ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට බුදුවරු දාහතර නම ම වැඳ නමස්කාර කළා.
ඊළඟට ලෝභය නැති කරමි කිව්වහම ඉතින් මම කල්පනා කරා අපි නිතර ම හදන්නෙ මේ ශරීරය මදුරුවෙක්වත් කන්නේ නැතුව මේක පවත්වන්න. එතකොට ඒකේ තියෙනවා අපේ ඒ ලෝභයත් එක්ක අර නිත්‍යභාවයක් කියන එක. මේක උත්පත්තියට ගිය වෙලාවේ ඉඳන් මේක පවතියි කියලා ඉතින් ඒ කතාවක් තියෙනවා.
එතකොට ද්වේෂය නැති කරමි කිව්වහම ඒක පොඩ්ඩක් වෙනස් වුණා නම් විපරිණාමයට පත් වුණා නම් මදුරුවෙක් කෑවා නම් ඒ වාගේ එකක් උඩ ඒක ගැන ඔන්න ද්වේෂය කියන එක.
ඊට පස්සේ අර මෝහය නැති කරමි කියනකොට මං කල්පනා කළා අර, අර ලෝභය නිසා ඇති වුණා වූ නිත්‍යභාවය කියන එක තියෙනවා. මේක තමයි මේ පවත්වන්න හදන්නේ. එතකොට ඉතින් ඔය නිත්‍යභාවය තියෙනවා නම් අපි ඉතින් අවිද්‍යා ආශ්‍රවය කියන එකට එහෙම යනවා.
ඒ පාර මම, එතෙන්ට ඇවිල්ලා මම කල්පනා කළා අර ඒ දිට්ඨි අනුසය පාර. ඒ දිට්ඨි අනුසය පාරේ ආවහම එතන තමා අපි විභව තණ්හාව කියන එක කිව්වෙ. ඉතින් ඒ විභව තණ්හාව නිසා අපිට ඇති වෙනවා මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක. එතකොට ඒ අවිද්‍යා ආශ්‍රවය කියන එක අර වේදනාව කියන තැන තමයි එතෙන්ට එන්නෙ. මොකද අර වේදනාව නිසා අර, දැන් ශරීරයක් අපි ඇති කරගත්තා, ඒ ශරීරය පවතියි කියලා කරගන්නා වූ ඇති වුණා වූ නිත්‍යභාවය කියන එක. එතකොට ලෝභයෙන් ඇති වෙච්ච එක ම තමයි මෙතන මේක පවතින්නේ කියලා.
ඉතින් ඔන්න ඔය තත්වයට එනකොට මට ඒ රූප පේනවා, ඉතින් මට තේරුණා ඉතින් ඉහළට ම මනස නැංවිලා තියෙන්නේ. රූප පේනවා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා, ඔය විදිහට දිගට ම ඒක පැවතුණා.
එතකොට අර වට වශයෙන් බලන්න ගියා ම ඉතින් අර මේ, දහයෙන් පස්සෙයි කියලා කිව්වා නේ අවිද්‍යා ආශ්‍රවය කියන එක. එතකොට නමයේදි අතන ඇති වෙලා දිට්ඨි, ඒ කියන්නේ ථීනමිද්ධ ස්වභාවය කියන එක ඇති වෙලා, ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රවය එතන තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක වෙනවා කියන එක විතරයි මට බලන්න හම්බවුණේ.
ඒක තමයි කරපු භාවනාව.