මම භාවනාවට කළේ, ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා. ඊට පස්සේ දාහතර නමට ම වැඳ නමස්කාර කළා.
මං භාවනා කළේ, ඕගොල්ලන්ට මතකයි අර අපි භාවනාවක් කරලා තියෙනවා කලින් අර නන්දි භාවනාව. ඒ කියන්නේ අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා නම් ඒක නිසා අපි, ඊට පස්සේ අපිට ඇති වෙනවා කියලා අර මරණයේ ඉඳන් ව්‍යාධිය දක්වා.
මරණයේ ඉඳන් ව්‍යාධිය දක්වා ගියා නම් ඊට පස්සේ අපි එනවා අර යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට. ඊට පස්සේ අපි දන්නවා අර පරිදේවයේ ඉඳන් සෝකයට යනවා කියන එක D කියන එක. පරිදේවයේ ඉඳන් සෝකයට ගියා නම් ඊට පස්සේ තමයි අපි කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාවට යන්නේ කියන එක.
දැන් ඕක අනිත් පැත්තට බැලුවා මම. ඒ කියන්නේ කබලිංකාර ආහාරය නිසා සඤ්ඤාවක් ඇති වෙනවා නම්, එහෙම නම් අපි පරිදේවයේ ඉඳන් සෝකයට ගිහිල්ලා තියෙන්න ඕනෙ. පරිදේවයේ ඉඳන් සෝකයට ගිහිල්ලා තියෙනවා නම්, එහෙනම් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට ගිහිල්ලා තියෙන්නෙ. යම්පිච්ඡං න ලභති තම්පියේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට ගියා නම් එයිට ඉස්සෙල්ලා අපි මරණයේ ඉඳන් ව්‍යාධියට ගිහින් තියෙන්නෙ. මරණයේ ඉඳන් ව්‍යාධියට ගියා නම් එයිට ඉස්සෙල්ලා අපි සඤ්ඤාවේ ඉඳන් චේතනාවට ගිහිල්ලා තියෙන්නෙ.
එතකොට එහෙම නම් චේතනාව කියලා කියන්නේ කර්මය. එහෙම නම් මං කල්පනා කළා එහෙනම් අපි කර්මයක් කරලා තියෙන්න ඕනෙ. ඒ කියන්නේ දස අකුසලය කියන එක තියෙනවා නම් කර්මයක් කරලා තියෙනවා. එතකොට ඒ කර්මය, එතෙන්දි රහතන් වහන්සේ “සාධු සාධු” කියලා කිව්වා, ඒ කියන්නේ අපි අපේ අතීතයේ කළා වූ කර්මයක් ඒක අපි අවසන් කරගෙන නැතුව එතන පවතින්නා වූ ස්වභාවය තියෙනවා නේ.
එතකොට ඊළඟට ගත්තහම දැන් කරන්නා වූ කර්මයක්, ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් ඔතන අපි කර්මය කියන එක ගන්නවා. එතකොට මොන ආකාරයක හරි කර්මයක් අපේ තියෙනවා මිච්ඡා දිට්ඨියක් අභිජ්ඣාවක් ව්‍යාපාදයක් ඒ විදිහට තියෙනවා නම්, ඒ කියන්නේ අර අපේ මේ කබලිංකාර ආහාරයෙන් සඤ්ඤාවට එනකන් එතෙන්ට යනවා කියන එක සිද්ධ වෙනවා.
ඔන්න ඕක තමයි මං කළේ. ඒක ඉහළ ම වූ භාවනාවක් ඒ විදිහට කළා ම, අනිත් පැත්තට බැලුවහම හරි ම ගැඹුරුයි මේ විදිහට. මොන ආකාරයකට හරි දෙයක් තියෙනවා නම් ඒක සිද්ධ වෙනවා.