ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, ඒ තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් ප්‍රියේහි විප්‍රයෝගයට යන line එක මට සිහි වුණා. යමක් ඉදංසච්චයට ඇතුල් වෙච්ච විගසින් ප්‍රියේහි විප්‍රයෝගය වන්නේ ද කියන ප්‍රශ්නය මම කල්පනා කළේ, “එසේ නොකිය යුතුයි” කියන එක රහතන් වහන්සේ කිව්වා.
ඒක පරාමාසයට ඇදීමෙන් පසුව මේක සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා අර විඤ්ඤාණකාය කියන එක හැදුණා, අර A කියන point එකට ආවා, එතෙන්දි ඒ පදුට්ඨමනසඞ්කප්පයෙන් තමයි පල්ලෙහාට මේක push කරගෙන එන්නේ. ඒ line එක දික් කරොත් එන්නෙ දුක්ඛයට, විඤ්ඤාණයේ ඉඳන් එන එක. එතකොට ඒ parallel line එක ගැන නේ අපි මේ කතා කරන්නේ. ජාතියේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට යන line එකට parallel lines. ඉදංසච්චයේ ඉඳන් ප්‍රියේහි විප්‍රයෝගයටත් තියෙන්නේ ඒ parallel line එකක්.
එතකොට දැන් අපි bell shaped curve එකක අර A point එකේ ඉඳන් B කියන එක දක්වා යෑම කියන එක ජාතිය වශයෙන් සලකන්න ඕනෙ. A කියන point එක නෙමෙයි ජාතිය වෙන්නේ. A සිට B දක්වා යෑම කියන එක. එතකොට මේ විඤ්ඤාණ ධාරාවේ යම්කිසි වෙනසක්, දැනගැනීමක් වෙයි ද ආන්න ඒක තමයි දුක්ඛය කියලා කියන්නේ. විඤ්ඤාණයෙන් දැනගත්තා. දැන් එතන දැනගත්තා කියලා කිව්වහම අපිට පේනවා, කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් වතුර පාරක් ගත්තහම ඒ වතුර පාරෙ ඔන්න වෙනසක් වුණා. වතුර පාර අඩු වුණහම, ඒ කියන්නේ තමන්ට පෙර තිබුණා වූ සුඛය දැන් නැහැයි කියන අර්ථය තියෙනවා. වතුර පාර වැඩි වුණායි කියන්නෙ?
ඒ කියන්නෙ වැඩි වෙලා තියෙන්නෙ රොඩුයි මඩයි කියන ඒවා තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙම නම් එතනත් ආපහු දුක්ඛය කියන එක. දැන් පේනවා ද විපරිණාම දුක්ඛය කියන එක කොයි තරම් දුරකට එනවා ද කියලා.
එතකොට මේ වෙනස ඇති වීමෙන් අනතුරුව දෝමනස්සය කියන එක ඇති වෙනවා. මෙම චිත්තයේ සටහන් වීම සිද්ධ වෙනවා. අර දෝමනස්සය කියන එක චිත්තයේ සටහන් වීම. දුක්ඛය කියන එක විඤ්ඤාණකායේ සටහන් වෙනවා. විඤ්ඤාණකාය වශයෙන් චක්ඛු, සොත, ඝාන, මනෝ, විඤ්ඤාණ කියන ඒවා දත යුතුයි. මෙය පංචඋපාදානස්කන්ධය පරිභාවිතා වීමෙන් ඇති වූ දෙයක්.
පරිභාවිතා වුණා කිව්වහම අර well developed කියන එකයි එතන තියෙන්නේ. මේ විදිහට මේ ජාති, දුක්ඛ, ප්‍රියේහි විප්‍රයෝගය කියන එක සිද්ධ වෙනවා කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි ඒ කරපු භාවනාව. මේක ධම්මකිත්ති භාවනා 2.