනට අපි පල්ලෙහාට ආවා නම් භව ආශ්‍රවය කිව්ව තැන ම දිට්ඨි ආශ්‍රවය කියන එක එනවා. ඒ කෑලි තුනෙන්.
ඉතින් ඕක තමයි මම බැලුවේ, අවිද්‍යා ආශ්‍රවය කතාව තාම බැලුවේ නෑ. ඒක ඉතුරු කරා ඊළඟ භාවනාවට කරන්නයි කියලා. ඒක ඊට වඩා ටිකක් ගැඹුරුයි නේ. අවිද්‍යා ආශ්‍රවය කියන එකේ ගත්තහම අපි දන්නවා නේ ඒ රවුම දහයෙන් පස්සෙයි කියලා. එතකොට ඒක, ඒ කතාව බැලුවේ නෑ. මෙන්න මේ කාරණා තුන තමයි මම බැලුවේ භාවනාවෙන්. ඒක තමයි මං කරපු භාවනාව.