Date: 23/10/2014 Name: විශේෂ ඉද්ධි

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කරලා, ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාවේ කෙළවර තමයි නැවතත් බැලුවේ. ඊයේ භාවනාව මතකයි නේ අපි කිව්වා අර A, B, C, D, E කියන එක. ඒ කියන්නේ කබලිංකාර ආහාරයේ ඉඳන් අපි සඤ්ඤාවට යනවා කියන එක. ඒක වෙන එකේදි අපි අනිත් පැත්තට බලාගෙන ගියා ම අපිට ආවා, අපි චේතනාව කියන එක ආවා. A කියන එක වෙලා තියෙන්න ඕනෙ අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එනවා කියන එක එනවා. කර්මය කියන එක තියෙන්න ඕනෙයි කිව්වා. ඒ කියන්නේ දුස්සීලභාවය කියන එක.

එතකොට දැන් අපි දන්නවා ධර්මයක්, ඒ දුස්සීලභාවය කියන එක තියෙනවා නම් පරියුට්ඨානය, පරියුට්ඨානයෙන් චේතනාව කියලා ඇති වෙනවා කියලා. එතකොට අනිත් අතට මට කල්පනා වුණා, ඒ කියන්නේ රහතන් වහන්සේ මට මුලින් ම බලන්නෙයි කිව්වා මං කලින් කරපු භාවනාව. කාම ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට එනවා කියන භාවනාව. ඒකෙදි අපි තේරුම් ගත්තා අවිද්‍යා අනුසය තියෙනවා නම් චිත්තස්ස සම්පලිබොධය, එතනින් ඇති වෙනවා පරියුට්ඨානය, පරියුට්ඨානය ඇති වුණායින් පස්සේ අපි ආපහු එනවා ඒ චේතනාවට. ඇයි එතනින් යනවා නේ අවිද්‍යා ආශ්‍රවය දක්වා. එතකොට දැන් මෙතෙන්දි යන්නේ මේකෙන් කොටසක්. පරියුට්ඨානයට එනවා කියන එක.

එහෙම නම් දැන් බලන්න මේ කාරණා දෙක තමන්ට එකතු කරන්න පුළුවන්. මං ඕක දැක්ක ගමන් ම මට තේරුණා මෙතන මේ පැත්තෙ මේ ප්‍රඥා විමුක්තියයි, මෙතන විරිය ඉද්ධියයි, ප්‍රඥාවයි කියන එකයි දෙක මේවා වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මං මේ කාරණා දෙක ම එකතු කරලා බැලුවා. දැන් අපි එන්න ඕනෙ පරියුට්ඨානයට. පරියුට්ඨානයට ආවා නම් චේතනාව. එහෙම නම් අවිද්‍යා අනුසය, චිත්තස්ස සම්පලිබොධය, පරියුට්ඨානය. ඒක එකක්. අනිත් අතට ගත්තහම අපිට පේනවා දුස්සීලභාවය තියෙනවා නම් අපි පරියුට්ඨානයට එනවා කියන එක. එතකොට මේක මං බැලුවා මේක join වෙන විදිහ. එතකොට අපි දන්නවා මේ දුස්සීලභාවය තියෙනවා නම්, ඒ කියන්නේ අර චේතනාවේ ඉඳන් භය අගතියට ආවා. භය අගතියට ආවා නම් එහෙනම් දිට්ඨි අනුසය කියන එකට අපි එනවා.

එතකොට අපි කලින් කරලා තියෙනවා භාවනාවක් දිට්ඨි අනුසයට යමක් ආවා නම් wiper එක වාගේ. මේක ගිහිල්ලා අවිද්‍යා අනුසයට මේක එනවා කියන එක. එතකොට මෙන්න මේ කාරණා ටික join වුණාට පස්සේ දැන් පේනවා එහෙම නම් මේ දුස්සීලභාවයේ තිබිච්ච එක ම තමයි දිට්ඨි අනුසය ආවා, ඒකෙන් අවිද්‍යා අනුසය කියන එකට ආවා. අවිද්‍යා අනුසය ආවායින් පස්සේ එතනින් අපිට චිත්තස්ස සම්පලිබොධය, චිත්තස්ස සම්පලිබොධයෙන් අපිට ඇති වෙනවා පරියුට්ඨානය කියන එක. ඒ කතාව ආවා නම් එහෙනම්, බලන්න ඒ පරියුට්ඨානය ලකුණු කරලා තියෙන්නෙත් අර කබලිංකාර ආහාරය තියෙන තැන ම යි නේ ද?

එතකොට එහෙම නම් කොහොම හරි සඤ්ඤාවට අපි යනවා. මේක නිසා සඤ්ඤාව ඇති කරගන්නවා කියන එක තියෙනවා. ඉතින් ඔන්න ඔය වුණහම මේ පැත්තෙ මේ චෙතො විමුක්තියයි, මේ පැත්තේ ප්‍රඥා විමුක්තියයි ඒවා ඔක්කොම තියෙනවා. මේ භාවනාවේ නම ඉද්ධි. මේක තමයි ඉද්ධි කියලා කියන්නේ. එතකොට මේ විදිහට පවතිනවා නම්, දැන් ඒ කියන්නේ ඕන ම වෙලාවක තමන්ගේ ඵල චිත්තයන් නංවන්න පුළුවන්. මේ හතර හරියට ඕක තේරුම් ගන්න පුද්ගලයාට ඕන ම වෙලාවක ඒ ඵල චිත්තය කියන එක නංවන්න පුළුවන් අන්න ඒක තමයි ඉද්ධිය කියලා කියන්නේ. කැමති වෙලාවක නංවන්න පුළුවන් වීම.

ඒක තමයි මං කරපු භාවනාව.