ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ. මේ විදිහට දෙවනි බුදුපියාණන් වහන්සේත්, තුන් වෙනි බුදුපියාණන් වහන්සේත්, ඊළඟට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම භාවනාව පටන් ගත්තේ අර “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” කිව්වහම ඉතින් පාණාතිපාතා නිසා ද්වේෂය, ද්වේෂය නිසා පාණාතිපාතය. එතකොට එතෙන්දි අපි, ද්වේෂය ඇති වෙන්න ඉස්සෙල්ලා අපිට තියෙනවා නේ රෝගී සඤ්ඤාවක්. ථීනමිද්ධය කියන එක ඇති වෙලා තියෙනවා. ඒ පාර ඒ ථීනමිද්ධය අවස්ථාව මං බැලුවා, අර මුලින් අපිට තියෙන්නේ මිද්ධ සහගත ස්වභාවය, ඊට පස්සේ අපිට තියෙන්නේ ථීන සහගත ස්වභාවය.
එතකොට ඒ තත්වයට පත් වුණහම අර කාමේසු තිබ්‌බසාරාගො කියන්නෙ. ඒකෙන් අපි push කරනවා. එතකොට අපි උද්ධච්චය බවට පත් වෙනවා. එතකොට එහෙම නම් අර උඩ ඉඳන් පල්ලෙහාට එනවා. ඉතින් ඒ අර මතක් වෙන්න ඕනෙ අර මලකඩ කාපු යකඩ ඇණයක් අරගෙන මේක පවත්වන්න උත්සාහ කරනවා කියන එක. කවදාවත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මලකඩ කාලා තියෙන එක දිරනවා කියන එක තමයි තියෙන්නේ. ඉතින් එතෙන්ට ආවාට පස්සෙ ඊට පස්සේ දැන් පහළට ආවා නම් විචිකිච්ඡාවයි, කඞ්ඛී විචිකිච්ඡති කියන දෙකයි තියෙන්නේ.
ඉතින් අන්න ඒ වෙලාවේදි මට කල්පනා වුණා අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙලා, දැන් ඊයේ භාවනාවේදි අපි දැක්කා නේ දුස්සීලභාවය කියන එක නිසා දිට්ඨි අනුසය, දිට්ඨි අනුසයෙන් ඊට පස්සේ අපි ඒක අවිද්‍යා අනුසයට wiper එක වාගේ තල්ලු කරනවා කියලා. එතකොට දැන් මෙතන අපිට පේනවා මේ සැකය කියන එකට අපි ආවා ම, ඔය සැකය කියන එක, දැන් පරිදේවය සෝකය. නේ ද? එතකොට එහෙනම් පරිදේවයේ තියෙන අගය හරියට ම අර cross එකේ නේ තියෙන්නේ. හරහට තියෙන්නේ. එතකොට දුස්සීලභාවය තියෙන line එක.
එහෙනම් පරිදේව අගය කියන එක අවිද්‍යා අනුසයට copy වෙනවා. ඒක නේ push වෙන්නේ. සෝක කියන එකත් එහෙනම් අවිද්‍යා අනුසය කියන එකට push වෙනවා කියන එක තියෙනවා. එහෙම නම් අපි, අවිද්‍යා අනුසයේදි අපි ඒ පරිදේව සහගතව ජීවත් වෙන්නත් පුරුදු වෙනවා. සෝක සහගතව ජීවත් වෙන්නත් පුරුදු වෙනවා. ඇයි අවිද්‍යා අනුසය කියන එක අපිට දැන් ඔය විදිහට ගොඩනැංවිලා තියෙනවා ඔය කාරණාවන් උඩ.
ඉතින් ඒ වෙලාවේ මට ඇහුණා “මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි” කියලා කියනවා. ඒ කියන්නේ අර උඩ line එක මුසාව කියන එක මිච්ඡා දිට්ඨිය නේ. ඒ මිච්ඡා දිට්ඨිය තමයි පල්ලෙහාට බහින්නේ. අපි සුඛයි කියලා ගන්නවා මුසාව, ඒක නිසා දැන් භය අගතියට කියන එකට ඇවිල්ලා එක පැත්තකින්. අනිත් පැත්තෙන් එනවා අපි අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට. ඔය line දෙක හරහා මේ එන්නේ. භය අගතියට ඔය කෑලි දෙකෙන් ආවා. එතකොට මේක තමයි යන්නේ.
එතකොට මිච්ඡා දිට්ඨිය ම තමයි copy වෙවී copy වෙවී අවිද්‍යා අනුසයට ඇතුල් වෙන්නේ. ඒක නේ අපි කිව්වේ අර දුස්සීල වෙන්න වෙන්න ඒක නිසා මිච්ඡා දිට්ඨිය. අර මඩ වෙනවා බොර වෙනවා dye දානවා කිව්වේ. එන්න එන්න ම මොනවා ද, ඒවා ම තමයි අර සාඨෙය්‍ය ඇතුල් වෙනවා කිව්වා මිච්ඡා දිට්ඨියට. අන්න ඒ වාගේ දැන් මේ මිච්ඡා දිට්ඨිය ම නැවත නැවතත් copy වෙවී එනවා අවිද්‍යා අනුසයට.
එතකොට අර පාරිසුද්ධිපධානියඞ්ගය හතර භාවිතා කරගෙන ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙ නෑ. සීලපාරිසුද්ධිපධානියඞ්ගය, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, එතකොට චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය භාවිතා කර කර ඉන්නවා ඇර වෙන දෙයක් නැහැයි කියන එක. මේ විදිහට කළහම සිත පාරිශුද්ධයි. අන්න ඒ තත්වෙට තමන්ගේ සිත පත් වෙනවා. අර රවුම ම ඇවිල්ලා නේ තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.