ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැන්දා.
ඊට පස්සේ මං පටන් ගත්තා, මට පටන් ගන්නෙයි කිව්වා ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් වඩමි කියලා. එතකොට මම බැලුවා අර විරිය කියන එක ගත්තහම, විරියො ච ඡන්දො කියලා යන්න හැදුවේ, විරිය කියන එක 3 ආකාර වූ විරිය. රූපය ස්පර්ශ නොවෙන්න, සඤ්ඤාව මගේ නොවෙන්න, සංස්කාරය මගේ නොවෙන්න කියන එක. එතකොට ඒ විරියෙන් තමයි ඡන්දය කියන එකට යන්නෙ. එතකොට නිකන් අර චක්ක diagram එකේ තිබුණා නේ. ඒකෙදි අර පල්ලෙහා විරිය උඩ ඡන්දය නේ. එතකොට ඒකේ දෙපැත්තෙන් තියෙනවා නේ කෑලි දෙකක්. එතකොට දැන් එහෙම නම් මේ උඩට යනවායි කිව්වහම මෙතන මේ පැත්තෙන් දැන් මට නිකන් සම්බන්ධතාවය පේනවා. මේ තුන ම අයින් කළහම නිර්වාණයට ම ඡන්දය කියන එක, ඒක පවතිනවා කියන එක.
එතකොට ඡන්දයෙන් ඊට පස්සේ අපි චිත්තයට එනවා. එතකොට නිර්වාණයට විතරයි අතන ඡන්දය තියෙන්නේ. ඊට පස්සේ චිත්තයට ආවහම එතන තියෙනවා අර නිවනට යොමු කරලා ඇති වුණා වූ ඒ සමාහිත බවක් කියන එක තියෙනවා නේ, චිත්තයේ. එතකොට ඒක අර ද්වේෂය කියන එක, ඒක නැති කරනවා. මොකක් හරි නිවනෙන් පිටත දෙයක් ගත්තා නම් ඉතින් ද්වේෂයක් තියෙනවා. එතකොට ද්වේෂය කියන කතාව මෙතන නැති වෙනවා මොකද නිවනෙන් පිටත දෙයක් ගන්නේ නෑයි කියන එක. ඉතින් ඒක නිසා ම අර උද්ධච්චය මගින් add වෙන්නා වූ, ද්වේෂයෙන් උද්ධච්චයට යන එක තියෙනවා නේ. ඒකේ add වෙනවා නේ දුස්සීලභාවය මිච්ඡා දිට්ඨියට. ඒක වෙන්නේ නැතෙයි කියන එකත් එතන එනවා.
ඊට පස්සේ දැන් චිත්තයෙන් එනවා අපි විමංසාවට, ඉද්ධිපාදයට. ඒ විමංසා ඉද්ධිපාදයට ආවහම එතන පේනවා විමංසා ඉද්ධිපාදයේදි අර චිත්තයේ තියෙනවා නේ දැන් සමාහිත බවක්. මොකද නිර්වාණයෙන් තොර වූ දෙයක් ගන්නේ නෑ. ඒක නිසා ඇති වෙන්නා වූ සමාහිත බව කියන එක තියෙනවා. අන්න ඒ සමාහිත බව පැවැත්වීම කියන එක ඒ විමංසාව තුළ තියෙනවා.
දැන් අනිත් අතට ගත්තහම විමංසා ඉද්ධිපාදයට දැන් එහෙම නම් ඒ තුන් පැත්තකින් සම්බන්ධතාවය තියෙනවා. ඒ කියන්නේ ඔය චිත්තයෙන් ඔය විදිහට ඇවිල්ලා තියෙනවා සමාහිත බව පවත්වනවා කියන එක. අනිත් එක විරිය මගින්, දැන් විරිය නැත්තන් ඇති වෙන ප්රශ්නය තියෙනවා නේ, ඒ ප්රශ්නය කියන එක විරිය ඉද්ධිපාදය මගින් ඒක වළක්වනවා. එතකොට ඒකෙන් තමන්ට පේනවා ඒ විමංසාව කියන එකට විරියෙන් ඒ විදිහට support එක තියෙනවයි කියන එක. චිත්තයෙන් ඒ විදිහට support එකකුත් තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තහම ඒ ඡන්ද සමාධියෙන් ඒ විමංසාවට support කරනවා.
එතකොට මේ, ඒ තුන් ධර්මයෝ ම උදව් උපකාර කරනවා ඒ විමංසාව ඒ විදිහට පවත්වාගෙන ඉන්න. එතකොට අර ලෝභය පැත්තෙන් එනවා කියන එක අපිට පේනවා ඉතින් ඡන්ද සමාධිය තියෙනවා නම් ලෝභය පැත්තෙන් එන්නා වූ ඒක කැපිලා යනවා. ඊළඟට ද්වේෂය පැත්තෙන් එන්නා වූ එක කැපිලා යනවා චිත්තය තියෙනවා නම්. ඊළඟට අපිට පේනවා තමන්ට සංස්කාර, සංස්කාර මගේ කියලා ඇති වෙන්නා වූ ප්‍රශ්නයක් තියෙනවා නේ, සඤ්ඤා සංස්කාර මගේ කියලා ඇති වෙන ප්රශ්නය. ඒක අර විරිය සමාධියෙන් කියන එකෙන් ඒකෙන් නැති කරනවා. එතකොට මේ 3 support කරනවා විමංසාවට.
එතකොට මේ විදිහට මේ, අර 4 සලකුණට නේ ඔය බැලිලා තියෙන්නේ. 4 සලකුණ, චක්ක diagram එකයි 4 සලකුණයි දෙක ම එකට ඒ විදිහට මම බලාගෙන ගියා. ඉතින් ඒ බලාගෙන ගියහම ඉතින් ඒ රහතන් වහන්සේ වචනේකුත් කිව්වා මට දැන් ඒක මතක නෑ, ඒ තුනේ support එකෙන් තමයි එකක් පවතින්නේ. ඉතින් මේ විදිහට පැවතිලා, ඉතින් ඔය රූප එහෙමත් පේන ඒවා දේවලුත් තිබුණා. ඒක තමයි කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්