Date: 05/11/2014 Name: Sukapatipadha khippabhinna bhavana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මම පටන් ගත්තේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙන්. එතකොට ඒ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙ අර මං පෙන්නනවා නේ අර හතර වෙනි භාවනාව හැටියට කරන්නයි කියලා, ආහාරයේ. එතකොට ඒකේ පෙන්නනවා නේ අර කබලිංකාර ආහාරය නිසා ජාතියයි දුක්ඛයයි ඇති වෙනවා, දෙවනි පාරේ ඒ ජරාවයි දෝමනස්සයයි, තුන් වෙනි පාරේ ව්‍යාධියයි සෝකයයි, හතර වෙනි පාරේ ඉතින් මරණයයි පරිදේවයයි ඇති වෙනවා, එතනින් හතර වෙනි ධ්‍යානයට එනවා. හතර වෙනි ධ්‍යානයට ආවාට පස්සේ එතනින් යන්න තියෙන්නේ අර ධම්මානුපස්සනාවට.

ඒ ධම්මානුපස්සනාවේදි අපි බලනවා අර 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට, 3 ඒ ජාතියේ ඉඳන් ජරාවට. එහෙම නම් ඉතින් මරණය සිද්ධ වෙනවා නම් ඒ නිත්‍යභාවයක් කොයින් ද කියන එක එතන බලනවා. ඒක බලාගෙන ආවහම ඉතින් අපි අත්තා ඉඳන් නිත්‍යට යන එක ඒක කඩාගෙන වැටෙනවා. එහෙම නම් ඉතින් මේ රූපය තමයි කියන එක මෙතනදි ඇති වෙනවා, ප්‍රශ්නේ කියන එක. එතෙන්ට එනකන් අපි ආවාට පස්සේ දැන් මෙතෙන්දි අර චතුත්ථධ්‍යානය කියන එකේ තියෙනවා.

මෙතෙන්දි පේනවා අර රූපය කියන එක එක්ක ජීවත් වෙන්න බෑ. උපායාසය. කොහොම හැදුවත් මේක කඩාගෙන වැටෙනවා, කියන අර්ථයට ආවායින් පස්සේ රූපය අල්ලලා විසි කරනවා, අරූප ධ්‍යානය. අරූප ධ්‍යානයට ආවායින් පස්සේ එතනින් ඒ පුද්ගලයා දස කුසලය කියන එක හොඳට පවත්වනවා, පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මෙතන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වශයෙන් එතන ඒක පවත්වලා ඊට පස්සේ විරියෙන් කොහොම හරි මේ රූපයෙන් වෙන් වෙලා ජීවත් වීම කියන එකට උත්සාහයක් කියන එක එතන තියෙනවා. අර ධ්‍යානයන් පවත්වමින් ඉන්නවයි කියන එක.

දැන් මෙතනින් ආවා මේක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකට ආවාට පස්සේ, දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා අපි දන්නවා ඔය ඇති වෙනවා කියලා ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අවසානෙට පෙන්නන අර ඇදෙන කතාව. කාරණා 3 යි, අභිනිවේසයයි, මෝහයයි, ඊළඟට ගත්තහම නිත්‍යභාවය නිසා අවිද්‍යාව නිසා වෙන්නා වූ කාරණාව. ඒ දෙක සම්බන්ධයි. එතකොට, ඒක සම්බන්ධ වෙන්නේ ඔය සංස්කාර වශයෙන්. ඒ සංස්කාරයන් අපි එහෙම කරනවා කියන එක, ඒක නිසා ඇති වෙන්නා වූ මෝහය. ඒක නිසායි එතන සම්බන්ධතාවය.

එතකොට මෙතන මේ තත්වෙට පත් වුණාට පස්සේ මං බැලුවා උපසමාධිට්ඨානය කියන එක. ඒ උපසමාධිට්ඨානයෙදි දැන් අර කොයි පැත්තෙන් ආවත් වදින්නේ නැහැයි කියන එක නේ තියෙන්නේ. එතකොට එහෙම නම් දැන් අපිට මේ මෝහය පැත්තෙන් එන්නා වූ එක තමයි මුලින් බලන්නෙ. කවුරු හරි කෙනෙක් දැක්කා කියලා එකපාරට ම අර සුභයි කියලා ගන්න යන්නෙ නෑ, ඒක තමයි පළවෙනි රවුමෙන් ම වෙන්නා වූ දේ, මෝහයෙන් කරන්නා වූ ක්‍රියාවලිය. එහෙම නම් ඒක අපි කරන්නේ නැහැයි කියන එක. එතකොට එතනින් එහෙනම් අපි බලන්නේ, ලෝභ දෝස මෝහයෙන් ඒ මෝහ කතාව ඔන්න ඔතනින් ගියා.

ඊළඟට අර නිත්‍යභාවය කියන එක උඩින් එනවා නේ. ඒ අවිද්‍යාව කියන එක. එතකොට ඕක තමයි අර දෙවනි රවුමේ දී අපි කරන්නා වූ දේ අර cutlet තියෙනවා කියලා කියනවා වාගේ, ඒ කියන්නේ අදත්තාදානයත් එක්කයි ඕක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට එතන අපිට පේනවා මේ කතාව තමයි මේ ලෝභ කතාව. නිත්‍යභාවයේ කතාවත් එක්ක එන එක ලෝභ කතාව කියන එක.

ඊළඟට අර අභිනිවේසය ඉදංසච්චයට ඇදෙනවා කියන එක, ඒක තනිකර ම ගත්තහම ද්වේෂයටයි අයිති වෙන්නේ. මොකද ස්පර්ශය නිසා තමයි අපිට මේ සුඛයි කියලා කතාවක් ඇති වෙන්නේ. විපල්ලාසයක් නේ ඇති වෙන්නේ. ඔන්න ඔය සුඛය තමයි පරාමාසගත වෙලා, පරාමාසයේ ඉඳන් ඉතින් අභිනිවේස වෙලා ඒ කාම සඤ්ඤාවත් එක්ක මේකට ඇතුල් වෙන්නේ. එතකොට එහෙම නම් ඒක වැටෙන්නේ ද්වේෂ කොටසට.

එතකොට දැන් උපසමාධිට්ඨානයේ දී පෙන්නනවා මෝහය නිසාත් මට එපා. පල්ලෙහායින් වෙන්නා වූ දේත් එපා. උඩින් ඇති වෙන, අවිද්‍යාව නිසා ඇති වෙන අර නිත්‍යයි කියලා ගන්න, ඒක ලෝභය නිසා ඇති වෙන්නා වූ දේ ඒකත් එපා. ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ කිව්වේ ඉතින් දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම කියලා. ඉතින් ඒ වචනේ ම තමයි ඔතන එන්නේ. ඊළඟට එනවා අර අභිනිවේසයේ කතාවේදි ඒක තමයි ද්වේෂ කතාව. එහෙම නම් මෙන්න මේ පාරවල් තුනෙන් කිසිම ආකාරයකින් මම මගේ සිත ඉදංසච්චයට ඇදෙන්න දෙන්නේ නෑ. එතකොට මේක තමයි උපසමාධිට්ඨානය කියන එකේ තියෙන්නේ. ඉතින් උපසමාධිට්ඨානයට ආවාට පස්සේ ඕඝය කියන එක නසනවා කියලා අපි දන්නවා. ඊළඟට තියෙන්නේ අර විමංසාව.

එතකොට විමංසාවේදි අර සල්ලය කියන එක නසනවා. ඒ කියන්නේ අර මෝහය නිසා කරකවන්න දෙන්නෙත් නෑ. කිසිම ආකාරයකින් ඒ ලෝභ දෝස මෝහ එපා කියලා, කිසිම ආකාරයකින් මේක කරකවන්න දෙන්නේ නැහැයි කියන එක එයාගේ තියෙනවා. විඤ්ඤාණයේ ස්ථිතියකට ඉඩ දෙන්නේ නෑ. කරකවලා ඇති කර ගන්නා වූ පිහිටීමකට ඉඩ දෙන්නේ නැහැ කියන එක.

දැන් ඊළඟට තියෙන්නේ සබ්බනිස්සග්ගය. ඉතින් ඒ සබ්බනිස්සග්ගය කෙනෙක් බලනකොට අපිට පේනවා ඕක තමයි අර සුඛභාගීය ධර්මය කියන එක. එතෙන්දි දැන් අපි, ඇහැ කන නාසය දිව ශරීරය මනස. එතකොට මුලින් ඇහැ කනින් වෙන්නා වූ දේ අර ඉන්ද්‍රිය සංවරය නිසා මුලින් නැති කරගත්තා. ඊට පස්සේ අර දෙවනි එකට ගත්තහම අර ඉද්ධිපාද 4ම භාවිතා කරලා අපි අර මුසාවාද, පරුෂා වාචවලින් වෙන්නා වූ දේ ඒක අයින් කරගන්නවා. එතකොට අර කාය සංස්කාරයන්ගේ නිරෝධය අපි මුලින් කතා වෙනවා, ඊට පස්සේ ගත්තහම තමන්ගේ වචී සංඛාරයන් වගේ ඒවායේ නිරෝධයට ආවා.

දැන් බොජ්ඣඞ්ගය ආවායින් පස්සෙ, තුන් වෙනි පාරේ තියෙන්නේ බොජ්ඣඞ්ගය. බොජ්ඣඞ්ගය නිසා අපි උපෙක්ඛාවකට පත් වෙලා තියෙනවා යම්කිසි ධ්‍යාන වශයෙන් ඒ සුඛයක් එහෙම තියෙනව ද, ඒකත් ගන්නේ නැහැයි කියලා.

දැන් ඊට පස්සේ හතර වෙනි පාර වෙනකොට දැන් ඉතින් අරූප ධ්‍යානයන්ගෙන් යම්කිසි දෙයක් තියෙනවා ද, ඒ කියන්නේ, මනසා ධම්මං විඤ්ඤාණං, කියන එකයි, අර ධම්ම ධාතුයි මනායතනයයි කිව්වෙ. මේක නිසා ඇති වෙන්නා වූ දෙයක් තියෙනවා ද මේකත් අපි පහ කරනවා කියන එක මෙතෙන්දි තියෙනවා. එතකොට මේක කළාට පස්සේ ඉතින් ඒකෙන් අර උපෙක්ඛාවෙන් අප්‍රමාණය. සියල්ල අතහැරීම කියන එක එතන කළා, කරලා උපෙක්ඛාවෙන් අප්‍රමාණය. ඒ කිසිම තැනක ඒ සිතේ පිහිටවීමක් කියන එක නෑ. ඉතින් මේ උපෙක්ඛා අප්‍රමාණය ඉතින් දිගින් දිගට ම යනවා නේ ඉතින් අප්පණිහිත චෙතො විමුක්තිය දක්වා ම ඉතින් ඕක ගමන් කරනවා, ඔතන මුළු දේ ම දුකයි කියලා දැනගෙන.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.