ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම වැඳ නමස්කාර කළා.
එතකොට මම කළේ අර කලින් කරපු භාවනාව ම තමයි. ඒ අසංඛෙය්‍ය සත්ව භාවනාව කියලා කලින් භාවනාවක් කළා. ඒකෙදි අර, ඒක කරන්න ඉස්සෙල්ලා මං පටන් ගත්තේ අර area 1 නිසා area 6 ඇති වෙනවා. එතකොට area 1 වලින් generate කරනවා. Area 6 වලින් maintenance කියන එක කරනවා. එතකොට දැන් මේක කරගෙන ගියා ම අපි දන්නවා මොකක් හරි වස්තුවක් නිසා කෙනෙකුට ඇති වෙනවා නම් අර සුභයි කියලා සිතුවිල්ලක් එනවා නම්, ඒ ඒක ධාරාව ගලන්න ඕනෙ නේ. අර පදුට්ඨමනසඞ්කප්ප value එක නාමකායේ පටිඝසම්‌ඵස්‌ස value එකෙන් push කරන්න ඕනෙ.
ඉතින් ඒ අසංඛෙය්‍ය සත්ව භාවනාවේදි කලින් කළේ, ඒක කෙරෙන්නැති අවස්ථාවන් තුනක් තියෙනවා, ඒ push කරන්නෙ නැති අවස්ථාවන්. ඒ පළවෙනි එක තමයි ඒ අර අසුභය, අසුභ යැයි කියලා දන්නා වූ සද්ධන්තයා කියන එක්කෙනා. එතකොට ඒ කෙළින් ම ඒ අසුභය, අසුභ යැයි කියන එකේදි මං මෙනෙහි කළේ මේ වෙලාවෙදි අර ඒ මනුස්සයාගේ ශරීරය, සත්වයාගේ ශරීරය කියන එක ජරා ගොඩක්, කුණු ගොඩක්. මේකේ ඇතුළේ තියෙන්නේ අර වමනය වාගේ දෙයක්.
එතකොට මේ වමනය හරියට දැකපු මනුස්සයා ඒ වමනය සිහියේ තියෙනවා නම්, ඒ මනුස්සයා දන්නවා මේ වමනේ ගොඩක් තමයි මේ එන්නේ කියන එක. එතකොට මේක හමකින් වැහිලා මේක තියෙන්නෙ. ඒක හරියට නිකන් අර පාර්සලයක් මනුස්සයෙක් ඔතලා දෙනවා. ඔතලා දුන්නායින් පස්සේ දැන් මෙයා, මනුස්සයා හිතනවා මේක ඇතුළේ යම්කිසි හොඳ දෙයක් ඇතියි කියලා අර එළියේ තියෙන කඩදහිය දිහා බලලා. හම දිහා බලලා ඒ වගේ එකක් නේ කියන්නේ.
නමුත් ඇතුළේ ඔතලා තියෙන්නේ අසූචි ගොඩක්, වමනේ ගොඩක් කියන එක. ඉතින් ඕක ඔය විදිහට මම හිතුවා විතරයි, ඒක මනසට ආපු ගමන් ම කෙළින් ම එහෙම්ම ම සිත නතර වුණා. සිත නතර වෙලා මං මිනිත්තු පහක් විතර ඔහොම හිටියා. දැන් ඉතුරු භාවනාව ඒකෙ කාරණාවලට යන්න මේකක් නෑ.
ඒකෙන් ඉඳලා ඊට පස්සේ බොහෝ ම සැපතින් ඉඳලා ආපහු එලියට ආපු වෙලාවේ, දැන් අර ඊළඟට දෙවෙනි පුද්ගලයා තමයි නිරෝධයට, නිරොධසමාපත්‌ති ලාභියා. මෙයත් මේක push කරන්නෙ නැහැයි කියන එක. ඉතින් ඒකේ ඒ කොටස බලාගෙන යනකොට රහතන් වහන්සේ කිව්වා ඒ “නිරෝධයට නොගියාට කමක් නෑ ඒ ආසන්න තත්වයට ඇවිල්ලා තියෙනවායි” කියන එක. මොකද ඒක ගියා නම් ඉතින් භාවනාව ඊළඟට කෙරෙන්නේ නෑ නේ.
ඊළඟට තුන් වෙනි කාරණයට ගත්තා අසංඛෙය්‍ය සත්වයාගේ ඒ ස්වභාවය. එයාගේ තියෙන්නේ අර ස්පර්ශය කියන එක එයා දන්නවා. ඊට පස්සේ එහා පැත්තෙන් එයා දන්නෙ මේ නාමරූප කියන එක, ඒ එයා ඒකට නාමරූපවලට එයා කැමති නෑ. විඤ්ඤාණය කිසිම ආකාරයකින් ඒක පවතිනවා කියන එකට එයාගේ කැමැත්තක් නෑ නාමරූප ධර්මයන්ගෙන් කියන එක.
එතකොට මේක මං ඒ සිහි කරගෙන යනකොට ඉතින් ඒ නාමරූපයට කැමති නෑ කියන්නේ සිතන්න කැමැත්තක් ඇත්තෙ නෑ. එතකොට අර කලින් භාවනාවෙම උදව් උපකාරය එතනින් ලැබෙනවා. අර සිතන්නැතුව හිටපු අවස්ථාවේ ඇති වුණා වූ දේ තියෙනවා, හැබැයි මට තේරුණා ඒකේ වෙනස. වෙනස තියෙනවා හරියට. එතකොට දැන් කය ගැන විතරක් ඒක තියලා විඤ්ඤාණය සිතුවිල්ලක් නැතුව මේකෙ පවතිනවා කියන එක හොඳට තේරෙනවා.
දැන් එතකොට මට තේරෙනවා මට දැන් රහතන් වහන්සේ කිව්වා “දැන් ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කරන්න” යි කියලා. එහෙම කිව්වට මගේ මනස එන්නෙ නෑ. අර තැන ඉන්නවා. අර අසංඛෙය්‍ය සත්වයාගේ තැන ඉන්නවා කියන එක මට හොඳට තේරුණා. තේරිලා මං දැන්, ටිකක් වෙලා ගිහිල්ලා මං කල්පනා කළා රහතන් වහන්සේට ගරු කරන්න ඕනෙ. කිව්ව වචනේට ගරු කරන්න ඕනෙ, මං එන්න ඕනෙ කියන එක. ඉතින් මෙහෙම කල්පනා කළහම ඔන්න චුට්ටක් වෙලා යනකොට ඔන්න අර ඒක නිසා ඔන්න පොඩ්ඩක් එන්න පුළුවන්කම කියන එක ඇති වුණා.
ආපු ගමන් මට තේරුණා දැන් ඊයේ භාවනාවේ සම්බන්ධතාවය. මෙතනත් මිච්ඡා දිට්ඨිය නේ. මෙහෙම හරි ඉන්නවා කියලා තියෙන එක මිච්ඡා දිට්ඨිය. එතකොට මේකෙ, මේක දිගේ පල්ලෙහාට බහිනවා ඕක තමයි සිද්ධ වෙන්නේ. අර ඊයේ භාවනාවේ කෙළවරට ආවා නේ අන්තිමට සියල්ල ම මේ මුසාව නිසායි කියලා. ඒක තමයි, බොහෝ ම සැපට හිටියා. ඒ භාවනාවෙන් ඒ තුනෙන් බොහෝ ම සැපට හිටියයි කියලා කියන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.