Date: 21/10/2014 Name: අවිජ්ජා ආසව

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඔය, අර කලින් කරපු භාවනාව ම තමයි කළේ. අර ඒ භාවනාවන් ටික ඔක්කෝම ගත්තා ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන ඇති වෙන හැටි. ඒ කාම තණ්හාවට වෙනවා සීලබ්බත උපාදානය, කාම තණ්හාව කාම ආශ්‍රවය. ඊළඟට දිට්ඨි උපාදානය, භව තණ්හාව භව ආශ්‍රවය. ඊළඟට බැලුවා අත්තවාද උපාදානය, ඒකෙන් විභව තණ්හාව, ඊළඟට අවිද්‍යා ආශ්‍රවය. අර කොටස් තුනට ආවායි කියන එක අර පහුගිය දවස්වල කරපු භාවනා හතර ම ඒක බැලුවා.

ඒක බලලා ඉවර වෙලා මං කල්පනා කළා මේ තණ්හාව නිරෝධ වෙනවා නම් දුක්ඛය නිරෝධ වෙනවා. එතකොට මම කල්පනා කළා දිට්ඨි උපාදාන නිරොධො, භව නිරොධො. එතකොට භව නිරොධො කිව්වහම භවයයි විභවයයි දෙක ම ගත්තා මං.

අන්න ඒ අවස්ථාවේ දී මං හොඳට දැක්කා මේ හොඳට මනෝමය කාය ඇවිදිනවා ආලෝකයෙන් යුතුව පේනවා කියන එක. ඒ point එක මං හොඳට දැක්කා. ඊට පස්සේ ඒ තුන ම නිරෝධය. දැන් මේකේ එකක් ගියාට හරියන්නේ නෑ, සියලු උපාදානයන් නිරෝධ වෙන්න ඕනෙයි කියන එක කල්පනා කළහම, ඇයි ඉතින් කාම තණ්හාව තියෙනවා නම් generate වෙනවා නේ. ඒ ඔක්කෝම ගත්තහම ඉතින් අර නිරෝධයට ම යනවා. එන්න ඒ භාවනාව තමයි මං ඉතින් නිරෝධයට ගිහිල්ලා මං එහෙම හිටියා.

ගිහිල්ලා එලියට ආවා නම් ආපහු අරක මතක තියෙනවා. ඒ නිරෝධ වෙනවා නම් මේක නිරෝධ වෙනවා කියන එක. ඒක තමයි මං කරපු භාවනාව.

ජාති නිරොධො කියනකොට ඉතින් අර අනුසය පාරෙන් ගිහිල්ලා වේදනාවට දැන් ඇවිල්ලා නේ තියෙන්නේ. එතෙන්දි ඒ කියන්නේ භයේ අගතියයි වේදනාවට එනකලුයි ඇවිල්ලා. භව කියලා කිව්වහම මම ගත්තා නේ භවයයි විභවයයි කියන එක දෙක ම. එතකොට අර උඩට රූපයට පේනවා පල්ලෙහා පැත්තට ජාතිය පේනවා. එතකොට ඔය දෙකේ නිරෝධය කියන එක, ඒක සම්පූර්ණයෙන් හිතුවහම තමයි ඉතින් නිරෝධය කියන එක.